Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 8:8 - Sinhala Revised Old Version

8 එළුවා ඉතා උඩඟුලෙස හැසුරුණේය. නුමුත් ඌ ශක්තිමත්වූ කල මහ අඟ බිඳුණේය; ඒ වෙනුවට මහත් අං සතරක් අහසේ සතර හුළං දෙසට හටගත්තේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 එළුවා මහා ආඩම්බරයෙන් සිය දස්කම් පෑවේ ය. එහෙත්, ඌ බලයෙන් අගතැන් පත් ව සිටිය දී උගේ මහ අඟ බිඳී ගියේ ය. ඒ වෙනුවට මහ අං සතරක් අහසේ සතර දෙසට නෙරා හටගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 8:8
19 හුවමාරු යොමු  

දානියෙල් කථාකොට කියනුයේ: රාත්‍රියේ මාගේ දර්ශනයේදී මෙසේ දුටිමි–ආකාශයේ හුළං සතර මහා මුහුදට සැරෙන් ගැසුවේය.


ඉන්පසු ගොඩටවත් මුහුදටවත් කිසි ගහකටවත් හුළඟ නොවදින පිණිස දේවදූතයන් සතර දෙනෙක් පොළොවේ සතරදිග හුළඟ අල්ලාගන පොළොවේ සතර කොනේ සිටිනවා දුටිමි.


ඒක බිඳුණු විට ඒක වෙනුවට සතරක් අටගත්තාක්මෙන් ඒ ජාතියෙන් රාජ්‍යවල් සතරක් හටගන්නවා ඇත, නුමුත් ඔහු වාගේ බලය ඇතුව නොවේ.


මා කල්පනාකරමින් සිටියදී, බලව, එළුවෙක් බස්නාහිරින් මුළු පොළොව මතු පිට බිම අඩි තබන්නේ නැතුව ආවේය. එළුවාට උගේ ඇස් අතරේ මහත් අඟක් තිබුණේය.


එහෙත් ඔහුගේ සිත උසස්වී, උඩඟුකම්කරන ලෙස ඔහුගේ ආත්මය දැඩිවූ කල, ඔහු තමාගේ රාජාසනයෙන් පහත්කරනු ලැබුවේය, ඔහුගේ මහිමයද ඔහුගෙන් පහකරනු ලැබීය.


නුමුත් ඔහු බලවත්වූ කල, නපුර කරන ලෙස ඔහුගේ සිත උඩඟුවිය; ඔහු දුම් පූජාසනය පිට සුවඳ දුම් ඔප්පුකරන පිණිස ස්වාමීන්වහන්සේගේ මාලිගාවට ඇතුල්වීමෙන් තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට විරුද්ධව වරද කෙළේය.


එවිට උන්වහන්සේ තමන් දූතයන් යවා, පොළොවේ කෙළවර පටන් අහසේ කෙළවර දක්වා සතර දිගින් තමන්වහන්සේගේ තෝරාගත්තවුන් රැස්කරවනවා ඇත.


උන්වහන්සේ මහත් හොරණෑ ශබ්දයක් ඇතුව තමන් දූතයන් එවනසේක, ඔව්හු අහසේ එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වා සතර දිගින්ම උන්වහන්සේගේ තෝරාගත්තවුන් රැස්කරන්නෝය.


ඔහු සිටගත්තායින් පසු ඔහුගේ රාජ්‍යය බිඳී, අහසේ සතර හුළඟට බෙදෙන්නේය; නුමුත් එසේ වෙන්නේ ඔහුගෙන් පැවත එන්නන්ටවත් ඔහු ආණ්ඩුකළ පරාක්‍රමයේ හැටියටවත් නොවේ; මක්නිසාද ඔහුගේ රාජ්‍යය උදුරාදමන්ට යෙදී, මොවුන්ට පමණක් නොව අන්‍යයන්ටත් ලැබෙන්නේය.


ඉන්පසු තවත් එකෙකු දුටිමි; ඌ කොටියෙකු මෙන්ය, පක්ෂි පියාපත් සතරක් උගේ පිටේ තිබුණේය; ඒ මෘගයාට හිස් සතරකුත් තිබුණේය; ආණ්ඩු බලයද ඌට දෙනලද්දේය.


ඒ වචනය රජුගේ මුඛයෙහි තිබෙද්දීම අහසෙන් හඬක් පැමිණ: එම්බා නෙබුකද්නෙශර් රජ, රාජ්‍යය නුඹෙන් පහවිය.


නුඹ දෙවි කෙනෙක් නොව නුඹට තුවාලකරන්නාගේ අතේ මනුෂ්‍යයෙක්ව සිටින නුමුත්–මම දෙවිකෙනෙක්යයි නුඹව මරාදමන්නා ඉදිරියෙහි ඇත්තටම නුඹ කියන්නෙහිද?


කෙතේ දළුව මෙන් නුඹ රාශි ගණන් වැඩිකෙළෙමි, නුඹ වැඩ මහත්වී, ඉතා ලක්ෂණ ස්වභාවකට පැමිණියෙහිය; නුඹේ පියයුරු සෑදුණේය, නුඹේ ඉසකේද වැඩුණේය; නුමුත් නුඹ නිර්වස්ත්‍රව නග්නව සිටියෙහිය.


පක්ෂීන්ගෙන් පිරී තිබෙන කූඩුවක් මෙන් ඔවුන්ගේ ගෙවල් රැවටිල්ලෙන් පිරී තිබේ. ඒ නිසා ඔව්හු මහත්වී සිටිති, පොහොසත්වී සිටිති.


කුමක්හෙයින්ද මොර්දෙකයි රජගෙදර උත්තමයෙක්ව සිටියේය, ඔහුගේ කීර්තියද සියලු රටවල පතළවී ගියේය. මොර්දෙකයි නම් ඒ පුරුෂ තෙමේ වඩ වඩාත් උසස් විය.


මක්නිසාද මා විසින් ඔවුන්ගේ පියවරුන්ට දිවුළාවූ, කිරි හා මීපැණි ගලායන්නාවූ දේශයට මා විසින් ඔවුන් පැමිණෙවු කල්හි, ඔවුන් කා තෘප්තියට පැමිණ තරවූ කල්හි, ඔවුන් අන් දෙවිවරුන් වෙතට හැරී ඔවුන්ට සේවයකරමින්, මා එපාකර මාගේ ගිවිසුම කඩකරනවා ඇත.


මම ඒලාමට විරුද්ධව අහසේ සතර කොනෙන් හුළං සතරක් පමුණුවා, ඒ සියලු හුළංවලට ඔවුන් විසුරුවා දමන්නෙමි; පන්නනු ලබන ඒලාම්වරුන් නොපැමිණෙන්නාවූ කිසි ජාතියක් නොවන්නේය.


ඌ බැටළුවා වෙතට ළංවෙනවා දුටිමි, ඌ බැටළුවා කෙරෙහි ක්‍රෝධවී, ඌට ඇන, උගේ අං බිඳදැමීය; ඌට විරුද්ධව සිටින්ට බැටළුවාට කිසි බලයක් නොතිබුණේය. ඌ බැටළුවා බිම දමා පෑගුවේය; උගේ අතින් බැටළුවා ගළවන්ට කිසිවෙක් නොසිටියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්