ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ද්විතීය නීතිය 10:5 - Sinhala Revised Old Version

මමද හැරී කන්දෙන් බැස, මා සෑදූ පෙට්ටියෙහි ඒ ලෑලි තැබීමි; ස්වාමීන්වහන්සේ මට අණකළ ලෙස ඒවා එහි තිබේ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මම ආපසු හැරී, කන්දෙන් බැස අවුත් මා සැදූ කරඬුව තුළ ඒවා දැමුවෙමි. උන් වහන්සේ මට අණ කළ පරිදි ඒවා අද දක්වා එහි ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මම ආපසු හැරී, කන්දෙන් බැස අවුත් මා සැදූ කරඬුව තුළ ඒවා දැමුවෙමි. උන් වහන්සේ මට අණ කළ පරිදි ඒවා අද දක්වා එහි ඇත.

පරිච්ඡේදය බලන්න



ද්විතීය නීතිය 10:5
10 හුවමාරු යොමු  

මා විසින් නුඹට දෙන සාක්ෂිය පෙට්ටියෙහි තබන්න.


කරුණාසනය පෙට්ටිය පිට ඉහළින් තබන්න; මා විසින් නුඹට දෙන සාක්ෂිය පෙට්ටියෙහි තබන්න.


එවිට මෝසෙස් හැරී තමන් අතින් සාක්ෂියේ ලෑලි දෙක රැගෙන කන්දෙන් බැස්සේය; ඒ ලෑලිවල දෙපැත්තේ ලියා තිබුණේය; ඒවායේ එක පැත්තකද අනික් පැත්තේද ලියා තිබුණේය.


ඔහු දාවල් සතළිසක්ද රෑ සතළිසක්ද කෑම නොකා වතුර නොබී එහි ස්වාමීන්වහන්සේ සමඟ සිටියේය. උන්වහන්සේ ගිවිසුමේ වචන වන ආඥා දසය ලෑලිවල ලියා දුන්සේක.


තවද මෝසෙස් සාක්ෂියේ ලෑලි දෙක තමාගේ අතින් ගෙන සීනයි කන්දෙන් බැස්සේය, නුමුත් උන්වහන්සේ මෝසෙස් සමඟ කථාකිරීම කරණකොටගෙන ඔහුගේ මුහුණේ සමෙන් රශ්මි විහිදෙන බව කන්දෙන් බැස්ස කල ඔහු නොදැන සිටියේය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඔහු සාක්ෂිය පෙට්ටියෙහි තබා, පෙට්ටියට පොලුද පෙට්ටිය උඩ කරුණාසනයද තබා,


එවිට නුඹ බිඳ දැමූ පළමු ලෑලිවල තිබුණ වචන ඒ ලෑලිවල ලියන්නෙමි, නුඹ ඒවා පෙට්ටියෙහි තබන්නැයි කීසේක.


එවිට මම හැරී කන්දෙන් බැස්සෙමි, කන්ද ගින්නෙන් ඇවුළුණේය. ගිවිසුමේ ලෑලි දෙක මාගේ දෑතෙහි තිබුණේය.


යොර්දාන් මැද ගිවිසුම් පෙට්ටිය ගෙනගිය පූජකයන්ගේ පාද තිබුණු තැනද යෝෂුවා ගල් දොළසක් තැබුවේය. ඒවා අද දක්වා එහි තිබේ.