Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 49:26 - Sinhala Revised Old Version

26 එබැවින් ඒ දවසේදී ඇගේ යෞවනයෝ එහි වීථිවල වැටෙන්නෝය, එහි සියලු යුද්ධකාරයෝද නිශ්ශබ්ද කරනු ලබන්නෝයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 එබැවින් එහි තරුණයෝ චතුරශ්‍රයන්හි වැටෙන්නෝ ය. ඒ දවසේ දී ඇගේ හේවායෝ විනාශයට පත් වන්නෝ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 එබැවින් එහි තරුණයෝ චතුරශ්‍රයන්හි වැටෙන්නෝ ය. ඒ දවසේ දී ඇගේ හේවායෝ විනාශයට පත් වන්නෝ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 49:26
7 හුවමාරු යොමු  

එබැවින් ඒ දවසේදී ඇගේ යෞවනයන් ඇගේ වීථිවලට වැටෙනවා ඇතැයිද ඇගේ සියලු යුද්ධකාරයන් මැරී නිශ්ශබ්දවෙනවා ඇතැයිද ස්වාමීන්වහන්සේ කියනසේක.


මිසරයට ඇරියාක්මෙන් නුඹලා අතරට වසංගතය එවීමි. නුඹලාගේ තරුණයන් කඩුවෙන් මරාදැමීමි, නුඹලාගේ අශ්වයන්ද අල්ලාගෙනගියෙමි; නුඹලාගේ කඳවුරේ සේනාවල දුර්ගන්ධය නුඹලාගේ නාස්වලට වදින්ටත් සැලැස්වීමි. එහෙත් නුඹලා මා වෙතට හැරී නාවහුයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


බලව, මම ඔවුන්ට දඬුවම් කරන්නෙමි. යෞවනයෝ කඩුවෙන් මැරුම්කන්නෝය; ඔවුන්ගේ පුත්‍රයෝද දූවරුද සාගතයෙන් මැරෙන්නෝය;


නුඹේ සම්පත්ද නුඹේ බඩුද නුඹේ වෙළඳාම්ද නුඹේ යාත්‍රාකාරයෝද නුඹේ නාවිකයෝද නුඹේ කැඩුම් හරිගස්සන්නෝද නුඹේ වෙළඳාමේ යෙදී සිටින්නෝද නුඹ තුළ සිටින නුඹේ සියලු යුද්ධකාරයෝද නුඹ ඇතුළෙහි සිටින නුඹේ මුළු සමූහයා සමඟ නුඹේ වැටීමේ දවසේදී මුහුද මැද වැටෙන්නෝය.


බාලයාද මහල්ලාද වීථිවල බිම වැතිර සිටිති; මාගේ කන්‍යාවෝද මාගේ යෞවනයෝද කඩුවෙන් වැටුණෝය. ඔබ ස්වකීය උදහසේ දවසේදී ඔවුන් නැසූසේක; අනුකම්පා නොකොට, මරාදැමූසේක.


මක්නිසාද වීථිවලින් ළමයින්ද එළිමහන්වලින් යෞවනයන්ද සිඳදමන පිණිස මරණය අපේ කවුළුවලින් නැගී ඇවිත් අපේ මාළිගාවලට වැදුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්