Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 34:29 - Sinhala Revised Old Version

29 තවද මෝසෙස් සාක්ෂියේ ලෑලි දෙක තමාගේ අතින් ගෙන සීනයි කන්දෙන් බැස්සේය, නුමුත් උන්වහන්සේ මෝසෙස් සමඟ කථාකිරීම කරණකොටගෙන ඔහුගේ මුහුණේ සමෙන් රශ්මි විහිදෙන බව කන්දෙන් බැස්ස කල ඔහු නොදැන සිටියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 මෝසෙස් සාක්ෂි ගල් පුවරු දෙක තම අතේ තබාගෙන කන්දෙන් බැස්සේ ය. එහෙත්, සමිඳාණන් වහන්සේ සමඟ කතා කිරීම නිසා තම මුහුණ බැබළෙමින් තිබුණ බව ඔහු කන්දෙන් බැස එන කල නොදැන සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

29 මෝසෙස් සාක්ෂි ගල් පුවරු දෙක තම අතේ තබාගෙන කන්දෙන් බැස්සේ ය. එහෙත්, සමිඳාණන් වහන්සේ සමඟ කතා කිරීම නිසා තම මුහුණ බැබළෙමින් තිබුණ බව ඔහු කන්දෙන් බැස එන කල නොදැන සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 34:29
22 හුවමාරු යොමු  

උන්වහන්සේ ඔවුන් ඉදිරියෙහි අන්වෙසක්වූසේක. උන්වහන්සේගේ මුහුණ සූර්යයා මෙන් බැබළුවේය, උන්වහන්සේගේ වස්ත්‍රද ආලෝකය මෙන් සුදුවූයේය.


උන්වහන්සේ යාච්ඤාකරද්දී උන්වහන්සේගේ මුහුණේ ආකාරය වෙනස්විය. උන්වහන්සේගේ වස්ත්‍ර සුදුව බැබළුණේය.


එවිට මෝසෙස් හැරී තමන් අතින් සාක්ෂියේ ලෑලි දෙක රැගෙන කන්දෙන් බැස්සේය; ඒ ලෑලිවල දෙපැත්තේ ලියා තිබුණේය; ඒවායේ එක පැත්තකද අනික් පැත්තේද ලියා තිබුණේය.


උන්වහන්සේ ස්වකීය දකුණතෙහි තාරකා සතක් ඇතුව සිටිසේක. උන්වහන්සේගේ මුඛයෙන් දෙමුවහත් තියුණු කඩුවක් නික්මුණේය. උන්වහන්සේගේ මුහුණ තදින් බබළන සූර්යයා මෙන්ය.


පහවීයන්නාවූ දෙයේ අවසානය දෙස ඉශ්‍රායෙල් පුත්‍රයන් ඇස් හෙළාගන නොසිටින පිණිස මෝසෙස් තමාගේ මුහුණේ වැස්මක් දමාගත් ලෙස අපි නොකරමුව.


තවත් බලවත් දේවදූතයෙක් වලාකුළක් පැළඳගෙන, තමාගේ හිසේ දේදුන්නක් ඇතුව, ස්වර්ගයෙන් බසිනවා දුටිමි; ඔහුගේ මුහුණ ඉර මෙන්ද ඔහුගේ කකුල් ගිනි කණු මෙන්ද විය;


මන්ත්‍රණ සභාවේ ඉඳගන උන් සියල්ලෝම ඔහු දෙස ඇස් හෙළා සිටියදී, ඔහුගේ මුහුණ දේවදූතයෙකුගේ මුහුණ මෙන් ඔවුන්ට පෙනුණේය.


ඒ ස්ථානයේ සමූහයක් සිටි බැවින් යේසුස්වහන්සේ අහක්ව ගොස් සිටිසේක; එබැවින් සුවකරනු ලැබූ මනුෂ්‍යයා උන්වහන්සේ කවුද කියා දැන නොගත්තේය.


දූතයා විසින් කරනලද දේ ඇත්තක් බව ඔහු නොදැන, තමා දර්ශනයක් දකින්නේයයි සිතුවේය.


පාවුල්ද: සහෝදරයෙනි, ඔහු උත්තම පූජකයා බව මම නොදැන සිටියෙමි. මක්නිසාද–නුඹේ සෙනඟගේ අධිපතියෙකු ගැන අගුණ නොකියන්නැයි ලියා තිබේයයි කීවේය.


එවිට උන්වහන්සේ: නුඹලා මා සෙවුවේ මක්නිසාද? මාගේ පියාණන්වහන්සේගේ ගෘහයෙහි මා සිටින්ට ඕනෑ බව නුඹලා දැන සිටියේ නැද්දැයි ඔවුන්ට කීසේක.


මක්නිසාද ඔවුන් ඉතා භයපත්වූ බැවින්, කිය යුතු දේ කුමක්දැයි ඔහු නොදැන සිටියේය.


ඈද: සම්සොන්, පිලිස්තිවරු නුඹ අල්ලන්ට එත්යයි කීවාය. එවිට ඔහු නින්දෙන් පිබිද, ස්වාමීන්වහන්සේ තමා කෙරෙන් අහක්ව ගිය බව නොදැන, වෙන වතාවලදී මෙන් පිටතට ගොස් බැඳුම්වලින් නිදහස්වන්නෙමියි කීවේය.


තවද හායි රජු එය දුටු කල ඔහු සහ නුවර මනුෂ්‍යයෝ වන ඔහුගේ මුළු සෙනඟත් ඉක්මන්කර අලුයම නැගිට, ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධකරන්ට අරබා සමභූමිය ඉදිරිපිට නියම ස්ථානයට පිටත්ව ගියෝය; එහෙත් නුවරට එහායින් තමාට විරුද්ධව සමූහයක් සැඟවී ඉන්න බව ඔහු නොදැන සිටියේය.


ඒ ස්ත්‍රී ඒ මිනිසුන් දෙදෙනා අඬගහගන ගොස් සැඟෙවුවාය; තවද ඈ කථාකොට: එසේය, ඒ මනුෂ්‍යයෝ මා වෙතට ආවෝය, නුමුත් ඔවුන් කොතැනින් ආවාද කියා නොදැන සිටියෙමි.


උන්වහන්සේ නැවත හැරී ඇවිත්, ඔවුන් නිදාඉන්නවා දුටුසේක, මක්නිසාද ඔවුන්ගේ ඇස් ඉතා නිදිබරව තිබුණේය; උන්වහන්සේට මොන උත්තරයක් දෙන්ටදැයි ඔව්හු නොදැන සිටියෝය.


ඉශ්‍රායෙල් පුත්‍රයෝ ඒ දැක කිමෙක්දැයි නොදැන: මේ මොනවාදැයි එකිනෙකාට කීවෝය. එවිට මෝසෙස්: මේ වනාහි කෑම පිණිස ස්වාමීන්වහන්සේ නුඹලාට දුන් රොටිය.


උන්වහන්සේ සීනයි කන්ද පිටදී මෝසෙස් සමඟ කථාකර කෙළවරවූ කල දෙවියන්වහන්සේගේ ඇඟිල්ලෙන් ලියනලද ගල්ලෑලිවූ සාක්ෂියේ ලෑලි දෙක ඔහුට දුන්සේක.


මමද හැරී කන්දෙන් බැස, මා සෑදූ පෙට්ටියෙහි ඒ ලෑලි තැබීමි; ස්වාමීන්වහන්සේ මට අණකළ ලෙස ඒවා එහි තිබේ.


ප්‍රඥාවන්තයාට සමාන කවරෙක්ද? කාරණයක අර්ථය දන්නේ කවුද? මනුෂ්‍යයෙකුගේ ප්‍රඥාව නිසා ඔහුගේ මුහුණ පැහැපත්වන්නේය, ඔහුගේ මුහුණේ රළුකමද වෙනස්වන්නේය.


ඉශ්‍රායෙල් පුත්‍රයෝද මෝසෙස්ගේ මුහුණ බැලූ විට මෝසෙස්ගේ මුහුණේ සමෙන් රශ්මි විහිදෙන බව දුටුවෝය. මෝසෙස්ද උන්වහන්සේ සමඟ කථාකරන්ට ඇතුල්වන තෙක් නැවත තමාගේ මුහුණේ වැස්ම තබාගත්තේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්