Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ජොයෙල් 2:20 - Sinhala New Revised Version

20 මම උතුරු හමුදාව නුඹලා වෙතින් ඈත් කර, ඔවුන් නිසරු, පාළු දේශයකට පලවා හරිමි. පෙරමුණෙහි සේනා මළ මුහුදටත් පසුපස සේනා මධ්‍යධරණි මුහුදටත් පලවා හරිමි. ඔවුන් කළ අහංකාරී ක්‍රියා නිසා ඔවුන්ගේ මළකඳන්වලින් දුගඳ පැතිරී යනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 මම උතුරු හමුදාව නුඹලා වෙතින් ඈත් කර, ඔවුන් නිසරු, පාළු දේශයකට පලවා හරිමි. පෙරමුණෙහි සේනා මළ මුහුදටත් පසුපස සේනා මධ්‍යධරණි මුහුදටත් පලවා හරිමි. ඔවුන් කළ අහංකාරී ක්‍රියා නිසා ඔවුන්ගේ මළකඳන්වලින් දුගඳ පැතිරී යනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

20 මම උතුරු හමුදාව නුඹලා වෙතින් ඈත්කර, ඔවුන් නිසරු පාළු දේශයකටත්, ඔවුන්ගේ ඉස්සරහ කොටස නැගෙනහිර මුහුදටත්, පසු කොටස බස්නාහිර මුහුදටත් පන්නාදමන්නෙමි; මෙසේ ඔවුන් උඩඟුකම්කළ බැවින්, ඔවුන් ගඳගසා, ඔවුන්ගේ දුර්ගන්ධය නගින්නේයයි කියනවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ජොයෙල් 2:20
15 හුවමාරු යොමු  

ඒ කාලයේ දී පිරිසිදු වතුර ජෙරුසලමෙන් ගලා අවුත් එයින් භාගයක් මළ මුහුදටත්, ඉතිරි කොටස මධ්‍යධරණි මුහුදටත් ගලා යන්නේ ය. අවුරුද්ද මුළුල්ලේ ඒ වතුර ගලන්නේ ය.


“මා මිසර දේශයේ ඇති කළ වසංගතයට සමාන වසංගතයක් නුඹලා අතරේ ද ඇති කෙළෙමි; නුඹලාගේ තරුණයන් ද කඩුවෙන් මරාදමා, නුඹලාගේ අශ්වයන් පැහැරගෙන ගියෙමි; කඳවුරුවල දුර්ගන්ධයෙන් නුඹලාගේ නාස් පුඩු පිරෙව්වෙමි. එහෙත්, නුඹලා මා වෙත හැරී නාවහු ය”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.


ඔවුන් අතරෙන් මැරුම් කෑ අය ඉවත දමනු ලබන්නෝ ය. ඔවුන්ගේ මළකඳන් ගඳ ගසන්නේ ය. කඳුවලින් ඔවුන්ගේ ලේ වෑස්සෙන්නේ ය.


ඔබ පස් පාගන හැම තැනක් ම ඔබට අයිති වනු ඇත. පාළුකරයේ සිට ලෙබනොන් දේශය දක්වා ද, යුප්‍රටීස් ගංගාවේ සිට මධ්‍යධරණි මුහුද දක්වා ද දේශය ඔබේ වන්නේ ය.


“දමස්කයටත්, ගිලියද්ටත් අතර පිහිටි නැගෙනහිර පැත්තේ හවුරාන් දක්වා සීමාවටත්, ඉශ්රායෙල් දේශයටත් අතරේ ජොර්දාන ගඟ ඔස්සේ වන්නේ ය. උතුරු සීමාවේ පටන් නැගෙනහිර මුහුද දක්වා මනින්න. ඒක නැගෙනහිර පැත්ත වේ.


සමිඳාණන් වහන්සේ අපරදිගින් වේගවත් සුළඟක් හමන්නට සැලැසූ සේක. එය පළඟැටියන් ගසාගෙන ගොස් උන් රතු මුහුදට දැමී ය. ඉන්පසු මිසර දේශය පුරා එක පළඟැටියෙක් වත් ඉතිරි නො වී ය.


හසායෙල් ද කතා කොට, “බල්ලෙකු වැනි ඔබේ මෙහෙකරු මා ඒ බරපතල දේ කරන්නට ඔහු කවරෙක් දැ”යි ඇසී ය. එලිෂා කතා කොට, “ඔබ සිරියාවේ රජ වන බව සමිඳාණන් වහන්සේ මට පෙන්වා තිබේ ය”යි කී ය.


උන් එකතු කොට ගොඩගැසූ කල මුළු රට ම දුගඳ විය.


සමිඳාණෝ අප උදෙසා ඉමහත් දේ කළ සේක; එබැවින් අපි සන්තෝෂ වමු.


ගොයම් මැස්සන්ගෙන් නුඹලාගේ ගොයම් විනාශ වන්න මම ඉඩ නොදෙමි. නුඹලාගේ මිදි වැලේ පලදාවත් සාරවන්නේ ය”යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්