නුමුත් දැන් ඔහු මැරුණායින් පසු කුමට නිරාහාරව සිටිම්ද? ඔහු නැවත ගෙන්වාගන්ට මට පුළුවන්ද? මා ඔහු ළඟට යනවා මිස ඔහු මා ළඟට හැරී එන්නේ නැතැයි කීය.
යෝබ් 7:9 - Sinhala Revised Old Version වලාකුළ නැතිවී නොපෙනී යන්නාසේම ෂෙයෝලට බසින අය තවත් නැගීනොඑන්නේය. Sinhala New Revised Version නැති වී නොපෙනී යන වලාකුළක් විලසින් පාතාලයට බැස යන මිනිසා ආපසු නැඟී නොඑයි. Sinhala New Revised Version 2018 නැති වී නොපෙනී යන වලාකුළක් විලසින් පාතාලයට බැස යන මිනිසා ආපසු නැඟී නොඑයි. |
නුමුත් දැන් ඔහු මැරුණායින් පසු කුමට නිරාහාරව සිටිම්ද? ඔහු නැවත ගෙන්වාගන්ට මට පුළුවන්ද? මා ඔහු ළඟට යනවා මිස ඔහු මා ළඟට හැරී එන්නේ නැතැයි කීය.
කුමක්හෙයින්ද බිම වැගුරුණ වතුර එකතුකරගන්ට බැරුවාක්මෙන් අප මැරෙන්ටම ඕනෑය; දෙවියන්වහන්සේ වනාහි ප්‍රාණය හානි නොකොට, පන්නාදමනු ලැබූ අය තමන් වෙතින් තවත් පිටවහලෙකු නොවනලෙස යෝජනාකරගන්නාසේක.
ඒක ස්වර්ගය මෙන් උසය; නුඹට මක්කරන්ට පුළුවන්ද? ෂෙයෝලට වඩා ගැඹුරුය; නුඹට දැනගන්ට පුළුවන් කුමක්ද?
භයානකකම් මා පිටට හැරී තිබේ; ඒවා සුළඟ මෙන් මාගේ ගරුත්වය ලුහුබැඳ එති; මාගේ ඉසුර වලාකුළක් මෙන් පහව ගියේය.
මළාවූ ඔව්හු ජීවත්නොවන්නෝය; නැසීගියාවූ ඔව්හු නොනැගිටින්නෝය. එසේය, ඔබ ඔවුන් විමසා බලා ඔවුන් විනාශකොට, ඔවුන් ගැන මුළු සිහිවීම නැති කළසේක.
ජීවත්ව සිටින්නන්ගේ දේශයේදී ස්වාමීන්වහන්සේ, එසේය, ස්වාමීන්වහන්සේ දකින්ටවත් ලෝ වැසියන් සමඟ සිට මනුෂ්‍යයන් බලන්ටවත් තවත් මට නොලැබෙන්නේයයි කීමි.