යෝබ් 18:3 - Sinhala Revised Old Version අප තිරිසනුන් මෙන් ගණන්ගනු ලබන්නෙත් නුඹලාගේ ඇස්වලට අපවිත්‍රව පෙනෙන්නෙත් මක්නිසාද? Sinhala New Revised Version අප ගොන් රැළකැ යි ඔබ සිතන්නෙහි ද? තිරිසන් ගණයට අප දමන්නේ මන් ද? Sinhala New Revised Version 2018 අප ගොන් රැළකැ යි ඔබ සිතන්නෙහි ද? තිරිසන් ගණයට අප දමන්නේ මන් ද? |
තමාගේ කෝපයෙන් තමාම ඉරා ගන්න කෙනෙක්වූ නුඹ නිසා, පොළොව අත්හරිනු ලබන්ටත් නොහොත් පර්වතය ස්වකීය ස්ථානයෙන් අහක්ව යන්ටත් ඕනෑද?
මනුෂ්‍ය පුත්‍රයන්ගේ කාරණා මෙසේ වන්නේ දෙවියන්වහන්සේ ඔවුන් සෝදිසිකරන පිණිසත් තමුන් තිරිසනුන් බව ඔවුන්ට පෙනීයන පිණිසත්යයි මාගේ සිතින් සිතාගත්තෙමි.
සහෝදර ප්‍රේමයෙන් එකිනෙකාට ස්නේහවන්න; ගෞරවයෙන් තම තමාට වඩා අනික් අය උතුම් කොට සලකන්න;
ඔහුට පහර සතළිසක් තළන්ට පුළුවන, ඊට වඩා නොතැළිය යුතුය. මක්නිසාද ඊට වඩා බොහෝ පහර ඔහුට තැළුවොත් නුඹේ සහෝදරයා නුඹට නීචව පෙනෙනවා ඇත.