ඔව්හු තම තමන් අතරේ කථාකොට: අපේ සහෝදරයා අපට කන්නලව්කරද්දී, ඔහුගේ හෘදය වේදනාව දැකලාත්, අප ඔහුට කන් නුදුන් හෙයින් සැබවින් අපි ඔහු ගැන වැරදිකාරයෝය; එබැවින් මේ විපත්තිය අපට පැමිණ තිබේයයි කීවෝය.
යෝබ් 7:11 - Sinhala Revised Old Version ඒ නිසා මම මාගේ මුඛය නවත්වා නොගෙන, මාගේ ආත්මයේ තද වේදනාවෙන් කථාකර, මාගේ ප්‍රාණයේ ශෝකයෙන් විලාප කියන්නෙමි. Sinhala New Revised Version “මට නම්, කට වසාගෙන ඉන්න බැරි ය; දැඩි සිත් තැවුළින් මම කතා කරමි. මා හද තුළ ඇවිලෙන සෝගින්නෙන් විලාප කියමි. Sinhala New Revised Version 2018 “මට නම්, කට වසාගෙන ඉන්න බැරි ය; දැඩි සිත් තැවුළින් මම කතා කරමි. මා හද තුළ ඇවිලෙන සෝගින්නෙන් විලාප කියමි. |
ඔව්හු තම තමන් අතරේ කථාකොට: අපේ සහෝදරයා අපට කන්නලව්කරද්දී, ඔහුගේ හෘදය වේදනාව දැකලාත්, අප ඔහුට කන් නුදුන් හෙයින් සැබවින් අපි ඔහු ගැන වැරදිකාරයෝය; එබැවින් මේ විපත්තිය අපට පැමිණ තිබේයයි කීවෝය.
මාගේ ආත්මයට මාගේ ජීවිතය වෙහෙසක්ය; මාගේ විලාපය වලක්වා නොගෙන, මාගේ ආත්මයේ ශෝකයෙන් කථා කරන්නෙමි.
මා දුෂ්ටයෙක්නම් මට දුක්වේ; මා ධර්මිෂ්ඨවුවත්, ලජ්ජාවෙන් පිරී, මාගේ පීඩාව දෙස බලමින්, මාගේ හිස නොඔසවා ඉන්නෙමි.
මාගේ සිත මා තුළ උණුවිය; මා මෙනෙහිකරද්දීම ගින්න ඇවුළුණේය. එවිට මාගේ දිවෙන් කථාකෙළෙමි.
මහත් සභාවේදී ධර්මිෂ්ඨකම ප්‍රකාශ කෙළෙමි; බැලුව මැනව, මාගේ තොල් නොවලක්වන්නෙමි, ස්වාමිනි, ඔබ දන්නාසේක.
මම කුමක් කියම්ද? උන්වහන්සේ මට වදාරා, උන්වහන්සේම ඉෂ්ටකළ සේක. මාගේ ආත්මයේ තද ශෝකය නිසා මාගේ සියලු අවුරුදුවල සන්සුන්කමින් යන්නෙමි.
බලව, මට තද ශෝකය පැමුණුණේ මාගේ සමාදානය පිණිසය. නුමුත් ඔබ මාගේ ආත්මයට ඇති ප්‍රේමය නිසා විනාශය නැමති වළෙන් එය මුදාගත්සේක; එසේය, ඔබ මාගේ පව් සියල්ල ඔබ පිටිපස්සට දැමූසේක.
උන්වහන්සේ මහත් වේදනා වින්දසේක් වඩා ඕනෑකමින් යාච්ඤාකළසේක. උන්වහන්සේගේ ඩාදියද මහත් ලේ බින්දු මෙන් බිම වැටුණේය.
මක්නිසාද බොහෝ දුක්වලින්ද හෘදය වේදනාවෙන්ද බොහෝ කඳුළෙන්ද යුක්තව නුඹලාට ලිවීමි. එසේ කළේ නුඹලා ශෝකයට පත්කරන්ට නොව නුඹලා කෙරෙහි ඇත්තාවූ මාගේ ඉතා මහත් ප්‍රේමය නුඹලා විසින් දැනගන්නා පිණිසය.