Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 38:17 - Sinhala Revised Old Version

17 බලව, මට තද ශෝකය පැමුණුණේ මාගේ සමාදානය පිණිසය. නුමුත් ඔබ මාගේ ආත්මයට ඇති ප්‍රේමය නිසා විනාශය නැමති වළෙන් එය මුදාගත්සේක; එසේය, ඔබ මාගේ පව් සියල්ල ඔබ පිටිපස්සට දැමූසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 එවිට මාගේ දොම්නස සොම්නසට හැරෙනු ඇත. ඔබ තුමාණෝ, සියලු අනතුරෙන් මා මුදන සේක; මාගේ සියලු පව් කමා කරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 එවිට මාගේ දොම්නස සොම්නසට හැරෙනු ඇත. ඔබ තුමාණෝ, සියලු අනතුරෙන් මා මුදන සේක; මාගේ සියලු පව් කමා කරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 38:17
20 හුවමාරු යොමු  

මම, මමම, මා නිසා නුඹේ පාපවල් සිහි නොකොට, නුඹේ වරද මකාදමන තැනන්වහන්සේය.


කඳුවල පතුලට බැස්සෙමි; පොළොව ස්වකීය අගුල්වලින් සදාකාලේටම මා හිරකරගත්තේය. එහෙත්, මාගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ මාගේ ප්‍රාණය වළෙන් ගොඩට ගත්සේක.


ස්වාමීන්වහන්සේ හැඳිනගන්නැයි කියා එකිනෙකා තම තමාගේ අසල්වාසියාටද සහෝදරයාටද තවත් නූගන්වන්නේය. මක්නිසාද ඔවුන්ගෙන් කුඩා අය පටන් ලොකු අය දක්වා සියල්ලෝම මා හැඳිනගන සිටින්නෝය. එසේය, මම ඔවුන්ගේ අපරාධය ක්ෂමාකරන්නෙමි, ඔවුන්ගේ පාපයද තවත් සිහි නොකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


ස්වාමිනි, ඔබ ෂෙයෝලෙන් මාගේ ආත්මය ගොඩගත්සේක. මා වළට නොබසින පිණිස මාගේ ජීවිතය ආරක්ෂාකළසේක.


මක්නිසාද මා කෙරෙහි ඔබගේ කරුණාව මහත්ය; ඉතා ගැඹුරු වළෙන් ඔබ මාගේ ප්‍රාණය මුදාගත්සේක.


ඔබගේ සෙනඟගේ අයුතුකම කමා කළසේක, ඔවුන්ගේ පව් සියල්ල වැසූසේක.


උන්වහන්සේ භයානක වළකින්, හැල්පතෙන්, මා ඔසවා, පර්වතයක් පිට මාගේ පා තබා, මාගේ ගමන් ස්ථිරකළසේක.


දුෂ්ටයාගේ අහංකාරකමෙන් දිළිඳා දැවෙන්නේය; ඔවුන් විසින් යොදන ප්‍රයෝගවලින් තුමූම අසුවෙත්වා.


එවිට මම කථාකොට: මාගේ කැදැල්ලෙහි නසින්නෙමි, මාගේ දවස්ද වැලි මෙන් වැඩිවන්නේය.


උන්වහන්සේ ඔහුට කරුණාකොට: මිනීවළට නොබසින ලෙස ඔහු මුදන්න, මිදීමේ මිලයක් මට සම්බවීයයි කියනවා ඇත.


නුමුත් දෙවියන්වහන්ස, ඔබ ඔවුන් විනාශයේ වළට බස්වනසේක. මිනීමරුවූ කපටි මනුෂ්‍යයෝ තමුන්ගේ ආයුසයෙන් අර්ධයක්වත් ජීවත් නොවන්නෝය; එහෙත් මම ඔබ කෙරෙහි විශ්වාස කරන්නෙමි.


නැගෙනහිර බස්නාහිරෙන් දුරව තිබෙන්නාක්මෙන් උන්වහන්සේ අපේ වරද අපෙන් දුරුකළසේක.


මම කුමක් කියම්ද? උන්වහන්සේ මට වදාරා, උන්වහන්සේම ඉෂ්ටකළ සේක. මාගේ ආත්මයේ තද ශෝකය නිසා මාගේ සියලු අවුරුදුවල සන්සුන්කමින් යන්නෙමි.


උන්වහන්සේ නුඹේ සියලු අයුතුකම් කමාකරනසේක; නුඹේ සියලු රෝග සුවකරනසේක;


නුඹේ ජීවිතය විනාශයෙන් මුදා කරුණාගුණය හා දයාව නමැති ඔටුන්නෙන් නුඹ සරසනසේක.


මා තුළ මාගේ ආත්මය ක්ලාන්තවූ විට මම ස්වාමීන්වහන්සේ සිහිකෙළෙමි. මාගේ යාච්ඤාව ඔබ වෙතට, ඔබගේ ශුද්ධ මාළිගාවට, පැමිණියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්