Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 4:9 - Sinhala Revised Old Version

9 යොර්දාන් මැද ගිවිසුම් පෙට්ටිය ගෙනගිය පූජකයන්ගේ පාද තිබුණු තැනද යෝෂුවා ගල් දොළසක් තැබුවේය. ඒවා අද දක්වා එහි තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 ජොර්දාන් ගඟ මැද ගිවිසුම් කරඬුව ගෙන ගිය පූජකවරුන් පය ගැසූ ස්ථානයෙහි ද ජෝෂුවා ගල් දොළොසක් තැබී ය. ඒවා අද දක්වා එහි තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 ජොර්දාන් ගඟ මැද ගිවිසුම් කරඬුව ගෙන ගිය පූජකවරුන් පය ගැසූ ස්ථානයෙහි ද ජෝෂුවා ගල් දොළොසක් තැබී ය. ඒවා අද දක්වා එහි තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 4:9
16 හුවමාරු යොමු  

එවිට සාමුවෙල් ගලක් ගෙන මිශ්පාටත් ෂේන්ටත් අතරේ තබා: මෙතැන් දක්වා ස්වාමීන්වහන්සේ අපට පිහිටවූසේකැයි කියමින්, ඊට එබෙන්-එසෙර් යන නම තැබුවේය.


පොලු දිග බැවින් පොලුවල කෙළවරවල් ගිවිසුම් පෙට්ටියෙන් පිට දේව වාක්‍යස්ථානය ඉදිරියෙහි පෙනුණේය; නුමුත් ඒවා පිටතට පෙනුණේ නැත. ඒවා අද දක්වාම එහි තිබේ.


බෙයේරොත්වරු ගිත්තායිම්ට පලාගොස් අද දක්වා එහි විදේශියෝව සිටිති.)


තවද ඔහු මේ කාරණය එදා පටන් අද දක්වා ඉශ්‍රායෙල් කෙරෙහි පනතක් හා නියෝගයක් කොට නියමකෙළේය.


ඒ මනුෂ්‍යයා හිත්තීවරුන්ගේ දේශයට ගොස් නුවරක් ගොඩනගා ඊට ලූස් යන නම තැබුවේය. අද දවස දක්වා එහි නම ඒකය.


යෝෂුවා මේ වචන දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථා පොතෙහි ලියා, මහත් ගලක් රැගෙන එය ස්වාමීන්වහන්සේගේ ශුද්ධස්ථානය ළඟ තිබුණු අලෝන ගස යට පිහිටුවා,


උන්වහන්සේ ඔහු මෝවබ් දේශයේ බෙත්-පෙයෝර් ඉදිරිපිට තිබෙන මිටියාවතේ තැන්පත්කළසේක; නුමුත් කිසි මනුෂ්‍යයෙක් අද දක්වා ඔහුගේ සොහොන්පළ නොදනියි.


ඒ මැණික් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ නම් ගණන ලෙස දොළසක්ව, ගෝත්‍ර දොළසේ හැටියට එකිනෙකාගේ නාමය මුද්‍රාවක කැටයම් ලෙස එහි කැටයම්කර තිබිය යුතුය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කියනසේක්: මා ළඟට කන්දට නැගී ඇවිත් මෙහි සිටින්න. නුඹ ඔවුන්ට උගන්වන පිණිස මා ලියූ ගල්ලෑලිද ව්‍යවස්ථාවද ආඥාවද නුඹට දෙන්නෙමියි කීසේක.


යාකොබ් අලුයම නැගිට තමාගේ හිසට තබනලද ගල රැගෙන කණුවක් කොට සිටුවා එහි මුදුනේ තෙල් වත්කොට,


ඔහු ඊට ෂීබා යන නම තැබීය. එබැවින් ඒ නුවර නම අද දක්වා බෙයර්-ෂෙබාය.


ඔව්හු මිල රැගෙන තමුන්ට ඉගැන්නූ ලෙස කළෝය. මෙසේ ඒ කීම යුදෙව්වරුන් අතරේ ප්‍රසිද්ධව, අද දක්වා පවත්නේය.


එහෙයින් අද දක්වා ඒ පිට්ටනියට ලේ පිට්ටනියයයි කියති.


නුඹේ නාමය ඉශ්‍රායෙල් වන්නේය යන ස්වාමීන්වහන්සේගේ වචනය ලැබූ යාකොබ්ගේ පුත්‍රයන්ගේ ගෝත්‍රවල ගණන ලෙස ගල් දොළොසක් රැගෙන,


මෝසෙස් විසින් යෝෂුවාට අණකළ සියල්ල ලෙස සෙනඟට කියන්ට ස්වාමීන්වහන්සේ යෝෂුවාට අණකළ සියලු දෙය කෙළවර වන තෙක් ගිවිසුම් පෙට්ටිය ගෙනගිය පූජකයෝ යොර්දාන මැද නැවතී සිටියෝය. සෙනඟද ඉක්මන් කර මෙතරට ආවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්