Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 28:3 - Sinhala Revised Old Version

3 මනුෂ්‍යයා අන්ධකාරය පහකොට ඝනාන්ධකාරයෙත් මරණ සෙවණෙත් ගල් තීන්දුවටම සොයයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 මිනිස්සු ගන ‘ඳුර ඉක්මවා බලති; පොළෝ ගැබෙහි යට තැන් සොයති. අඳුරෙන් වැසුණු පර්වත සොයා හාරති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 මිනිස්සු ගන ‘ඳුර ඉක්මවා බලති; පොළෝ ගැබෙහි යට තැන් සොයති. අඳුරෙන් වැසුණු පර්වත සොයා හාරති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 28:3
11 හුවමාරු යොමු  

මම අහස යට කෙරෙන සියල්ල ගැන ප්‍රඥාවෙන් සොයා විභාගකරන්ට මාගේ සිත යොමුකෙළෙමි. ඒ වනාහි ව්‍යාවෘතවීමට දෙවියන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයන්ට දී තිබෙන අමාරු වැඩක්ය.


අධර්මිෂ්ඨ ගබඩාකාරයා නුවණින් ක්‍රියාකළ නිසා ඔහුගේ ස්වාමියා ඔහුට ප්‍රශංසාකළේය. මක්නිසාද ආලෝකයේ පුත්‍රයන්ට වඩා මේ ලෝකයේ පුත්‍රයෝ තමුන්ගේම පරම්පරාව ගැන නුවණැත්තෝය.


නුමුත් පළමුකොට උන්වහන්සේගේ රාජ්‍යයද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයන්න; මේ සියල්ලත් නුඹලාට දෙනුලබන්නේය.


බලව, ජනයන් ගින්න පිණිස වැඩකිරීමත් ජාතීන් හිස්කමට වෙහෙසීමත් සේනාවල ස්වාමීන්වහන්සේගෙන් නොවේද?


නුඹ රිදී මෙන් ඇය සොයා, නිධාන ගැන මෙන් ඇය ගැන විභාගකරන්නෙහි නම්,


උන්වහන්සේ අන්ධකාරයෙන් ගැඹුරු දේ එළිදරව්කර, මරණ සෙවණ ආලෝකයට පමුණුවනසේක.


යකඩ පොළොවෙන් හාරාගනු ලැබේ. ගල් උණුකර පිත්තල ලබාගනිති.


මිනිසුන් වාසයකරන තැනට දුරින් ඔහු පොළොව හාරා බසියි; ඔව්හු මනුෂ්‍යයන්ගෙන් ඈත්ව, පාදයට නොදැනෙන හැටියට එල්ලී ඉඳ එහා මෙහා පදිති.


අඳුරත් මරණ සෙවණත් ඒක හිමිකර ගනිත්වා; වලාපටලයක් ඒ පිට රැඳී තිබේවා; දවාල කළුවරකරන සියල්ලට ඒක භයපත්වේවා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්