ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ජොයෙල් 2:20 - Sinhala Revised Old Version

මම උතුරු හමුදාව නුඹලා වෙතින් ඈත්කර, ඔවුන් නිසරු පාළු දේශයකටත්, ඔවුන්ගේ ඉස්සරහ කොටස නැගෙනහිර මුහුදටත්, පසු කොටස බස්නාහිර මුහුදටත් පන්නාදමන්නෙමි; මෙසේ ඔවුන් උඩඟුකම්කළ බැවින්, ඔවුන් ගඳගසා, ඔවුන්ගේ දුර්ගන්ධය නගින්නේයයි කියනවා ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මම උතුරු හමුදාව නුඹලා වෙතින් ඈත් කර, ඔවුන් නිසරු, පාළු දේශයකට පලවා හරිමි. පෙරමුණෙහි සේනා මළ මුහුදටත් පසුපස සේනා මධ්‍යධරණි මුහුදටත් පලවා හරිමි. ඔවුන් කළ අහංකාරී ක්‍රියා නිසා ඔවුන්ගේ මළකඳන්වලින් දුගඳ පැතිරී යනු ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මම උතුරු හමුදාව නුඹලා වෙතින් ඈත් කර, ඔවුන් නිසරු, පාළු දේශයකට පලවා හරිමි. පෙරමුණෙහි සේනා මළ මුහුදටත් පසුපස සේනා මධ්‍යධරණි මුහුදටත් පලවා හරිමි. ඔවුන් කළ අහංකාරී ක්‍රියා නිසා ඔවුන්ගේ මළකඳන්වලින් දුගඳ පැතිරී යනු ඇත.

පරිච්ඡේදය බලන්න



ජොයෙල් 2:20
15 හුවමාරු යොමු  

හසායෙල්ද: බල්ලෙක් වැනිවූ ඔබගේ මෙහෙකරුවා විසින් ඒ බරපතළ දේ කරන්ට ඔහු කවුදැයි කීවේය. එලිෂා: නුඹ සිරිය කෙරෙහි රජ වෙන බව ස්වාමීන්වහන්සේ මට පෙන්වා තිබේයයි කීවේය.


ස්වාමීන්වහන්සේ අප උදෙසා මහත් දේ කළසේක; එබැවින් අපි සන්තෝෂවෙමුව.


ස්වාමීන්වහන්සේ ඉතා බලවත් හුළඟක් බස්නාහිරින් හැමවූසේක, පළඟැටියෝ ගහගන ගොස්, රතු මුහුදේ හෙළන ලද්දෝය; මිසරයේ මුළු සීමාව තුළ එක පළඟැටියෙක්වත් ඉතුරුනොවීය.


ඔව්හු උන් එකතුකොට ගොඩවල් ගැසුවෝය. දේශයද දුර්ගන්ධවිය.


ඔවුන් අතරෙන් මැරුම්කෑ අය අහක දමනු ලබන්නෝය, ඔවුන්ගේ මළකඳන් ගඳගසන්නේය, කඳු ඔවුන්ගේ ලෙයින් දියවන්නේය.


නැගෙනහිර පැත්ත වනාහි හවුරාන්ටත් දමස්කයටත් ගිලියද්ටත් ඉශ්‍රායෙල් දේශයටත් අතරේ යොර්දාන වන්නේය; උතුරු සීමාවේ පටන් නැගෙනහිර මුහුද දක්වා මනින්න. ඒක නැගෙනහිර පැත්තය.


මිසරයට ඇරියාක්මෙන් නුඹලා අතරට වසංගතය එවීමි. නුඹලාගේ තරුණයන් කඩුවෙන් මරාදැමීමි, නුඹලාගේ අශ්වයන්ද අල්ලාගෙනගියෙමි; නුඹලාගේ කඳවුරේ සේනාවල දුර්ගන්ධය නුඹලාගේ නාස්වලට වදින්ටත් සැලැස්වීමි. එහෙත් නුඹලා මා වෙතට හැරී නාවහුයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


ඒ කාලයෙහි ජීවමාන වතුර යෙරුසලමෙන් නික්ම, එයින් කොටසක් නැගෙනහිර මුහුදටත් කොටසක් බස්නාහිර මුහුදටත් ගලායනවා ඇත. ග්‍රීෂ්ම කාලයෙත් ශීත කාලයෙත් එසේ වන්නේය.


නුඹලාගේ භූමියේ ඵල නාස්ති නොකරන ලෙස, ඒවා කාදමන්නාට නුඹලා උදෙසා තර්ජනකරන්නෙමි; කෙතේ නුඹලාගේ මිදිවැලත් අකාලයේ එහි ඵල නොහෙළන්නේයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


නුඹලාගේ පා තබන සියලු තැන් නුඹලාට වන්නේය. නුඹලාගේ සීමාව කාන්තාරය හා ලෙබනොන් සිට ප්‍රාත් ගඟ පටන් පිටුපස මුහුද දක්වාම වන්නේය.