නුඹලාගේ සහෝදරයන්ට පමණක් ආචාරකරනවානම් නුඹලා අනුන්ට වඩා කුමක් කරන්නහුද? අන්‍ය ජාතීහු පවා එසේ නොකරද්ද?
තීතස් 3:15 - Sinhala Revised Old Version මා සමඟ සිටින සියල්ලෝම නුඹට ආචාරකරති. ඇදහිල්ලෙහි අපට ප්‍රේමකරන්නන්ට ආචාරකරන්න. අනුග්‍රහය නුඹලා සියල්ලන් සමඟ වේවා. Sinhala New Revised Version මා සමඟ සිටින සියල්ලෝ ඔබට ආචාර කරති. ඇදහිල්ලෙහි අපගේ හිත මිතුරන් වන අයට ආචාර කරන්න. කරුණාව ඔබ සියල්ලන් සමඟ වේ වා! සිංහල කාලීන පරිවර්තනය මා සමඟ සිටින සියල්ලෝ ඔබට ආචාර කරති. ඇදහිල්ලේ පැවත, අපට ප්‍රේම කරන අයට ආචාර කරන්න. අනුග්‍රහය ඔබ හැම සමඟ වේවා! Sinhala New Revised Version 2018 මා සමඟ සිටින සියල්ලෝ ඔබට ආචාර කරති. ඇදහිල්ලෙහි අපගේ හිත මිතුරන් වන අයට ආචාර කරන්න. කරුණාව ඔබ සියල්ලන් සමඟ වේ වා! |
නුඹලාගේ සහෝදරයන්ට පමණක් ආචාරකරනවානම් නුඹලා අනුන්ට වඩා කුමක් කරන්නහුද? අන්‍ය ජාතීහු පවා එසේ නොකරද්ද?
මටත් මා සමඟ සිටියවුන්ටත් වුවමනාවූ දේ සපයාගැනීමට මේ අත්වලින් වැඩකළ බව නුඹලාම දන්නහුය.
මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ප්‍රේමය කරණකොටගෙන ක්‍රියාකරන ඇදහිල්ලෙන් මිස, චර්මඡේද්‍යයෙන්වත් අචර්මඡේද්‍යයෙන්වත් ප්‍රයෝජනයක් නැත.
පාවුල් නම්වූ මාගේම අතින් ලියන ආචාරයය. මාගේ බැඳුම් සිහිකරන්න. අනුග්‍රහය නුඹලා සමඟ වේවා.
ඇදහිල්ලෙහි මාගේ සැබෑ දරුවාවූ තිමෝතියස්ට ලියා එවන වග නම්: පියවූ දෙවියන්වහන්සේගෙන්ද අපගේ ස්වාමිවූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේගෙන්ද කරුණාවත් දයාවත් සමාදානයත් වේවා.
ආඥාවේ අභිප්‍රාය නම් පිරිසිදු සිතකිනුත් යහපත් හෘදයසාක්ෂියකිනුත් සැබෑ අවංකවූ ඇදහිල්ලෙනුත් නික්මෙන ප්‍රේමයය.
නුඹ තුළ පවතින සියලු යහපත් දේ ගැන දැනගැනීමෙන් නුඹේ ඇදහිල්ලේ හවුල්කාරකම ක්‍රිස්තුස්වහන්සේ උදෙසා බලවත්වන පිණිස,