ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෝබ් 31:12 - Sinhala Revised Old Version

එය විනාශය දක්වාම දවන ගින්නක්ය, එයින් මාගේ මුළු සම්පත උදුරාදමනු ලබන්නේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එය විනාශය දක්වා දවාගෙන යන ගින්නකි; එයින් මාගේ මුළු සම්පත විනාශ වී යනු ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එය විනාශය දක්වා දවාගෙන යන ගින්නකි; එයින් මාගේ මුළු සම්පත විනාශ වී යනු ඇත.

පරිච්ඡේදය බලන්න



යෝබ් 31:12
10 හුවමාරු යොමු  

ඔහු අන්ධකාරයෙන් පිටවී නොයන්නේය; ගිනි දළුවට ඔහුගේ අතු වියළී, උන්වහන්සේගේ මුඛයේ හුස්මට ඔහු පහව යන්නේය.


ඔහුගේ ගෙයි සම්පත් පහව යන්නේය, උදහස් දවසේදී ඒවා පාවී යන්නේය.


ෂෙයෝල උන්වහන්සේ ඉදිරිපිට ඇරී තිබේ, අබද්දොනටද වැස්මක් නැත.


මා වපුරන ඒවා වෙන කෙනෙක් අනුභව කෙරේවා; එසේය, මාගේ කෙතේ අස්වැන්න උදුරාදමනු ලැබේවා.


ස්වාමීන්වහන්සේගේ ශාපය දුෂ්ටයාගේ ගෙය පිට තිබේ; නුමුත් ධර්මිෂ්ඨයන්ගේ නිවාසයට උන්වහන්සේ ආශීර්වාදකරනසේක.


මනුෂ්‍යයෙක් ගින්න තමාගේ ළයට ගත්තොත් ඔහුගේ ඇඳුම් නොපිළිස්සේද?


තවද මම විනිශ්චය පිණිස නුඹලා ළඟට ඇවිත්, මන්ත්‍රකාරයන්ටද කාමමිථ්‍යාචාරිකයන්ටද බොරු දිවුරන්නන්ටද මට භය නොවී කුලී ගැන කුලීකාරයාටත් වැන්දඹුවටත් පියා නැත්තාටත් ප්‍රයෝග කරන්නන්ටද විදේශියාගේ යුක්තිය පෙරළන්නන්ටද විරුද්ධව ශීඝ්‍ර සාක්ෂිකාරයෙක් වන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


විවාහය සියල්ලන් අතරෙහි ගෞරව ඇතුව, යහන නොකිලුටුව තිබේවා; මක්නිසාද වේශ්‍යාකම්කරන්නන්ද කාමමිථ්‍යාචාරිකයන්ද දෙවියන්වහන්සේ විනිශ්චයකරනසේක.


පාතාලයේ දූතයා උන් කෙරෙහි රජ විය. ඔහුගේ නම හෙබ්‍රෙව් භාෂාවෙන් අබද්දෝන්ය, ග්‍රීක් භාෂාවෙන් අපොල්ලියොන් යන නම ඔහුට ඇත්තේය.