ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙරෙමියා 51:42 - Sinhala Revised Old Version

මුහුද බබිලෝනිය පිටට ගලා ආයේය. ඈ එහි රැළ රාශියෙන් වැසීගියේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මුහුද බබිලෝනිය පිට ගලා ආවේ ය. එහි රැළ රාශියෙන් බබිලෝනිය යට වී ගියේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මුහුද බබිලෝනිය පිට ගලා ආවේ ය. එහි රැළ රාශියෙන් බබිලෝනිය යට වී ගියේ ය.

පරිච්ඡේදය බලන්න



යෙරෙමියා 51:42
15 හුවමාරු යොමු  

උන්වහන්සේ උඩින් අත පොවා මා අල්වාගත්සේක; බොහෝ ජලධාරාවලින් මා ඇදගත්සේක.


මරහුගේ ලනුවලින් වෙළනු ලැබීමි, අධර්මය නමැති ජල ප්‍රවාහයෝ මා භයගැන්වූය.


ඔබගේ ජලධාරාවල ඝෝෂාවෙන් ගැඹුර ගැඹුරට හඬගසයි. ඔබගේ සියලු රැළ සහ තරංගයෝ මා වසාගත්තෝය.


උන්වහන්සේ මුහුදු ඝෝෂාවද එහි රැළ ඝෝෂාවද මනුෂ්‍ය වර්ගයන්ගේ කෝලාහලයද සංසිඳුවනසේක.


ස්වාමිනි, ජල ධාරාවෝ නැගුණෝය, ජල ධාරාවෝ ශබ්දනැගුවෝය; ජල ධාරාවෝ රැළ නඟිති.


මුහුදු කාන්තාරය ගැන දිව්‍ය ප්‍රකාශනයය. දකුණු දිග සුළිහුළං ගසන්නාක්මෙන් ඒක භයානක දේශයක් වන කාන්තාරයෙන් එන්නේය.


මක්නිසාද ස්වාමීන්වහන්සේ බබිලෝනිය නාස්තිකරනසේක, එතනින් මහත් ශබ්දයද නැතිකරනසේක; ඔවුන්ගේ රැළවල් මහත් ජලයන් මෙන් ඝෝෂාකෙරෙති, ඔවුන්ගේ කෝලාහල ශබ්දය නගියි.


ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: එම්බා තීර්, මම නුඹට විරුද්ධව සිටිමි, මුහුදේ රැළ නැගී එන්නාක් මෙන් බොහෝ ජාතීන් නුඹට විරුද්ධව පමුණුවන්නෙමි.


නුමුත් ඔහුගේ පුත්‍රයන් යුද්ධකරනවා ඇත, ඔවුන් මහත් සේනාවල් රාශියක් රැස්කරනවා ඇත. ඔහු ඉදිරියටම ඇවිත්, ජලය මෙන් ගලා යටකරගන්ටද හැරී ඇවිත්, ඒ අයගේ බලකොටුව දක්වාත් යුද්ධකරනවා ඇත.


දානියෙල් කථාකොට කියනුයේ: රාත්‍රියේ මාගේ දර්ශනයේදී මෙසේ දුටිමි–ආකාශයේ හුළං සතර මහා මුහුදට සැරෙන් ගැසුවේය.


සති සැටදෙකකට පසු ආලේපලත් තැනැත්තා සිඳදමනු ලැබේ, කිසිවෙක්ද ඔහුට නොවන්නේය. පැමිණෙ අධිපතියාගේ සෙනඟ නුවර සහ ශුද්ධස්ථානය විනාශකරන්නෝය; එහි කෙළවර ජලගැල්මකින් මෙන් වන්නේය, කෙළවර දක්වාම යුද්ධ පවතින්නේය; පාළුකිරීම්ද නියමකර තිබේ.


ඉර සඳ හා තාරකාවන් කෙරේ ලකුණු හා මුහුදෙත් රැළ ගැසීමෙත් ඝෝෂාව නිසා වන වියවුලින් පොළොවේ ජාතීන්ට දුක්වේදනාද වන්නේය.