Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 49:5 - Sinhala Revised Old Version

5 බලව, නුඹ වටකර සිටින සියල්ලන්ගෙන් නුඹ පිටට භීතියක් පමුණුවන්නෙමියි මහෝත්තමවූ සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක; නුඹලා එකිනෙකා තම තමා ඉදිරිපිටින් පන්නනු ලබන්නහුය, පලායන අය පිළිගැනීමටද කිසිවෙක් නොවන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 නුඹලා වටකර සිටින සියල්ලන්ගෙන් නුඹලා පිට භීතියක් මම පමුණුවන්නෙමි. නුඹලා එකිනෙකා පන්නනු ලබන්නහු ය. පලා යන අය පිළිගැනීමට ද කිසිවෙක් නොවන්නෝ ය. මෙසේ පවසන්නේ සියලු බලැති ස්වාමීන් වන මම ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 නුඹලා වටකර සිටින සියල්ලන්ගෙන් නුඹලා පිට භීතියක් මම පමුණුවන්නෙමි. නුඹලා එකිනෙකා පන්නනු ලබන්නහු ය. පලා යන අය පිළිගැනීමට ද කිසිවෙක් නොවන්නෝ ය. මෙසේ පවසන්නේ සියලු බලැති ස්වාමීන් වන මම ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 49:5
16 හුවමාරු යොමු  

ඔවුන්ගේ කූඩාරම්ද බැටළු රැළවල්ද ගෙනයනු ලබන්නෝය, ඔවුන්ගේ තිරද ඔවුන්ගේ සියලු භාණ්ඩද ඔවුන්ගේ ඔටුවන්ද තමුන්ටම අරගෙන යන්නෝය. භීතිය වටකරින්ම ඇත්තේය කියා ඔව්හු ඔවුන්ට මොරගසන්නෝය.


ඔවුන් කැලඹී පස්සට හැරෙනවා මට පෙනුණේ මක්නිසාද? ඔවුන්ගේ බලවන්තයෝ පොඩිකරනු ලැබ, පස්ස නොබලා පලායන්ටම යෙදුණෝය. වටකරින්ම භීතිය ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


නුඹලා කපොලුවලින් එක එකා තම තමා ඉදිරිපිටින් පිටත්ව යන්නහුය; නුඹලා හාර්මොන්ට විසිකරනු ලබන්නහුයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, නුඹ සහ නුඹේ සියලු මිත්‍රයන්ද භීතියට භාරදෙමි. ඔව්හු තමුන්ගේ සතුරන්ගේ කඩුවෙන් වැටෙන්නෝය, නුඹද නුඹේම ඇස්වලින් එය දකින්නෙහිය. මම මුළු යූදා දේශයත් බබිලොන් රජුගේ අතට භාරදෙන්නෙමි, ඔහුද ඔවුන් බබිලෝනියට ගෙන ගොස් කඩුවෙන් මරන්නේය.


මුහුදේ වැලිවලට වඩා ඔවුන්ගේ වැන්දඹුවෝ වැඩිවූවෝය. මම යෞවනයන්ගේ මවුට විරුද්ධව ඉර මුදුන් වේලාවේ නාස්ති කරන්නෙක් ඔවුන් කෙරෙහි පැමිණෙවුවෙමි. වෙවුලුමද කැලඹීම්ද හදිසියෙන් ඈ පිටට වැටෙන්ට සැලැස්සුවෙමි.


උපදෙස් දෙන්න, යුක්තිය කරන්න; ඉරමුදුන් වේලෙහිම නුඹේ සෙවණැල්ල රාත්‍රියට සමානකරන්න. නෙරපනලද්දවුන් සඟවාගන්න; පලාඑන තැනැත්තා පාවා නොදෙන්න.


කිසිවෙක් එළවාගෙන නොඑන නුමුත් දුෂ්ටයෝ පලායති; එහෙත් ධර්මිෂ්ඨයෝ සිංහයෙකු මෙන් නිර්භීතව සිටිති.


භයංකර ශබ්ද ඔහුගේ කන්වලට ඇසෙන්නේය; සමෘද්ධියේදී නාස්තිකරන්නා ඔහු පිටට පැමිණෙන්නේය.


ඔහු ආරංචියක් අසා තමාගේ දේශයට හැරීයන ලෙස මම ඔහු පිටට ආත්මයක් පමුණුවා, ඔහුගේ දේශයේදී ඔහු කඩුවෙන් වැටෙන්ට සලස්වන්නෙමියි කියනසේකැයි නුඹලාගේ ස්වාමියාට දන්වන්නැයි කීවේය.


ඒ මනුෂ්‍යයන්ට කථාකොට: ස්වාමීන්වහන්සේ දේශය නුඹලාට දී තිබෙන බවද නුඹලා නිසා භීතිය අප පිට පැමිණ තිබෙන බවද දේශයේ සියලු වැසියන්ගේ සිත් නුඹලා නිසා දියවී තිබෙන බවද දනිමි.


බලව, ඔවුන් අල්ලන පිණිස මම මසුන් අල්ලන්නන් බොහෝදෙනෙකු එවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. ඉන්පසු සියලු කඳුවලද සියලු හෙල්වලද පර්වත විවරවලද ඔවුන් දඩයම්කරන පිණිස බොහෝ දඩයක්කාරයන් එවන්නෙමි.


අහක්වෙන්න, අපවිත්‍රය! අහක් වෙන්න, අහක්වෙන්න, තැවරෙන්ට එපායයි ඔව්හු ඔවුන්ට මොරගැසුවෝය. ඔවුන් පලාගොස් ඔබමොබ ගිය විට: ඔව්හු තවත් මෙහි නොසිටින්නෝ යයි ජාතීන් අතරේ කියනලද්දේය.


කෙතට නොයන්න, මාර්ගයෙහි නොයන්න; මක්නිසාද සතුරාගේ කඩුවද හැම අතින්ම භීතියද තිබේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්