ඔවුන් පිටතට ගෙනා කල්හි උන්වහන්සේ කථාකොට: නුඹේ ප්‍රාණය ගළවාගන්ට දුවන්න; ආපසු නොබලන්න. සමභූමියෙහි කොතැනවත් නැවතී නොසිටින්න; නාස්තිනොවන පිණිස කන්දට දුවන්නැයි කීසේක.
යෙරෙමියා 46:5 - Sinhala Revised Old Version ඔවුන් කැලඹී පස්සට හැරෙනවා මට පෙනුණේ මක්නිසාද? ඔවුන්ගේ බලවන්තයෝ පොඩිකරනු ලැබ, පස්ස නොබලා පලායන්ටම යෙදුණෝය. වටකරින්ම භීතිය ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක. Sinhala New Revised Version ඔවුන් කැළඹී ආපසු හැරෙනු ඇත. එබන්දක් මට දකින්නට ලැබුණේ මන් ද? ඔවුන්ගේ බලවන්තයෝ පැරදී ආපසු නොබලා, හදිසියේ පලා ගියෝ ය. සතර දිගින් ම භීතිය ඇත. සමිඳාණෝ මෙසේ වදාරන සේක. Sinhala New Revised Version 2018 ඔවුන් කැළඹී ආපසු හැරෙනු ඇත. එබන්දක් මට දකින්නට ලැබුණේ මන් ද? ඔවුන්ගේ බලවන්තයෝ පැරදී ආපසු නොබලා, හදිසියේ පලා ගියෝ ය. සතර දිගින් ම භීතිය ඇත. සමිඳාණෝ මෙසේ වදාරන සේක. |
ඔවුන් පිටතට ගෙනා කල්හි උන්වහන්සේ කථාකොට: නුඹේ ප්‍රාණය ගළවාගන්ට දුවන්න; ආපසු නොබලන්න. සමභූමියෙහි කොතැනවත් නැවතී නොසිටින්න; නාස්තිනොවන පිණිස කන්දට දුවන්නැයි කීසේක.
ඔව්හු කැලඹෙන්නෝය; වේදනාද රුජාද අල්ලා ඔව්හු බිහිකරන ස්ත්‍රියෙකුමෙන් වේදනා විඳින්නෝය. ඔව්හු එකිනෙකා දෙස විස්මයෙන් බලන්නෝය; ඔවුන්ගේ මුහුණු ගිනිදළු මෙන් වන්නෝය.
ඒ දවසේ මිසරවරු ස්ත්‍රීන් මෙන් වී, සේනාවල ස්වාමීන්වහන්සේ ඔවුන්ට විරුද්ධව සොලවන උන්වහන්සේගේ, අතේ සෙලවීමට භයපත්වී, වෙවුලන්නෝය.
රූප කෙරෙහි විශ්වාසකරන්නාවූ, නුඹලා අපේ දෙවිවරුයයි පිළිමවලට කියන්නාවූ අය පස්සට හරවනු ලබන්නෝය, බොහෝසෙයින් ලජ්ජාවට පත්වන්නෝය.
එබැවින් ස්වාමීන්වහන්සේගේ උදහස තමන්ගේ සෙනඟට විරුද්ධව ඇවිළ, උන්වහන්සේ ඔවුන්ට විරුද්ධව තමන්ගේ අත දිගුකොට, හෙල් චංචලවෙන්ටත් ඔවුන්ගේ මළකඳන් කසළ මෙන් වීථිවල තිබෙන්ටත් ඔවුන්ට පහරදුන්සේක. මේ සියල්ල වූ නුමුත් උන්වහන්සේගේ උදහස පහ නොවී, උන්වහන්සේගේ හස්තය තවම දිගුකර තිබේ.
මක්නිසාද මා බොහෝ දෙනෙකුගේ කේලාම් අසා තිබේ, වටකරින්ම භීතිය තිබේ. දන්වන්න, අපිත් එය දන්වන්නෙමුයයි කියා මාගේ හිතේසි මිත්‍රයන් සියල්ලෝ මාගේ පැකිලීම ගැන බලාසිට: සමහරවිට ඔහු පෙළඹෙනවා ඇත, එවිට අපි ඔහු පරාජයකොට ඔහුගෙන් පළිගන්නෙමුයයි කියති.
නුඹේ බලසම්පන්න අය පහකරදමනු ලැබුවේ මක්නිසාද? ඔවුන් නොහිටියේ ස්වාමීන්වහන්සේ ඔවුන් පන්නාදැමූ නිසාය.
ඈ තුළ සිටින ඇගේ කුලීකාර හේවායොත් තර කරපු වස්සන්ට සමානය; මක්නිසාද ඔව්හු පවා පස්සට හැරී එක්ව පලාගියෝය. ඔවුන්ගේ විපත්ති දවස එනම් ඔවුන්ට දඬුවම්කිරීමේ කාලය ඔවුන් පිටට පැමුණුණු නිසා ඔව්හු නොසිටියෝය.
ඔවුන්ගේ කූඩාරම්ද බැටළු රැළවල්ද ගෙනයනු ලබන්නෝය, ඔවුන්ගේ තිරද ඔවුන්ගේ සියලු භාණ්ඩද ඔවුන්ගේ ඔටුවන්ද තමුන්ටම අරගෙන යන්නෝය. භීතිය වටකරින්ම ඇත්තේය කියා ඔව්හු ඔවුන්ට මොරගසන්නෝය.
බලව, නුඹ වටකර සිටින සියල්ලන්ගෙන් නුඹ පිටට භීතියක් පමුණුවන්නෙමියි මහෝත්තමවූ සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක; නුඹලා එකිනෙකා තම තමා ඉදිරිපිටින් පන්නනු ලබන්නහුය, පලායන අය පිළිගැනීමටද කිසිවෙක් නොවන්නේය.
එසේය, මම නුඹ ගැන බොහෝ ජනයන් විස්මයට පමුණුවන්නෙමි, ඔවුන් ඉදිරිපිට මාගේ කඩුව ලෙළවන කල ඔවුන්ගේ රජවරුත් නුඹ නිසා ඉතා භයවන්නෝය; නුඹේ වැටීමේ දවසේදී ඔවුන් එක එකා තම තමාගේ ප්‍රාණය ගැන මොහොතෙන් මොහොත වෙවුලන්නේය.
තෙපි බලවතුන්ගේ මාංස කන්නහුය, පොළොවේ අධිපතීන්ගේද බැටළුවන්ගේද බැටළු පැටවුන්ගේද එළුවන්ගේද ගවයන්ගේද ලේ බොන්නහුය, උන් සියල්ලෝම බාෂාන්හි තර සත්තුය.
නිනිවය පුරාණයේ සිට වතුර පොකුණක් මෙන් (මිනිසුන්ගෙන්) පිරී තිබුණේය. නුමුත් ඔව්හු පලායති; සිටින්න, සිටින්නය කියන නුමුත් කිසිවෙක් හැරී නොබලයි.
රිදී කොල්ලකාගන්න, රන් කොල්ලකාගන්න. වස්තුද නිමක් නැත, අනර්ඝවූ සියලු ආකාර බඩු රාශියක් ඇත්තේය.
ස්වාමීන්වහන්සේගේ මහත් දවස ළංව තිබේ, ඒක, එනම් ස්වාමීන්වහන්සේගේ දවසේ ශබ්දය, ළංව ඉතා ඉක්මනට එන්නේය. එකල බලවතා තදලෙස කෑගසන්නේය.