Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ෆිලෙමොන් 1:5 - Sinhala Revised Old Version

5 නුඹ තුළ පවතින සියලු යහපත් දේ ගැන දැනගැනීමෙන් නුඹේ ඇදහිල්ලේ හවුල්කාරකම ක්‍රිස්තුස්වහන්සේ උදෙසා බලවත්වන පිණිස,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 එසේ කරන්නේ ස්වාමීන් වන ජේසුස් වහන්සේ කෙරෙහි ද, සියලු සැදැහැවතුන් කෙරෙහි ද ඇති ඔබේ ප්‍රේමයත්, ඇදහිල්ලත් ගැන මා අසා තිබෙන බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

5 යේසුස්වහන්සේ වෙත හා සියලු ශුද්ධවන්තයින් වෙත ඇති ඔබගේ ප්‍රේමය හා ඇදහිල්ල ගැන මට අසන්නට ලැබෙන බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 එසේ කරන්නේ ස්වාමීන් වන ජේසුස් වහන්සේ කෙරෙහි ද, සියලු සැදැහැවතුන් කෙරෙහි ද ඇති ඔබේ ප්‍රේමයත්, ඇදහිල්ලත් ගැන මා අසා තිබෙන බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ෆිලෙමොන් 1:5
13 හුවමාරු යොමු  

අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට අපි ස්තුතිකර, නිතරම නුඹලා ගැන යාච්ඤාකරමුව.


මේ නිසා මමත් ස්වාමිවූ යේසුස්වහන්සේ තුළ නුඹලා අතරේ ඇත්තාවූ, නුඹලා සියලු ශුද්ධවන්තයන්ට දක්වන්නාවූ ඇදහිල්ල ගැන අසා, නුඹලා මාගේ යාච්ඤාවලදී සඳහන්කරමින්,


ශුද්ධවන්තයන් උදෙසා සම්මාදම්කිරීම ගැන, ගලාතියේ සභාවලට මා නියමකළ ලෙස නුඹලාත් කරන්න.


පොළොවේ සිටින ශුද්ධවන්තයෝ වනාහි මාගේ මුළු ප්‍රීතිය උපදවන උත්තමයෝය.


උන්වහන්සේගේ ආඥාව නම් උන්වහන්සේගේ පුත්‍රවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය කෙරෙහි ඇදහීමත් උන්වහන්සේ අපට ආඥාකළ ලෙස එකිනෙකාට ප්‍රේමකිරීමත්ය.


මක්නිසාද සහෝදරය, නුඹ කරණකොටගෙන ශුද්ධවන්තයන්ගේ සිත් ප්‍රාණවත්කරනු ලබන බැවින් නුඹේ ප්‍රේමය නිසා බොහෝ සන්තෝෂයද සැනසිල්ලද මට ලැබුණේය.


මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ප්‍රේමය කරණකොටගෙන ක්‍රියාකරන ඇදහිල්ලෙන් මිස, චර්මඡේද්‍යයෙන්වත් අචර්මඡේද්‍යයෙන්වත් ප්‍රයෝජනයක් නැත.


ශුද්ධවන්තයන්ගේ ඕනෑකම්වලදී උපකාරකරන්න; ආගන්තුක සත්කාරයට ලැදිව සිටින්න.


දෙවියන්වහන්සේ කෙරෙහි පසුතැවිල්ලත් අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලත් ගැන යුදෙව්වරුන්ට හා ග්‍රීක්වරුන්ට සාක්ෂිදුනිමි.


දැන් තිමෝතියස් නුඹලා වෙතින් අප ළඟට ඇවිත්, නුඹලාගේ ඇදහිල්ලත් ප්‍රේමයත් නිතරම නුඹලා අප හොඳාකාර සිහිපත්කරමින්, අප නුඹලා දකින්ට ආශාවෙන් සිටින්නාක්මෙන්ම අප දකින්ට නුඹලාත් ආශාවෙන් සිටින බවත් යන යහපත් ආරංචි අපට දැන්වූ කල,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්