ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෝබ් 39:7 - Sinhala Revised Old Version

ඌ නගරයේ ඝෝෂාවට සිනාසෙයි, දක්කන්නාගේ මොරගැසීම් ඌට නෑසෙයි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඌ නගරයේ ඝෝෂාව ගණන් නොගනියි. ඌ රියැදුරාගේ කෑගැසීම නොසලකයි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඌ නගරයේ ඝෝෂාව ගණන් නොගනියි. ඌ රියැදුරාගේ කෑගැසීම නොසලකයි.

පරිච්ඡේදය බලන්න



යෝබ් 39:7
9 හුවමාරු යොමු  

හිරකාරයෝ එහි එක්ව පහසු විඳිති; විධාන දෙන්නාගේ හඬ ඔවුන්ට නොඇසෙයි.


කුළුහරකා ලනුවකින් හීවිටේ බඳින්ට නුඹට පුළුවන්ද? නොහොත් ඌ නුඹ පස්සේ මිටියාවත් පෝරුගානවා ඇද්ද?


ඌ පියාපත් උස්සා ගසාගන යන කල, ඌ අශ්වයාටත් අසරුවාටත් සිනාසෙන්නේය.


මම කාන්තාරය උගේ ගෙයද ලුණු භූමිය උගේ වාසස්ථානයද කොට නියමකෙළෙමි.


කඳුකර පළාත උගේ ගොදුරු බිමය, ඌ සෑම අමු දේ සොයයි.


ඒ නිසා දැන් ගොස් වැඩකරන්න; පිදුරු කොහෙත්ම නුඹලාට දෙනු නොලැබේ, නුමුත් නුඹලාට නියම ගඩොල් ගණන භාරදෙන්ට ඕනෑයයි කීයේය.


මක්නිසාද ස්වාමීන්වහන්සේ මට මෙසේ කියනසේක: සිංහයා වුවත් තරුණ සිංහයා වුවත් ඌට විරුද්ධව එඬේරුන් රාශියක් අඬගසනු ලැබූ කල උගේ ගොදුර කෙරෙහි ගොරවා, ඔවුන්ගේ හඬට නොකැලඹී, ඔවුන්ගේ ඝෝෂාවට යටත් නොවී සිටින්නාක්මෙන්ම, සේනාවල ස්වාමීන්වහන්සේ සියොන් කන්දද එහි හෙලද පිට සටන්කරන්ට බසිනසේක.


අප නිරාහාරයෙන් සිටිය නුමුත් ඔබ නොබැලුවෙත් අපේ ප්‍රාණවලට පීඩාකරගත් නුමුත් ඔබ නොසලකා සිටින්නෙත් මක්නිසාදැයි කියති. බලව, නුඹලාගේ උපවාස දවසේදී නුඹලා සැප ගනිති, නුඹලාගේ සියලුම වැඩද කරවාගනිති.