Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 7:2 - Sinhala Revised Old Version

2 දානියෙල් කථාකොට කියනුයේ: රාත්‍රියේ මාගේ දර්ශනයේදී මෙසේ දුටිමි–ආකාශයේ හුළං සතර මහා මුහුදට සැරෙන් ගැසුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 රාත්‍රියේ මාගේ දර්ශනයේ දී ස්වර්ගයෙන් හමා ආ මාරුත සතරක් මහ මුහුද කළඹනවාත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 7:2
13 හුවමාරු යොමු  

ඉන්පසු ගොඩටවත් මුහුදටවත් කිසි ගහකටවත් හුළඟ නොවදින පිණිස දේවදූතයන් සතර දෙනෙක් පොළොවේ සතරදිග හුළඟ අල්ලාගන පොළොවේ සතර කොනේ සිටිනවා දුටිමි.


ඔහු තවත් මට කථාකොට: වේශ්‍යාව හිඳගන ඉන්න තැන නුඹ දුටු ජලය නම් මනුෂ්‍ය වර්ගයෝද සමූහයෝද ජාතීහුද භාෂාවෝද වෙති.


උන්වහන්සේ මහත් හොරණෑ ශබ්දයක් ඇතුව තමන් දූතයන් එවනසේක, ඔව්හු අහසේ එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වා සතර දිගින්ම උන්වහන්සේගේ තෝරාගත්තවුන් රැස්කරන්නෝය.


මම ඒලාමට විරුද්ධව අහසේ සතර කොනෙන් හුළං සතරක් පමුණුවා, ඒ සියලු හුළංවලට ඔවුන් විසුරුවා දමන්නෙමි; පන්නනු ලබන ඒලාම්වරුන් නොපැමිණෙන්නාවූ කිසි ජාතියක් නොවන්නේය.


එවිට රාත්‍රියේ දර්ශනයකින් ඒ රහස දානියෙල්ට එළිදරව්විය. දානියෙල් ස්වර්ගයේ දෙවියන්වහන්සේට ප්‍රශංසා කෙළේය.


ඉන්පසු රාත්‍රියේ දර්ශනවලදී සතරවෙනි මෘගයෙකු දුටිමි; ඌ භයානකව බලවත්ව ඉතාම ශක්තිමත්ව සිටියේය; මහත් යකඩ දත් ඌට තිබුණේය. ඌ කාදමා පොඩිකර, ඉතිරි ඒවා උගේ පාදවලින් පෑගුවේය. ඌට පළමුවෙන් සිටි සියලු මෘගයන්ට ඌ වෙනස්ය; අං දසයක් ඌට තිබුණේය.


මම රාත්‍රි දර්ශනවලදී දුටිමි: බලව, අහසේ වලාකුල් සහිත මනුෂ්‍ය පුත්‍රයෙකුට සමාන කෙනෙක් ඇවිත් පුරාතන තැනන්වහන්සේ වෙතට පැමින්නේය, ඒ තැනන්වහන්සේ ඉදිරියට උන්වහන්සේ පමුණුවනු ලැබූසේක.


දර්ශනයෙන් මෙසේ දුටුවෙමි; දකින විට මම ඒලාම් පළාතෙහි තිබෙන ෂූසන් මාළිගාවෙහි සිටියෙමි; ඌලයි ගංගාව ළඟ මා සිටින බව දර්ශනයෙන් දුටිමි.


එළුවා ඉතා උඩඟුලෙස හැසුරුණේය. නුමුත් ඌ ශක්තිමත්වූ කල මහ අඟ බිඳුණේය; ඒ වෙනුවට මහත් අං සතරක් අහසේ සතර හුළං දෙසට හටගත්තේය.


ඔහු සිටගත්තායින් පසු ඔහුගේ රාජ්‍යය බිඳී, අහසේ සතර හුළඟට බෙදෙන්නේය; නුමුත් එසේ වෙන්නේ ඔහුගෙන් පැවත එන්නන්ටවත් ඔහු ආණ්ඩුකළ පරාක්‍රමයේ හැටියටවත් නොවේ; මක්නිසාද ඔහුගේ රාජ්‍යය උදුරාදමන්ට යෙදී, මොවුන්ට පමණක් නොව අන්‍යයන්ටත් ලැබෙන්නේය.


දූතයා මට උත්තරදෙමින්: මොව්හු මුළු පොළොවේ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිට පිටත්ව යන්නාවූ ආකාශයේ හුළං සතරයයි කීවේය.


අන්න, බොහෝ ජනසමූහයන්ගේ ඝෝෂාවක්! මුහුදුවල ඝෝෂාව මෙන් ඔව්හු ඝෝෂාකරති; ජාතීන්ගේ ගර්ජනාවක්ද ඇසෙන්නේය, බොහෝ ජලවල ගර්ජනාව මෙන් ඔව්හු ගර්ජනාකරති.


මුහුද බබිලෝනිය පිටට ගලා ආයේය. ඈ එහි රැළ රාශියෙන් වැසීගියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්