Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 48:15 - Sinhala Revised Old Version

15 මෝවබ් පාළුවිය, ඔව්හු ඇගේ නුවරවලට ගියෝය, ඔහුගේ තෝරාගත් යෞවනයෝද මැරුම් කෑමට බැස ගියෝයයි සේනාවල ස්වාමීන්වහන්සේ නම්වූ රජ්ජුරුවන්වහන්සේ කියනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 “මෝවබ් සහ එහි නගරවල විනාශකයා පැමිණෙයි. එහි කදිම තරුණයෝ මැරුම් කෑමට බැස ගියෝ ය. මෙසේ පවසන්නේ සියලු බලැති සමිඳාණන් වහන්සේ නම් රජ තුමාණන් වන මම ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 “මෝවබ් සහ එහි නගරවල විනාශකයා පැමිණෙයි. එහි කදිම තරුණයෝ මැරුම් කෑමට බැස ගියෝ ය. මෙසේ පවසන්නේ සියලු බලැති සමිඳාණන් වහන්සේ නම් රජ තුමාණන් වන මම ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 48:15
17 හුවමාරු යොමු  

ඇගේ සියලු ගොනුන් මරන්න; උන් මැරුම්කෑමට බසිත්වා. ඔවුන්ට දුක්වේ! මක්නිසාද ඔවුන්ගේ දවස වන, ඔවුන්ට දඬුවම්කරන කාලය පැමිණ තිබේ.


කඳු අතරේ තාබොර් මෙන්ද මුහුද ළඟ තිබෙන කර්මෙල් මෙන්ද සැබෑවටම ඔහු එන්නේය කියා මාගේ ජීවිතය ගැන කියමියි සේනාවල ස්වාමීන්වහන්සේ නම්වූ රජ්ජුරුවන්වහන්සේ කියනසේක.


මම ඇගේ අධිපතීන්ද ඇගේ ප්‍රඥාවන්තයන්ද ඇගේ ආණ්ඩුකාරයන්ද ඇගේ මුලාදෑනීන්ද ඇගේ බලවතුන්ද මත්කරවන්නෙමි; ඔව්හුද නොපිබිදෙන හැටියට සදාකාල නින්දකට පැමිණෙන්නෝයයි සේනාවල ස්වාමීන්වහන්සේ නම් වූ රජ්ජුරුවන්වහන්සේ කියනසේක.


එසේ නොව බාරයක්වී තමාගේ රැළේ පිරිමි සතෙකු සිටිද්දී නරක්වූ සතෙකු ස්වාමීන්වහන්සේට ඔප්පුකරන ප්‍රයෝගකාරයාට ශාපවේවා. මක්නිසාද මම මහත් රජෙක්ය, මාගේ නාමය ජාතීන් අතරෙහි භයානකව තිබේයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


උන්වහන්සේගේ වස්ත්‍රයෙහිද කළවයෙහිද රජවරුන්ගේ රාජය, ස්වාමිවරුන්ගේ ස්වාමීන්වහන්සේය යන නාමය ලියා තිබේ.


බලව, නුඹලාගේ ගොයම් කැපූ වැඩකරුවන්ට නොදී තබාගත් ඔවුන්ගේ කුලිය කෑගසන්නේය. ගොයම් කැපූ අයගේ මොරගැසීමද සේනාවල ස්වාමීන්වහන්සේගේ කන්වල වැටුණේය.


ස්වාමීන්වහන්සේ මුළු පොළොව කෙරෙහි රජව සිටිනවා ඇත. ඒ කාලයෙහි ස්වාමීන්වහන්සේ පමණක්ම දෙවිව සිටිනවා ඇත, උන්වහන්සේගේ නාමය පමණක්ම ඇතිවන්නේය.


දැන් නෙබුකද්නෙශර් වන මම ස්වර්ගයේ රජ්ජුරුවන්වහන්සේට වර්ණනාද ප්‍රශංසාද ගෞරවද කරමි; මක්නිසාද උන්වහන්සේගේ සියලුම ක්‍රියාවල් සැබෑය, උන්වහන්සේගේ මාර්ගද ධර්මිෂ්ඨය. උඩඟුකමින් හැසිරෙන්නන් පහත්කරන්ට උන්වහන්සේට පුළුවන යනුය.


බැටළුපැටවුන්ද බැටළුවන් සහ එළුවන්ද මෙන් මැරුම්කෑමට ඔවුන් ගෙනෙන්නෙමි.


මෝවබ් කඩාදමනු ලැබුවාය; ඇගේ බාලයෝ කෑගැසීමක් පැවැත්තුවෝය.


මක්නිසාද මහෝත්තමවූ ස්වාමීන්වහන්සේ භයංකරය; උන්වහන්සේ මුළු පොළොව කෙරෙහි මහත් රජෙක් වනසේක.


මිසරයට ඇරියාක්මෙන් නුඹලා අතරට වසංගතය එවීමි. නුඹලාගේ තරුණයන් කඩුවෙන් මරාදැමීමි, නුඹලාගේ අශ්වයන්ද අල්ලාගෙනගියෙමි; නුඹලාගේ කඳවුරේ සේනාවල දුර්ගන්ධය නුඹලාගේ නාස්වලට වදින්ටත් සැලැස්වීමි. එහෙත් නුඹලා මා වෙතට හැරී නාවහුයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


ඔවුන්ගේ මිදුම්කාරයා බලවත්ව සිටිනසේක; උන්වහන්සේගේ නාමය සේනාවල ස්වාමීන්වහන්සේය. පොළොව නිශ්චලකරන පිණිසත් බබිලෝනියේ වැසියන් චංචල කරන පිණිසත් උන්වහන්සේ ඔවුන්ට යුක්තිය කරදෙනවාම ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්