Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 31:11 - Sinhala Revised Old Version

11 මක්නිසාද එය දූෂ්‍ය අපරාධයක්ය; එසේය, එය විනිශ්චයකාරයන් විසින් දඬුවම්කළ යුතුවූ අයුතුකමක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 මන්ද, එය දූෂිත අපරාධයකි, නීතියෙන් දඬුවම් දිය යුතු දරුණු ක්‍රියාවකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 මන්ද, එය දූෂිත අපරාධයකි, නීතියෙන් දඬුවම් දිය යුතු දරුණු ක්‍රියාවකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 31:11
10 හුවමාරු යොමු  

අන් මනුෂ්‍යයෙකුගේ භාර්යාව සමඟ කාමමිථ්‍යාචාරය කරන්නෙක් එනම් තමාගේ අසල්වාසියාගේ භාර්යාව සමඟ කාමමිථ්‍යාචාරය කරන්නෙක් ඇද්ද එසේ කරන්නාද කරන්නීද සැබවින් මරනු ලැබිය යුතුය.


ඉහළ සිටින දෙවියන්වහන්සේ මා විසින් එපාකළ නිසා, ඒකත් විනිශ්චයකාරයන් විසින් දඬුවම්කළ යුතු අපරාධයක්ය.


තුන් මසක් පමණ ඉකුත්වූ පසු: නුඹේ ලේලිවූ තාමාර් වේශ්‍යාකම්කළාය; තවද ඈ වේශ්‍යාකමෙන් ගර්භිණීව සිටින්නීයයි යූදාට දන්වනලද්දේය. එවිට යූදා: ඈ පිටතට ගෙනැවිත් පුළුස්සාදමන්නැයි කීවේය.


පතීවතාව කඩකරන්නාවූ ලේ වගුරුවන්නාවූ තැනැත්තියන් විනිශ්චයකරන්නාක්මෙන් මම නුඹ විනිශ්චය කොට, උදහස හා ජ්වලිත ලේ නුඹ පිටට පමුණුවන්නෙමි.


කාමමිථ්‍යාචාරය නොකරව.


අබිමෙලෙක්: නුඹ අපට කළ මේ දේ කිමෙක්ද? සෙනඟගෙන් යමෙකුට පහසුවෙන් නුඹේ භාර්යාව සමඟ සයනයකළ හැකිව තිබුණේය, එවිට නුඹ නිසා අප පිටට වරද පැමිණෙන්ට තිබුණේයයි කීය.


එකල අබිමෙලෙක් ආබ්‍රහම් කැඳවා ඔහුට කථාකොට: නුඹ අපට කළේ මොකද? මා සහ මාගේ රාජ්‍යය කෙරෙහි නුඹ මහත් පාපයක් පැමිණෙවුවේ මා විසින් නුඹට විරුද්ධව කුමන පාපයක් කළ නිසාද? නුඹ මට නොකටයුතු ක්‍රියාවල් කෙළෙහියයි කීය.


මට වඩා උතුම් කෙනෙක් මේ ගෙයි නැත්තේය; නුඹ ඔහුගේ භාර්යාව බැවින් නුඹ මිස වෙන කිසිවක් මට තහනම් කරලා නැත. එහෙයින් මම මේ මහත් දුෂ්ටකම කර දෙවියන්වහන්සේට විරුද්ධව කෙසේ පව්කරන්නෙම්දැයි ඈට කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්