Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 3:25 - Sinhala Revised Old Version

25 ඔව්හු නුවරවල් කඩාදමා, රටේ සියලු හොඳ බිම්වලට එකිනෙකා ගලක් බැගින් දමා ඒවා පුරවා, සියලු දිය උල්පත් වසා, සියලු හොඳ ගස් කපාදැමුවෝය. කීර්-හරෙස‍ෙත්හි ඉතුරුකළේ ගල් පමණක්ය; ගල්පටිකාරයෝ ඒක වටලාගෙන ඊට පහර දුන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 ඔව්හු නගර වනසා, රටේ හොඳ‍ සියලු කෙත්වතුවලට එකිනෙකා ගලක් බැගින් දමා ඒවා පුරවා, සියලු දිය උල්පත් වසා, සියලු හොඳ‍ ගස් කපාදැමූ හ. ඉතිරි වූයේ, කීර්හරෙසෙත් නුවර පමණකි. ගල්පටිවලින් විදින්නෝ එය වටලා ඊට පහර දුන්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 ඔව්හු නගර වනසා, රටේ හොඳ‍ සියලු කෙත්වතුවලට එකිනෙකා ගලක් බැගින් දමා ඒවා පුරවා, සියලු දිය උල්පත් වසා, සියලු හොඳ‍ ගස් කපාදැමූ හ. ඉතිරි වූයේ, කීර්හරෙසෙත් නුවර පමණකි. ගල්පටිවලින් විදින්නෝ එය වටලා ඊට පහර දුන්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 3:25
16 හුවමාරු යොමු  

ඒ නිසා මාගේ සිත මෝවබ් ගැන නළා මෙන් ශබ්දදෙයි, මාගේ සිත කීර්-හෙරෙස්හි මනුෂ්‍යයන් ගැනත් නළාවක් මෙන් ශබ්දදෙයි. මක්නිසාද ඔහු උපදවාගත් සම්පත් නැතිවිය.


එබැවින් මෝවබ් ගැන කෑමොරගසන්නෙමි; එසේය, මුළු මෝවබ් ගැන කෑගසන්නෙමි. කීර්-හෙරෙස්හි මනුෂ්‍යයන් ගැන ඔව්හු වැලපෙන්නෝය.


එබැවින් මෝවබ්වරු මෝවබ් නිසා කෑමොරගසන්නෝය. සියල්ලෝම කෑමොරගසන්නෝය. කීර්-හරෙසෙත්හි මිදිපල කැවිලි නිසා නුඹලා වැලපෙන්නහුය, ඒක මුළුමනින්ම පහර ලැබුවේය.


නුඹලා පවුරු ඇති සියලු නුවරවල්ද සියලු අනර්ඝ නුවරවල්ද නාස්තිකර, සියලු හොඳ ගස් කපා දමා, සියලු දිය උල්පත් වසා, සියලු හොඳ බිම් ගල් දමා නරක් නරන්නහුයයි කීවේය.


එහෙයින් මෝවබ් ගැන මාගේ අතුණුද කීර්-හෙරෙස් ගැන මාගේ හෘදයද වීණාවක්මෙන් ශබ්ද දෙන්නේය.


මෝවබ් ගැන දිව්‍ය ප්‍රකාශනයය. රාත්‍රියකදී මෝවබ්හි ආර් නගරය පාළුකොට නැතිකරනලද්දේය; රාත්‍රියකදී මෝවබ්හි කීර් බලකොටුව පාළුකොට නැතිකරනලද්දේය.


මෙසේ මහත් සෙනඟක් රැස්ව කථාකොට: අෂූර්හි රජුන් ආ විට ඔවුන්ට බොහෝ වතුර ලැබෙන්ට ඉඩ තබන්නේ කුමටදැයි කියා සියලු උල්පත්ද දේශය මැදින් ගලායන ඔයද නැවැත්තූහ.


ඔහු මෝවබ්වරුන්ටත් පහරදී, ඔවුන් බිම දිගාවෙන්ට සලස්වා, ලනුවකින් මැන්නේය; මරණ පිණිස පේළි දෙකක්ද ඉතුරුකරන පිණිස එක සම්පූර්ණ පේළියක්ද මැන්නේය. මෙසේ මෝවබ්වරු දාවිත්ට මෙහෙකරුවෝ ව කප්පන් ගෙනාවෝය.


අබිමෙලෙක් ඒ දවස මුළුල්ලෙහි නුවරට විරුද්ධව සටන්කොට නුවර අල්ලාගෙන එහි සිටි සෙනඟ මරා, නුවර බිඳහෙළා, එහි ලුණු වැපුරුවේය.


ස්වාමීන්වහන්සේ මට කථාකොට: මෝවබ්ට සතුරුකමක්වත් ඔහුට විරුද්ධව සටනක්වත් නොකරන්න. ඔවුන්ගේ දේශයෙන් නුඹට කිසි උරුමයක් නොදෙන්නෙමි; මක්නිසාද ආර් මා විසින් ලොත්ගේ පුත්‍රයන්ට උරුමයක් කොට දී තිබේයයි කීසේක.


තවද තම පියවූ ආබ්‍රහම්ගේ දවස්වලදී හාරනලද්දාවූ, ආබ්‍රහම්ගේ මරණයෙන් පසු පිලිස්තිවරුන් විසින් වසාදමා තිබුණාවූ වතුර ඇති ළින් ඊසාක් නැවත හාරා තමාගේ පියා තබා තිබුණාවූ නාම ඒ ළින්වලට තැබුවේය.


ඔහුගේ පියවූ ආබ්‍රහම්ගේ දවස්වලදී ඔහුගේ පියාගේ වැඩකාරයන් විසින් හෑරූ සියලු ළින් පිලිස්තිවරුන් විසින් පස් පුරවා වසාදමා තිබුණේය.


ඔවුන් ඉශ්‍රායෙල් කඳවුරට පැමිණිවිට ඉශ්‍රායෙල්වරු නැගිට මෝවබ්වරුන් තමුන් ඉදිරියෙන් පලායන තුරු ඔවුන්ට පහරදී, ඔවුන්ගේ රටටත් ගොස් මෝවබ්වරුන්ට පහර දුන්නෝය.


මෝවබ් රජ සටන තමාට ඉතා සැරව තිබුණු බව දැක ඒදොම් රජු කරා සේනාව මැදින් බිඳගන යන පිණිස කඩු ගත් මනුෂ්‍යයන් සත්සියයක් රැගෙන ආවේය. එහෙත් ඔවුන්ට යන්ට නුපුළුවන්විය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්