Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 107:4 - Sinhala Revised Old Version

4 ඔව්හු වනාන්තරයෙහි කාන්තාර මාර්ගයක මුළාව ගියෝය; වාසයට නුවරක් නොලැබුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 සමහරු වල් බිහි වූ පාළුකරයේ වල්මත් වූ හ. විසීමට නගරයක් ඔවුන්ට සොයාගත නොහැකි විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 සමහරු වල් බිහි වූ පාළුකරයේ වල්මත් වූ හ. විසීමට නගරයක් ඔවුන්ට සොයාගත නොහැකි විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 107:4
11 හුවමාරු යොමු  

කාන්තාර දේශයකදීද පාළුවූ භයංකරවූ වනයේදීද ඔහු උන්වහන්සේට සම්බවිය; උන්වහන්සේ ඔහු වටකරගෙන, ඔහු රැක බලාගෙන, තමන් ඇසේ කළුරුවාව මෙන් ඔහු රක්ෂාකළ සේක.


එඬේරෙක් වනාහි විසිරගිය තමාගේ බැටළුවන් අතරේ සිටින දවසකදී තමාගේ රැළ සොයා යන්නාක්මෙන් මමත් මාගේ බැටළුවන් සොයා ගොස්, වලාකුල් සහ අන්ධකාරය ඇති දවසේදී උන් විසිරගිය සෑම තැන්වලින් උන් ගළවාගන්නෙමි.


මාගේ බැටළුවෝ සියලු කඳුවලද උස්වූ සියලු හෙල් පිටද මුළාවගියෝය. එසේය, මුළු පොළෝතලයෙහි මාගේ බැටළුවෝ විසිරගියෝය; උන් සොයන්ට හෝ බලන්ට හෝ කිසිවෙක් නොවීය.


නුඹලාගේ පුත්‍රයෝද සතළිස් අවුරුද්දක් කාන්තාරයෙහි එඬේරුන් මෙන් තැනින් තැන යමින්, නුඹලාගේ මළකඳන් කාන්තාරයෙහි ක්ෂයවී යන තෙක් නුඹලාගේ අනාචාරකම් දරන්නෝය.


ස්ත්‍රීද කාන්තාරයට පලාගියාය, එක්දහස් දෙසිය සැට දවසක් ඈ පෝෂණයකරන පිණිස දෙවියන්වහන්සේ විසින් පිළියෙළකරනලද ස්ථානයක් ඈට එහි තිබුණේය.


ඔව්හු කාන්තාරවලද කඳුවලද ගුහාවලද පොළොවේ බෙනවලද ඇවිද්දෝය; ඔවුන්ගේ විසීමට ලෝකය නොවටෙන්ය.


උන්වහන්සේ අධිපතීන් කෙරෙහි නින්දාව වගුරුවා, මං නැති පාළු තැන්වල මුළාවයන්ට සලස්වනසේක.


උන්වහන්සේ පොළොවේ ජන ප්‍රධානීන්ගේ බුද්ධිය පහකොට, ඔවුන් පාරක් නැති කාන්තාරයක මුළාවයන්ට සලස්වනසේක.


ගිනි සර්පයන් සහ ගෝනුස්සන් ඇත්තාවූ, වතුර නැති, නියංසායෙන් යුක්තවූ ඒ මහත් භයංකර කාන්තාරය මැදින් නුඹ ගෙනාවාවූ, ගිනිගල් පර්වතයෙන් නුඹට වතුර නික්මවා දී,


ස්වාමීන්වහන්සේගේ උදහස ඉශ්‍රායෙල්ට විරුද්ධව ඇවුළුණේය. ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නපුරුකම් කළ මුළු පරම්පරාව විනාශවන තෙක් උන්වහන්සේ ඔවුන්ට සතළිස් අවුරුද්දක් කාන්තාරයෙහි ඔබමොබ යන්ට සැලැස්වූසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්