Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 11:31 - Sinhala Revised Old Version

31 නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට දෙන දේශයට ඇතුල්වී එය හිමිකරගන්න පිණිස නුඹලා යොර්දානෙන් එතරට යන්ට සිටිනහුය, නුඹලා ඒක හිමිකරගෙන එහි වාසය කරන්නහුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

31 දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන දේශයට ඔබ ඇතුළු වී එය අයිති කරගන්නා පිණිස ඔබ ජොර්දාන් ගඟෙන් එතෙර වන්නහු ය. ඔබ ද එය අයිති කරගෙන එහි පදිංචි වන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

31 දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන දේශයට ඔබ ඇතුළු වී එය අයිති කරගන්නා පිණිස ඔබ ජොර්දාන් ගඟෙන් එතෙර වන්නහු ය. ඔබ ද එය අයිති කරගෙන එහි පදිංචි වන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 11:31
7 හුවමාරු යොමු  

නුඹලා කඳවුර මුළුල්ලෙහි ගොස් සෙනඟට කථාකර–හිමිකරගැනීමට නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට දෙන දේශය හිමිකරගන්න පිණිස ඇතුල්වීමට නුඹලා තව තුන් දවසකින් මේ යොර්දානෙන් එතරට යන නිසා කෑම සූදානම්කරගන්නය කියා අණකරන්නැයි කීවේය.


එම්බා, ඉශ්‍රායෙල්, අසන්න. දැන් නුඹ යොර්දානෙන් එතරවී, නුඹට වඩා මහත්වූ බලවත්වූ ජාතීන් පන්නා දමන්ටත්, අහස දක්වා පවුරු ඇති මහත් නුවරවල් අල්ලාගන්ටත්,


දේශය හිමිකර ගෙන එහි වාසයකරන්න. මක්නිසාද හිමිකරගැනීමට දේශය මා විසින් නුඹලාට දී තිබේ.


මා විසින් අද නුඹලා ඉදිරියෙහි තබන සියලු පනත්ද විනිශ්චයන්ද රක්ෂාකරන්ට බලාගන්න.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන දේශයට නුඹ පැමිණ ඒක හිමිකරගන එහි වාසයකරන විට, මා වටකර සිටින සියලු ජාතීන් මෙන් මා කෙරෙහි රජෙකු පත්කරගන්නෙමියි කීවොත්,


මෙසේ ඉශ්‍රායෙල්වරුන්ගේ පියවරුන්ට දෙන ලෙස ස්වාමීන්වහන්සේ දිවුළාවූ මුළු දේශය උන්වහන්සේ ඔවුන්ට දුන්සේක; ඔව්හු ඒක හිමිකරගෙන එහි විසුවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්