යෝබ් 3:5 - Sinhala Revised Old Version අඳුරත් මරණ සෙවණත් ඒක හිමිකර ගනිත්වා; වලාපටලයක් ඒ පිට රැඳී තිබේවා; දවාල කළුවරකරන සියල්ලට ඒක භයපත්වේවා. Sinhala New Revised Version ඒ දවස, ගන’ඳුරින් හා තද කළු වැහි පටලින් වැසීයේ වා! හිරු මඬල ද මැකීයේ වා! Sinhala New Revised Version 2018 ඒ දවස, ගන’ඳුරින් හා තද කළු වැහි පටලින් වැසීයේ වා! හිරු මඬල ද මැකීයේ වා! |
මක්නිසාද පහන්වීම ඔවුන් සියල්ලන්ට මරණ සෙවණ වැනිය; මක්නිසාද ඔව්හු මරණ සෙවණේ භයංකරකම් දනිති.
ඒ දවස අන්ධකාරය වේවා; දෙවියන්වහන්සේ ඉහළ සිට ඒක නොසලකා හරිනසේක්වා, ඒ කෙරෙහි ආලෝකය නොබැබළේවා.
ඒ රාත්‍රිය වනාහි ඝනාන්ධකාරයට අසුවේවා. ඒක අවුරුද්දේ දවස් අතරේ ප්‍රීති නොවේවා; ඒක මාසවල ගණනට නොපැමිණේවා.
එසේය, මරණ සෙවණේ මිටියාවත මැදින් යන්නෙම් නමුත්, කිසි උපද්‍රවයකට භය නොවන්නෙමි; මක්නිසාද ඔබ මා සමඟය. ඔබගේ දණ්ඩෙන් හා සැරයටියෙන් මට සැනසිල්ල ලැබේ.
අන්ධකාරයෙහි ඇවිද්දාවූ සෙනඟ මහත් ආලෝකයක් දුටුවෝය. මරණ සෙවණ ඇති දේශයෙහි විසූ අය කෙරෙහි එළියක් බැබළුණේය.
උන්වහන්සේ අන්ධකාරකරන්ට පළමුවෙන්ද නුඹලාගේ පාද අඳුරු කඳුවල පැකිලෙන්ටත් නුඹලා එළිය ගැන බලා සිටිද්දී උන්වහන්සේ එය මරණයේ සෙවණට හරවා කළුවරකරන්ටත් පළමුවෙන්ද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ගෞරව දෙන්න.
මිසර දේශයෙන් අප පිටතට ගෙන, මරුකතර සහ වළවල් ඇත්තාවූ දේශයක්ද මරණයේ සෙවණ ඇත්තාවූ දේශයක්ද කිසිවෙකු නොගැවසුණාවූ කිසි මනුෂ්‍යයෙකු වාසය නොකළාවූ දේශයක්ද වන කාන්තාරය මැදින් අප ගෙනාවාවූ ස්වාමීන්වහන්සේ කොයිදැයි ඔව්හු නෑසුවෝය.
මේ නිසා පොළොව වැලපෙන්නීය, ඉහළ අහසද කළුවර වන්නේය; මක්නිසාද මම ඒක කියා නියමකෙළෙමි, මා ඒ ගැන තැවුණේවත් එයින් අහක්වයන්නේවත් නැත.
එඬේරෙක් වනාහි විසිරගිය තමාගේ බැටළුවන් අතරේ සිටින දවසකදී තමාගේ රැළ සොයා යන්නාක්මෙන් මමත් මාගේ බැටළුවන් සොයා ගොස්, වලාකුල් සහ අන්ධකාරය ඇති දවසේදී උන් විසිරගිය සෑම තැන්වලින් උන් ගළවාගන්නෙමි.
ඒක අඳුරුවූ කළුවරවූ දවසක්ය, වලාකුල්ද තද අන්ධකාරයද ඇති දවසක්ය; කඳු පිට අලුයම් එළිය පැතිරයන්නාක්මෙන් මහත්වූ බලවත්වූ සෙනඟක් එන්නේය; ඒ ආකාර සෙනඟක් කවදාවත් සිටියේ නැත, ඉන්පසු බොහෝ පරම්පරාවල අවුරුදු දක්වාම එසේ සිටින්නෙත් නැත.
උන්වහන්සේ නම් හත්දින්නද මුවසිරසද සෑදුවාවූ, මරණ සෙවණ උදයේ එළියට හරවන්නාවූ, දවාල රාත්‍රිය මෙන් අන්ධකාරකරන්නාවූ, මුහුදේ ජලයට අඬගසා ඒවා පොළෝ තලයෙහි වත්කරන්නාවූ, යෙහෝවා යන නාමය ඇත්තාවූ තැනන්වහන්සේය.
නුඹලාගේ මංගල්‍යවල් වැලපීමටත් නුඹලාගේ සියලු ගීතිකා විලාපයටත් හරවා, සියලුම ඉඟටිවලට ගෝණි රෙදිද සියලුම හිස්වලට මුඩුකමද පමුණුවා, ඒක එකම පුත්‍රයෙකු නිසා වැලපීම මෙන්ද එහි අන්තිමය තික්තවූ දවසක් මෙන්ද කරන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
නුඹලා වනාහි ළංවී කන්ද මුල සිටියහුය; කන්දද අඳුරත් වලාපටලත් ඝනාන්ධකාරයත් ඇතුව අහස මැද දක්වා ගින්නෙන් ඇවිළී ගියේය.
තවද නුඹලා ළඟාවී සිටින්නේ ස්පර්ශකරන්ට පුළුවන්වූ ගින්නෙන් ඇවිළෙන්නාවූ කන්දකටත් කළුවරකමටත් අන්ධකාරයටත් කුණාටුවටත්,