ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙරෙමියා 48:31 - Sinhala Revised Old Version

එබැවින් මෝවබ් ගැන කෑමොරගසන්නෙමි; එසේය, මුළු මෝවබ් ගැන කෑගසන්නෙමි. කීර්-හෙරෙස්හි මනුෂ්‍යයන් ගැන ඔව්හු වැලපෙන්නෝය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එබැවින් මෝවබ් ගැන මුළු මෝවබ් ගැන වැලපෙන්නෙමි. කීර්-හෙරෙස්හි මිනිසුන් ගැන වැලපෙන්නෙමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එබැවින් මෝවබ් ගැන මුළු මෝවබ් ගැන වැලපෙන්නෙමි. කීර්-හෙරෙස්හි මිනිසුන් ගැන වැලපෙන්නෙමි.

පරිච්ඡේදය බලන්න



යෙරෙමියා 48:31
4 හුවමාරු යොමු  

ඔව්හු නුවරවල් කඩාදමා, රටේ සියලු හොඳ බිම්වලට එකිනෙකා ගලක් බැගින් දමා ඒවා පුරවා, සියලු දිය උල්පත් වසා, සියලු හොඳ ගස් කපාදැමුවෝය. කීර්-හරෙස‍ෙත්හි ඉතුරුකළේ ගල් පමණක්ය; ගල්පටිකාරයෝ ඒක වටලාගෙන ඊට පහර දුන්නෝය.


මාගේ සිත මෝවබ් නිසා කෑගසයි; ඇගේ උත්තමයෝ ශෝවාර්ටත් එග්ලත්-ෂෙලිෂියටත් පලා යති. මක්නිසාද ඔව්හු අඬ අඬා ලූහිත්හි ගොඩැල්ලෙන් නැගී යති; එසේය, හොරොනායිම් මාර්ගයේදී ඔව්හු විනාශයේ ඝෝෂාවක් පවත්වති.


ඒ නිසා මාගේ සිත මෝවබ් ගැන නළා මෙන් ශබ්දදෙයි, මාගේ සිත කීර්-හෙරෙස්හි මනුෂ්‍යයන් ගැනත් නළාවක් මෙන් ශබ්දදෙයි. මක්නිසාද ඔහු උපදවාගත් සම්පත් නැතිවිය.