යෝබ් 26:4 - Sinhala Revised Old Version නුඹ කාට වචන කීවෙහිද? නුඹෙන් නික්ම ආවේ කාගේ ආත්මයද? Sinhala New Revised Version ඔබ ඔය දිග හෑල්ල කීවේ කාට ද? එය පැවසීමට වරම් ලැබුවේ කාගෙන් ද?” Sinhala New Revised Version 2018 ඔබ ඔය දිග හෑල්ල කීවේ කාට ද? එය පැවසීමට වරම් ලැබුවේ කාගෙන් ද?” |
දූවිල්ල තිබුණු හැටියට පොළොවට හැරීයන්ටත්, ආත්මය ඒක දුන් දෙවියන්වහන්සේ වෙතට හැරීයන්ටත් පළමුවෙන් උන්වහන්සේ සිහිකරන්න.
එබැවින් දෙවියන්වහන්සේගේ ආත්මයාණන් කරණකොටගෙන කථාකරන්නාවූ කිසිවෙක්: යේසුස්වහන්සේ ශාපලත් කෙනෙකැයි නොකියන බවත්, ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන මිස: යේසුස්වහන්සේ ස්වාමීන්වහන්සේයයි කියන්ට කිසිවෙකුට නුපුළුවන් බවත් නුඹලාට දන්වමි.