යෝබ් 15:16 - Sinhala Revised Old Version එසේ නම් පිළිකුල්වූ, කිළිටුවූ, අපරාධය වතුර මෙන් බොන්නාවූ මනුෂ්‍යයා පිරිසිදුකමින් ඊටත් කොපමණ අඩු නොවන්නේද? Sinhala New Revised Version එසේ නම්, දිය මෙන් අපරාධ බොන, පිළිකුල්, පවිටු මිනිසා ගැන කියනුම කවරේ ද? Sinhala New Revised Version 2018 එසේ නම්, දිය මෙන් අපරාධ බොන, පිළිකුල්, පවිටු මිනිසා ගැන කියනුම කවරේ ද? |
ධූලියෙහි අත්තිවාරම ඇති, මැටි ගෙවල වාසයකරන්නන්ට ඊට කොපමණ වැඩියෙන් එසේ නොවන්නේද! කාවෙකු මෙන් ඔව්හු පොඩිකරනු ලබති.
ඔවුන් සියලු දෙනාම ආපසු ගියෝය; ඔව්හු එක ලෙස කිලුටුවී සිටිති; යහපත කරන්නෙක් නැත, එක්කෙනෙක්වත් නැත.
දුර්ජන සාක්ෂිකාරයා යුක්තියට නින්දාකරයි; දුෂ්ටයාගේ මුඛයද අයුතුකම ගිලගනියි. නින්දාකරන්නන්ට දඬුවමද
මක්නිසාද අපිත් වරක් අඥානව, අකීකරුව, මුළාව, අනේකාකාර තෘෂ්ණාවලටත් සැප සෙල්ලම්වලටත් වහල්ව, ක්‍රෝධයෙන් හා ඊර්ෂ්‍යාවෙන් හැසිරෙමින්, නුරුස්සනු ලබන්ට සුදුස්සන්ව, එකිනෙකාට වෛරකරමින් සිටියෙමුව.