ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙරෙමියා 49:36 - Sinhala Revised Old Version

මම ඒලාමට විරුද්ධව අහසේ සතර කොනෙන් හුළං සතරක් පමුණුවා, ඒ සියලු හුළංවලට ඔවුන් විසුරුවා දමන්නෙමි; පන්නනු ලබන ඒලාම්වරුන් නොපැමිණෙන්නාවූ කිසි ජාතියක් නොවන්නේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මම ඒලාම්ට විරුද්ධ ව සතර කොනෙන් සුළං සතරක් හමන්න සලස්වා ඒ සුළඟින් එහි වැසියන් හැම අතට ම විසුරුවා දමන්නෙමි. ඒලාම් රටෙන් පන්නනු ලබන අය පලා නොයන රටක් නොවන්නේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මම ඒලාම්ට විරුද්ධ ව සතර කොනෙන් සුළං සතරක් හමන්න සලස්වා ඒ සුළඟින් එහි වැසියන් හැම අතට ම විසුරුවා දමන්නෙමි. ඒලාම් රටෙන් පන්නනු ලබන අය පලා නොයන රටක් නොවන්නේ ය.

පරිච්ඡේදය බලන්න



යෙරෙමියා 49:36
18 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේ යෙරුසලම ගොඩනගනසේක; පන්නාදමනු ලැබූ ඉශ්‍රායෙල් සෙනඟ රැස්කරනසේක.


උන්වහන්සේ ජාතීන්ට කොඩියක් ඔසවා, පන්වනු ලැබූ ඉශ්‍රායෙල්වරුන් රැස්කර, විසුරුවනු ලැබූ යූදාවරුන් පොළොවේ සතර කොනින් එකතුකරනසේක.


තවද ඒ දවසෙහි මහත් හොරණෑවක් පිඹිනු ලැබේ; එවිට අෂූර් දේශයෙහි නැතිවීයන්ට ළංව සිටි අයද මිසර දේශයෙහි පන්වනු ලැබ සිටි අයද ඇවිත් යෙරුසලමේ ශුද්ධ කන්දෙහි ස්වාමීන්වහන්සේට නමස්කාරකරන්නෝය.


පිටකරනු ලැබූ ඉශ්‍රායෙල්වරුන් එකතුකරන ස්වාමිවූ දෙවියන්වහන්සේ: ඔවුන් වෙතට එකතුවී සිටින්නන් හැර මම තවත් අය ඔවුන් වෙතට එකතුකරදෙන්නෙමියි කියනසේක.


පිටදමනු ලැබූ තැනැත්තිය, මෑ කිසිවෙකු විසින් නොසලකන සියොන්ය කියා නුඹට කියනලද බැවින්, මම නුඹට සනීප ලබාදී, නුඹේ පහර සුවකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


ඔවුන්ගේ ඔටුවෝ කොල්ලයක්ද ඔවුන්ගේ ගව සමූහයා ගොදුරක්ද වන්නෝය. හිසකේ කොන් කපාදමන අය මම සියලු දිශාවලට විසුරුවන්නෙමි; එහි සෑම පැතිවලින්ද ඔවුන්ට විනාශය පමුණුවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


එබැවින් නුඹ තුළ පියවරු පුත්‍රයන්ද පුත්‍රයෝ තමුන්ගේ පියවරුන්ද කන්නාහ; මම නුඹ තුළ විනිශ්චයන් ඉෂ්ටකොට, නුඹේ ඉතිරි සියල්ලන් දස දෙස විසුරුවාදමන්නෙමි.


නුඹෙන් තුනෙන් කොටසක් වසංගතයෙන් මියන්නේය, ඔව්හු සාගතයෙන් නුඹ තුළ නැතිවන්නෝය; තුනෙන් කොටසක් නුඹ අවටින් කඩුවෙන් වැටෙනවා ඇත; තුනෙන් කොටසක්ද මම දස දෙස විසුරුවාදමා, ඔවුන් පසුපස්සෙන් කඩුවක් දිගුකරන්නෙමි.


ඔහු සිටගත්තායින් පසු ඔහුගේ රාජ්‍යය බිඳී, අහසේ සතර හුළඟට බෙදෙන්නේය; නුමුත් එසේ වෙන්නේ ඔහුගෙන් පැවත එන්නන්ටවත් ඔහු ආණ්ඩුකළ පරාක්‍රමයේ හැටියටවත් නොවේ; මක්නිසාද ඔහුගේ රාජ්‍යය උදුරාදමන්ට යෙදී, මොවුන්ට පමණක් නොව අන්‍යයන්ටත් ලැබෙන්නේය.


ඒක බිඳුණු විට ඒක වෙනුවට සතරක් අටගත්තාක්මෙන් ඒ ජාතියෙන් රාජ්‍යවල් සතරක් හටගන්නවා ඇත, නුමුත් ඔහු වාගේ බලය ඇතුව නොවේ.


එළුවා ඉතා උඩඟුලෙස හැසුරුණේය. නුමුත් ඌ ශක්තිමත්වූ කල මහ අඟ බිඳුණේය; ඒ වෙනුවට මහත් අං සතරක් අහසේ සතර හුළං දෙසට හටගත්තේය.


කිසි ඇටයක් බිම නොවැටෙන හැටියට පෙනේරෙන් හලන්නාක්මෙන් මම අණකර, ඉශ්‍රායෙල් වංශය සියලු ජාතීන් අතරෙහි හලන්නෙමි.


දූතයා මට උත්තරදෙමින්: මොව්හු මුළු පොළොවේ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිට පිටත්ව යන්නාවූ ආකාශයේ හුළං සතරයයි කීවේය.


ස්වාමීන්වහන්සේ නුඹේ සතුරන් ඉදිරියෙහි නුඹ පරාජයවෙන්ට සලස්වනසේක. නුඹ ඔවුන්ට විරුද්ධව එක මගකින් ගොස් සත් මගකින් ඔවුන් ඉදිරියෙන් පලායන්නෙහිය. නුඹ පොළොවේ සියලු රාජ්‍යවල ඔබ මොබ ගෙනයනු ලබන්නෙහිය.


පොළොවේ එක් කෙළවරක පටන් අනික් කෙළවර දක්වා සියලු මනුෂ්‍ය වර්ගයන් අතරෙහි ස්වාමීන්වහන්සේ නුඹ විසුරුවාදමනසේක; එහිදී නුඹවත් නුඹේ පියවරුන්වත් දැනනොගත් ලීද ගල්දවූ අන් දෙවිවරුන්ට නුඹ සේවයකරන්නෙහිය.


ඉන්පසු ගොඩටවත් මුහුදටවත් කිසි ගහකටවත් හුළඟ නොවදින පිණිස දේවදූතයන් සතර දෙනෙක් පොළොවේ සතරදිග හුළඟ අල්ලාගන පොළොවේ සතර කොනේ සිටිනවා දුටිමි.