ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙරෙමියා 50:30 - Sinhala Revised Old Version

එබැවින් ඒ දවසේදී ඇගේ යෞවනයන් ඇගේ වීථිවලට වැටෙනවා ඇතැයිද ඇගේ සියලු යුද්ධකාරයන් මැරී නිශ්ශබ්දවෙනවා ඇතැයිද ස්වාමීන්වහන්සේ කියනසේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එබැවින් ඒ දවසේ දී බබිලෝනියේ තරුණයන් වීදිවල වැටෙනු ඇත; එහි සියලු හේවායෝ විනාශ කරනු ලබති. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එබැවින් ඒ දවසේ දී බබිලෝනියේ තරුණයන් වීදිවල වැටෙනු ඇත; එහි සියලු හේවායෝ විනාශ කරනු ලබති. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.

පරිච්ඡේදය බලන්න



යෙරෙමියා 50:30
10 හුවමාරු යොමු  

එබැවින් ඔවුන්ගේ දරුවන් සාගතයට භාරදී, ඔවුන් කඩුවේ බලයට අත්හැරිය මැනව; ඔවුන්ගේ භාර්යාවෝ දරුවන් නැත්තියෝද වැන්දඹුවෝද වෙත්වා; ඔවුන්ගේ පුරුෂයෝ වසංගතයෙන් මැරෙත්වා, ඔවුන්ගේ යෞවනයෝද යුද්ධයේදී කඩුවෙන් මැරුම්කත්වා.


මෝවබ් පාළුවිය, ඔව්හු ඇගේ නුවරවලට ගියෝය, ඔහුගේ තෝරාගත් යෞවනයෝද මැරුම් කෑමට බැස ගියෝයයි සේනාවල ස්වාමීන්වහන්සේ නම්වූ රජ්ජුරුවන්වහන්සේ කියනසේක.


එබැවින් ඒ දවසේදී ඇගේ යෞවනයෝ එහි වීථිවල වැටෙන්නෝය, එහි සියලු යුද්ධකාරයෝද නිශ්ශබ්ද කරනු ලබන්නෝයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


කඩුවක් පේනකියන්නන් පිටට පැමිණ, ඔවුන් මෝඩයන් වෙනවා ඇත. කඩුවක් ඇගේ හේවායින් පිටට පැමිණ ඔවුන් කැලඹෙනවා ඇත.


මක්නිසාද වීථිවලින් ළමයින්ද එළිමහන්වලින් යෞවනයන්ද සිඳදමන පිණිස මරණය අපේ කවුළුවලින් නැගී ඇවිත් අපේ මාළිගාවලට වැදුණේය.


නුඹලා රජුන්ගේ මස්ද සේනාපතීන්ගේ මස්ද බලවත් මනුෂ්‍යයන්ගේ මස්ද අශ්වයන් සහ උන් පිට හිඳිනවුන්ගේ මස්ද දාස නිර්දාස ලොකු කුඩා සියලු මනුෂ්‍යයන්ගේ මස්ද කන පිණිස, දෙවියන්වහන්සේගේ මහත් රාත්‍රි කෑමට ඇවිත් රැස් වෙන්නැයි කීවේය.


පොළොවේ රජවරුද උත්තමයෝද සේනාපතියෝද ධනවන්තයෝද බලවන්තයෝද සියලු දාසයෝද නිර්දාසයෝද කඳුවල ගුහාවලත් පර්වතවලත් සැඟවුණෝය;