Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 48:32 - Sinhala Revised Old Version

32 අහෝ සිබ්මාහි මිදිවැල, යාසේර්හි ඇඬීමට වඩා නුඹ ගැන අඬන්නෙමි. නුඹේ අතු මුහුදෙන් එපිටට ගියේය, ඒවා යාසේර් මුහුද දක්වාම පැතිර ගියේය. නුඹේ ඵල නෙළාගැනීමේදීත් නුඹේ මුද්‍රික වලු කපාගැනීමේදීත් නාස්තිකරන්නා පැමුණුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

32 ජාසෙර්හි සෙනඟ ගැන වැලපෙනවාට වඩා මිදි වැලක් වැනි සිබ්මාහි සෙනඟ ගැන වැලපෙන්නෙමි. එහි අතු මළ මුහුදෙන් එපිට විහිදී ජාසෙර් දක්වා පැතිර ගොස් ඇත. එහෙත්, දැන් එහි ග්‍රීෂ්ම කාලයේ පල හා මුද්‍රික වලු පිට විනාශය පැමිණ ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

32 ජාසෙර්හි සෙනඟ ගැන වැලපෙනවාට වඩා මිදි වැලක් වැනි සිබ්මාහි සෙනඟ ගැන වැලපෙන්නෙමි. එහි අතු මළ මුහුදෙන් එපිට විහිදී ජාසෙර් දක්වා පැතිර ගොස් ඇත. එහෙත්, දැන් එහි ග්‍රීෂ්ම කාලයේ පල හා මුද්‍රික වලු පිට විනාශය පැමිණ ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 48:32
13 හුවමාරු යොමු  

මෝසෙස් යාසේර් රට සෝදිසිකරන පිණිස හැරියේය, ඔව්හු එහි නියම්ගම් අල්ලාගෙන එහි සිටි අමෝරිවරුන් පන්නාදැමූහ.


කිරියාතයිම්ද සිබ්මාද මිටියාවතේ කන්දෙහි තිබෙන ශෙරෙත්-ෂහර්ද,


අහෝ දීබොන්හි වාසයකරන දියණිය, නුඹේ ඓශ්චර්යයෙන් හීනව බැස, පිපාසායෙන් හිඳගන්න; මක්නිසාද මෝවබ් නාස්තිකරන්නා නුඹට විරුද්ධව ඇවිත් නුඹේ බලකොටු විනාශකෙළේය.


මෝවබ් පාළුවිය, ඔව්හු ඇගේ නුවරවලට ගියෝය, ඔහුගේ තෝරාගත් යෞවනයෝද මැරුම් කෑමට බැස ගියෝයයි සේනාවල ස්වාමීන්වහන්සේ නම්වූ රජ්ජුරුවන්වහන්සේ කියනසේක.


නාස්තිකරන්නාද සියලු නුවරවලට පැමිණෙන්නේය, කිසි නුවරක් නොගැළවෙන්නේය; ස්වාමීන්වහන්සේ කී ලෙස මිටියාවත නැතිවන්නේය, තලාව විනාශවන්නේය.


මම වනාහි අප ළඟට එන්නාවූ කල්දිවරුන් ඉදිරිපිට පෙනී සිටින්ට මිශ්පාහි වාසයකරමි. නුඹලා මුද්‍රිකපානයද ඉදුණු ඵලද තෙල්ද එකතුකොට නුඹලාගේ භාජනවල තබා, නුඹලා ලබාගත් නුවරවල වාසයකරන්නැයි කීවේය.


මහනයිම් සහ එහි පිට-බිම්ද, හෙෂ්බොන් සහ එහි පිට-බිම්ද යාශෙර් සහ එහි පිට-බිම්ද යන නුවරවල් සතරත් දුන්නෝය.


නම් වෙනස්වුණාවූ නෙබෝ හා බාල්මෙයොන්ද සිබ්මාද ගොඩනැගුවෝය. ඔව්හු තමුන් විසින් ගොඩනැගූ නුවරවලට වෙන නම් තැබුවෝය.


අත්රොත්ෂොඵාන්ද යාසේර්ද යොග්බෙහාද;


රූබෙන් පුත්‍රයන්ටද ගාද් පුත්‍රයන්ටද ගවයෝ ඉතා මහත් සමූහයක් වූහ. ඔව්හු යාසේර් දේශයද ගිලියද් දේශයද සිව්පාවුන්ට සුදුසු ස්ථානයක් බව දුටුවෝය.


ඔවුන්ගේ පළාත නම් යාශෙර්ද ගිලියද්හි සියලු නුවරවල්ද රබ්බා ඉදිරිපිට තිබෙන අරොයෙර් දක්වා අම්මොන් පුත්‍රයන්ගේ රටෙන් දෙකෙන් කොටසද,


ඉශ්‍රායෙල් සභාව ඉදිරිපිට ස්වාමීන්වහන්සේ පහර දුන් දේශය වන,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්