එවිට පොළොව සෙලවී කම්පාවිය, අහසේ අත්තිවාරම්ද වෙවුලා සෙලවුණේය, මක්නිසාද උන්වහන්සේ උදහස් වූසේක.
යෝබ් 26:11 - Sinhala Revised Old Version උන්වහන්සේගේ තරවටුවට අහසේ කණු වෙවුලා ත්‍රස්තවෙති. Sinhala New Revised Version එතුමන්ගේ තර්ජන අසා, අහස උසුලා සිටින කණු බියෙන් වෙවුළා තැති ගනියි. Sinhala New Revised Version 2018 එතුමන්ගේ තර්ජන අසා, අහස උසුලා සිටින කණු බියෙන් වෙවුළා තැති ගනියි. |
එවිට පොළොව සෙලවී කම්පාවිය, අහසේ අත්තිවාරම්ද වෙවුලා සෙලවුණේය, මක්නිසාද උන්වහන්සේ උදහස් වූසේක.
බලව, උන්වහන්සේ තමන් ශුද්ධවන්තයන් කෙරෙහි විශ්වාසය නොතබනසේක. එසේය, ස්වර්ගවල් උන්වහන්සේගේ ඇස් ඉදිරිපිට පිරිසිදු නැත.
එවිට පොළොව සෙලවී කම්පාවූවාය, කඳුවල අත්තිවාරම්ද දෙදරා සෙලවුණේය, මක්නිසාද උන්වහන්සේ උදහස්වූසේක.
කඳු උන්වහන්සේට භයින් වෙවුලති, හෙල්ද දියවෙති; උන්වහන්සේ ඉදිරියෙහි පොළොවද ලෝකය සහ එහි වාසයකරන සියල්ලෝද කම්පාවෙති.
උන්වහන්සේගේ කෝපය ඉදිරියෙහි සිටින්ට පුළුවන් කාටද? උන්වහන්සේගේ බලවත් උදහසේදී පවතින්නේ කවුද? උන්වහන්සේගේ කෝපය ගිනි මෙන් වැගිරෙන්නේය, පර්වතද උන්වහන්සේ ඉදිරියෙහි කඩාවැටෙන්නේය.
එහෙත් සොරෙකුමෙන් ස්වාමීන්වහන්සේගේ දවස පැමිණෙන්නේය; ඒ දවසේදී අහස මහත් ඝෝෂාවකින් පහවයන්නේය, මහාභූතයෝද තද උෂ්ණයෙන් නාස්තිවී යන්නෝය, පොළොවද එහි තිබෙන කර්මාන්තද දාලායන්නේය.
තවද මහත් සුදු සිංහාසනයක්ද එහි වැඩහුන් තැනන්වහන්සේද දුටිමි, උන්වහන්සේගේ අභිමුඛයෙන් අහසත් පොළොවත් පලාගියේය; ඒවාට ස්ථානයක් සම්බනූණේය.
අධිපතීන් සමඟ හිඳුවන පිණිසත්, මහිමයේ සිංහාසනය උරුමකරවන පිණිසත්, උන්වහන්සේ දුප්පතා ධූලියෙන් නැගුටුවන සේක. දිළින්දා කසළ ගොඩින් ඔසවනසේක. මක්නිසාද පොළොවේ කණු ස්වාමීන්වහන්සේගේය, උන්වහන්සේ ලෝකය ඒවා පිට පිහිටෙවු සේක.