Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 8:13 - Sinhala Revised Old Version

13 හසායෙල්ද: බල්ලෙක් වැනිවූ ඔබගේ මෙහෙකරුවා විසින් ඒ බරපතළ දේ කරන්ට ඔහු කවුදැයි කීවේය. එලිෂා: නුඹ සිරිය කෙරෙහි රජ වෙන බව ස්වාමීන්වහන්සේ මට පෙන්වා තිබේයයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 හසායෙල් ද කතා කොට, “බල්ලෙකු වැනි ඔබේ මෙහෙකරු මා ඒ බරපතල දේ කරන්නට ඔහු කවරෙක් දැ”යි ඇසී ය. එලිෂා කතා කොට, “ඔබ සිරියාවේ රජ වන බව සමිඳාණන් වහන්සේ මට පෙන්වා තිබේ ය”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 හසායෙල් ද කතා කොට, “බල්ලෙකු වැනි ඔබේ මෙහෙකරු මා ඒ බරපතල දේ කරන්නට ඔහු කවරෙක් දැ”යි ඇසී ය. එලිෂා කතා කොට, “ඔබ සිරියාවේ රජ වන බව සමිඳාණන් වහන්සේ මට පෙන්වා තිබේ ය”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 8:13
14 හුවමාරු යොමු  

පිලිස්තියයා දාවිත්ට කථාකොට: තෝ සැරයටි රැගෙන මා ළඟට එන්නේ මම බල්ලෙක්දැයි කියා, තමාගේ දෙවියන්ගේ නාමයෙන් දාවිත්ට දෙස්කීවේය.


ස්වාමීන්වහන්සේ ඔහුට කථාකොට: යන්න, නුඹ දමස්කයේ කාන්තාර මාර්ගයෙන් හැරී එන විට හසායෙල් සිරිය රට කෙරෙහි රජකමට ආලේපකරන්න.


ඔහු වැඳ කථාකොට: ඔබ විසින් මා වැනි මළ බල්ලෙකු සැලකීමට ඔබගේ මෙහෙකරුවා කවුදැයි කීවේය.


ශුද්ධ දේ බල්ලන්ට නොදෙන්න, නුඹලාගේ මුතු ඌරන් ඉදිරියෙහි නොදමන්න, සමහරවිට උන් ඒවා පයින් පාගා හැරී නුඹලා ඉරාදමන්ට පුළුවන.


තමුන්ගේ යහන්වලදී අපරාධ යොදා නපුර පිළියෙළකරන්නන්ට දුක්වේ! පසුවදා එළිවෙන කොට ඔවුන්ගේ අතට බලය ලැබෙන නිසා ඔව්හු ඒක ඉෂ්ටකරති.


මාගේ ප්‍රාණය කඩුවෙන්ද මාගේ ප්‍රිය ප්‍රාණය බල්ලාගේ බලයෙන්ද මිදුව මැනව.


මක්නිසාද බල්ලෝ මා වටකළෝය. නපුරන් රැළ මා වටලා ගත්තුය; ඔව්හු මාගේ අත්පා සිදුරුකළෝය.


එලිෂාද: නුඹ ගොස්-සැබවින් ඔබට සුවවන්නේයයි ඔහුට කියන්න; නුමුත් ඔහු සැබවින් නසින බව ස්වාමීන්වහන්සේ මට පෙන්වා තිබේයයි ඔහුට කීවේය.


පිටත සිටින්නෝ නම් බල්ලෝද මායම්කාරයෝද වේශ්‍යාකම්කරන්නෝද මිනීමරන්නෝද රූප වඳින්නෝද බොරුවකට ප්‍රියවන්නාවූ, එය කරන්නාවූ සියල්ලෝද වෙති.


බල්ලන්ගෙන් ප්‍රවේසම්වෙන්න, නපුරු ක්‍රියාකාරයන්ගෙන් ප්‍රවේසම්වෙන්න. ඡේද්‍යකරන්නන්ගෙන් ප්‍රවේසම්වෙන්න.


සියල්ලට වඩා සිත රැවටිලිකාරව තිබේ, ඒක දුෂ්ටවම තිබේ. ඒක කාට දැනගන්ට පුළුවන්ද?


සිරියේ රජවූ හසායෙල් යෙහෝවාහාස්ගේ මුළු කාලයෙහි ඉශ්‍රායෙල්වරුන්ට පීඩාකෙළේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්