ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙරෙමියා 38:20 - Sinhala Revised Old Version

එවිට යෙරෙමියා: ඔවුන් නුඹ පාවාදෙන්නේ නැත. මා විසින් ඔබට කියන හැටියට ස්වාමීන්වහන්සේගේ හඬට කීකරුවුණ මැනවි; එයින් නුඹට ශුභසිද්ධවී නුඹේ ප්‍රාණය ජීවත්වන්නේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ජෙරමියා මෙසේ පිළිතුරු දුන්නේ ය: “ඔවුන් ඔබ පාවා දෙන්නේ නැත. මා ඔබට කියන හැටියට සමිඳාණන් වහන්සේගේ හඬට කීකරු වුව මැනව. එයින් ඔබට ශුභසිද්ධ වී ඔබ ජීවත් වන්නෙහි ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ජෙරමියා මෙසේ පිළිතුරු දුන්නේ ය: “ඔවුන් ඔබ පාවා දෙන්නේ නැත. මා ඔබට කියන හැටියට සමිඳාණන් වහන්සේගේ හඬට කීකරු වුව මැනව. එයින් ඔබට ශුභසිද්ධ වී ඔබ ජීවත් වන්නෙහි ය.

පරිච්ඡේදය බලන්න



යෙරෙමියා 38:20
20 හුවමාරු යොමු  

ඉතින් නුඹ නිසා මට යහපත සිද්ධවෙන පිණිසද නුඹ කරණකොටගෙන මාගේ ප්‍රාණය ගැළවෙන පිණිසද නුඹ මාගේ සහෝදරීයයි කියන ලෙස ඉල්ලමියි කීය.


මෙන්න, පලායන්ට අර නුවර ළඟය, ඒක කුඩා එකක්ය. අහෝ එහි පලායන්ට අවසර ලැබේවා; ඒක කුඩා එකක් නොවේද? එවිට මාගේ ප්‍රාණය ජීවත්වන්නේයයි ඔවුන්ට කීය.


ඔව්හු අලුයම නැගිට තෙකෝවා කාන්තාරයට පිටත්ව ගියෝය. ඔවුන් පිටත්වෙද්දී යෙහෝෂාපාට් නැගිට සිට කථාකොට: යූදාවරුනි, යෙරුසලමේ වැසියෙනි, මාගේ වචන අසන්න; නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්න, එවිට නුඹලා ස්ථිරවන්නහුය; උන්වහන්සේගේ ප්‍රොපේතවරුන් විශ්වාස කරන්න. එවිට නුඹලා සඵලවන්නහුයයි කීවේය.


ඔහු මට උගන්වමින් මෙසේ කීයේය: ඒ මාගේ වචන නුඹේ සිතේ තබාගන්න; මාගේ ආඥා රක්ෂාකොට ජීවත්වන්න.


මාගේ ආඥා පවත්වා ජීවත්වෙන්න; මාගේ උපදෙස්ද නුඹේ ඇසේ කළුරුවාව මෙන් රක්ෂාකරන්න.


නුඹලාගේ කන් යොමා මා ළඟට ඇවිත් අසන්න; එවිට නුඹලාගේ ප්‍රාණය ජීවත්වන්නේය. මමද දාවිත්ගේ සහතික කරුණාවල් වන සදාකාල ගිවිසුමක් නුඹලා සමඟ කරන්නෙමි.


එය වනාහි මා විසින් නුඹලාගේ පියවරුන් මිසර දේශය වන යකඩ උදුනෙන් පිටතට ගෙනා කල ඔවුන්ට කථාකොට: අද තිබෙන ප්‍රකාරයට කිරිද මීපැණිද ගලායන්නාවූ දේශයක් නුඹලාගේ පියවරුන්ට දෙන හැටියට මා ඔවුන්ට දිවුළ දිවිරීම ඉෂ්ට කරන පිණිස, නුඹලා මාගේ හඬට කීකරුවී, මා නුඹලාට අණකරන්නාවූ සියල්ල ලෙස කරන්න;


නුමුත් ඔව්හු කීකරු නොවී, තමුන්ගේ කන් යොමු නොකර, තම තමුන්ගේ නපුරු සිත්වල මුරණ්ඩුකමේ හැටියට හැසුරුණෝය. ඉන්නිසා කරන්ට මා අණකළ නුමුත් ඔවුන් නොකළාවූ මේ ගිවිසුමේ සියලු කාරණා ඔවුන් පිටට පැමිණෙවුවෙමියි කියන්නැයි කීසේක.


එබැවින් දැන් නුඹලාගේ මාර්ග සහ ක්‍රියා හරිගස්සාගන නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට කීකරුවෙන්න; එවිට ස්වාමීන්වහන්සේ නුඹලාට විරුද්ධව කියා තිබෙන විපත්තිය ගැන පසුතැවිලි වෙනවා ඇත.


එහෙත් නුඹ යන්නේ නැතැයි කියතොත්, ස්වාමීන්වහන්සේ මට පෙන්වා තිබෙන වචනය මෙසේය:


නුමුත් මා ඔවුන්ට අණකළේ: මාගේ හඬට කීකරුවෙන්න, එවිට මම නුඹලාගේ දෙවියන්වහන්සේ වන්නෙමි, නුඹලාද මාගේ සෙනඟ වන්නහුය. නුඹලාට ශුභසිද්ධවන පිණිස මා නුඹලාට අණකරන්නාවූ මුළු මාර්ගයෙහි හැසිරෙන්නය යන දේය.


එබැවින්, රජ්ජුරුවෙනි, මාගේ දැනමුතුකමට ප්‍රසන්නවී, ධර්මිෂ්ඨකම්කිරීමෙන් ඔබගේ පාපද දිළිඳුන්ට කරුණාකිරීමෙන් ඔබගේ අපරාධද පහකළ මැනව; එසේ කිරීමෙන් සමහරවිට ඔබගේ සමාදානය පවතින්ට පුළුවනැයි කීවේය.


එසේය, ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් වංශයට මෙසේ කියනසේක:


යුක්තිය කොසඹවලට හරවන්නාවූ, ධර්මිෂ්ඨකම බිම හෙළන්නාවූ තැනැත්තෙනි,


පාවුල් කථාකොට: ඔබ පමණක් නොව අද මාගේ වචන අසන සියල්ලන්ද, වැඩියෙන් හෝ අඩුවෙන් හෝ, මේ බැඳුම් හැර මා වාගේ වෙන ලෙස දෙවියන්වහන්සේට යාච්ඤාකරමියි කීවේය.


එබැවින් ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම කිමෙක්දැයි දන්නාවූ අපි මනුෂ්‍යයන් පොලඹවමුව, නුමුත් අපි දෙවියන්වහන්සේට ප්‍රකාශකරනු ලැබ සිටිමුව; නුඹලාගේ හෘදයසාක්ෂිවලටද අපි ප්‍රකාශව සිටිමුයයි විශ්වාසකරමි.


එබැවින් දෙවියන්වහන්සේ අප ලවා ඉල්වන්නාක්මෙන් අපි ක්‍රිස්තුස්වහන්සේ වෙනුවෙන් තානාපතියෝව සිට: දෙවියන්වහන්සේ හා සමඟිවෙන්නැයි ක්‍රිස්තුස්වහන්සේ වෙනුවෙන් නුඹලාගෙන් ඉල්ලමුව.


තවද අපි දෙවියන්වහන්සේ සමඟ හවුල් වැඩකරන්නෝව, නුඹලා උන්වහන්සේගේ අනුග්‍රහය නිෂ්ප්‍රයෝජනයේ නොලබන ලෙස ඉල්ලා සිටිමුව.


නුමුත් නුඹලාම රවටාගනිමින් වචනය අසන්නෝ පමණක් නොවී එය පිළිපදින්නෝ වෙන්න.