නුමුත් දැන් ඔහු මැරුණායින් පසු කුමට නිරාහාරව සිටිම්ද? ඔහු නැවත ගෙන්වාගන්ට මට පුළුවන්ද? මා ඔහු ළඟට යනවා මිස ඔහු මා ළඟට හැරී එන්නේ නැතැයි කීය.
යෝබ් 10:21 - Sinhala Revised Old Version එනම් අන්ධකාරයේද මරණ සෙවණේද දේශයවූ, අන්ධකාරය වැනි තද කළුවරද Sinhala New Revised Version මම විගසින් තුරන් වී යමි; ගොස් කිසි දා ආපසු නොඑමි. අඳුරු, කළුවර දේශයට යමි. Sinhala New Revised Version 2018 මම විගසින් තුරන් වී යමි; ගොස් කිසි දා ආපසු නොඑමි. අඳුරු, කළුවර දේශයට යමි. |
නුමුත් දැන් ඔහු මැරුණායින් පසු කුමට නිරාහාරව සිටිම්ද? ඔහු නැවත ගෙන්වාගන්ට මට පුළුවන්ද? මා ඔහු ළඟට යනවා මිස ඔහු මා ළඟට හැරී එන්නේ නැතැයි කීය.
කුමක්හෙයින්ද බිම වැගුරුණ වතුර එකතුකරගන්ට බැරුවාක්මෙන් අප මැරෙන්ටම ඕනෑය; දෙවියන්වහන්සේ වනාහි ප්‍රාණය හානි නොකොට, පන්නාදමනු ලැබූ අය තමන් වෙතින් තවත් පිටවහලෙකු නොවනලෙස යෝජනාකරගන්නාසේක.
පිළිවෙළක් නැතුව මරණ සෙවණද ඇත්තාවූ, එළියත් අන්ධකාරයව පවත්නාවූ දේශයට මා යන්ට පළමුවෙන්, මට ස්වල්පයක් සැනසිල්ල ලැබෙන පිණිස, මාගෙන් අහක්වුව මැනවයි කීවේය.
අඳුරත් මරණ සෙවණත් ඒක හිමිකර ගනිත්වා; වලාපටලයක් ඒ පිට රැඳී තිබේවා; දවාල කළුවරකරන සියල්ලට ඒක භයපත්වේවා.
එසේය, මරණ සෙවණේ මිටියාවත මැදින් යන්නෙම් නමුත්, කිසි උපද්‍රවයකට භය නොවන්නෙමි; මක්නිසාද ඔබ මා සමඟය. ඔබගේ දණ්ඩෙන් හා සැරයටියෙන් මට සැනසිල්ල ලැබේ.
එසේය, මනුෂ්‍යයෙක් බොහෝ අවුරුදු ජීවත්ව සිටියොත් ඔහු ඒ සියල්ලෙහි ප්‍රීතිවේවා; එහෙත් ඔහු අඳුරු දවස් සිහිකෙරේවා, මක්නිසාද ඒවා බොහෝ වන්නේය. පැමිණෙන සියල්ලම නිෂ්ඵලකමක්ය.
කරන්ට නුඹේ අතට සම්බවෙන සියල්ලම නුඹේ වීර්යයෙන් කරන්න; මක්නිසාද නුඹ යන මිනීවළෙහි වැඩක්වත් යෝජනාවක්වත් දැනගැන්මවත් ප්‍රඥාවවත් නැත.
ජීවත්ව සිටින්නන්ගේ දේශයේදී ස්වාමීන්වහන්සේ, එසේය, ස්වාමීන්වහන්සේ දකින්ටවත් ලෝ වැසියන් සමඟ සිට මනුෂ්‍යයන් බලන්ටවත් තවත් මට නොලැබෙන්නේයයි කීමි.
මිසර දේශයෙන් අප පිටතට ගෙන, මරුකතර සහ වළවල් ඇත්තාවූ දේශයක්ද මරණයේ සෙවණ ඇත්තාවූ දේශයක්ද කිසිවෙකු නොගැවසුණාවූ කිසි මනුෂ්‍යයෙකු වාසය නොකළාවූ දේශයක්ද වන කාන්තාරය මැදින් අප ගෙනාවාවූ ස්වාමීන්වහන්සේ කොයිදැයි ඔව්හු නෑසුවෝය.