යෝබ් 12:24 - Sinhala Revised Old Version උන්වහන්සේ පොළොවේ ජන ප්‍රධානීන්ගේ බුද්ධිය පහකොට, ඔවුන් පාරක් නැති කාන්තාරයක මුළාවයන්ට සලස්වනසේක. Sinhala New Revised Version එතුමාණෝ ලොවේ ජන නායකයන්ගේ නුවණ පහකරන සේක; හසරක් නැති වැලි කතරෙහි ඔවුන් මුළා කරන සේක; Sinhala New Revised Version 2018 එතුමාණෝ ලොවේ ජන නායකයන්ගේ නුවණ පහකරන සේක; හසරක් නැති වැලි කතරෙහි ඔවුන් මුළා කරන සේක; |
ඔවුන්ගේ කටේ පාපය හා තොල්වල වචන නිසාද, ඔවුන් කියන ශාප බොරු බස් නිසාද, ඔව්හු අහංකාරයෙන් සිටියදීම අසු වෙත්වා.
මිසරය ගැන දිව්‍ය ප්‍රකාශනයය. බලව, ස්වාමීන්වහන්සේ ශීඝ්‍ර වලාකුළක් පිට නැගී මිසරයට එනසේක. මිසරයේ පිළිම උන්වහන්සේ ඉදිරියෙහි චංචලවන්නෝය, මිසරවරුන්ගේ සිත්ද ඔවුන් තුළ දියවෙනවා ඇත.
එහි කොළ ශෝභනව, එහි ඵල බොහෝව තිබුණේය, එය තුළ සියල්ලන්ට ආහාර තිබුණේය. ඒක යට වනයේ මෘගයන්ට සෙවණ තිබුණේය, ඒකේ අතුවල ආකාශ පක්ෂියෝ ලැග්ගෝය, සියලු සත්වයන්ට එයින් කෑම ලැබුණේය.
මාගේ යහනේදී පැමිණි මාගේ හිසේ දර්ශන වලදී මා බලාඉන්න අතර, ශුද්ධවූ රැකවලෙක් අහසෙන් බැස්සේය.
ඔහුගේ සිත මනුෂ්‍ය සිතක් නොවන හැටියට වෙනස්වී, මෘග සිතක් ඔහුට ලැබී, එසේ ඔහු කාලවල් සතක් පසුකෙරේවා.
එකෙණෙහිම මේ කාරණය නෙබුකද්නෙශර් කෙරෙහි සම්පූර්ණවිය. ඔහු මනුෂ්‍යයන් වෙතින් පන්වනු ලැබ, ගොනුන් මෙන් තෘණ කෑයේය, ඔහුගේ ඉසකේ රාජාලීන්ගේ පිහාටුමෙන්ද ඔහුගේ නියපොතු පක්ෂීන්ගේ නියපොතු මෙන්ද වැඩෙන තුරු, ඔහුගේ ශරීරය අහසේ පින්නෙන් තෙමුණේය.
එප්‍රායිම් අනුවණ පරෙවියෙකු මෙන් සිතක් නැතුව සිටින්නේය. ඔව්හු මිසරයට අඬගසති, අෂූර්ට යති,