Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 19:20 - Sinhala Revised Old Version

20 මෙන්න, පලායන්ට අර නුවර ළඟය, ඒක කුඩා එකක්ය. අහෝ එහි පලායන්ට අවසර ලැබේවා; ඒක කුඩා එකක් නොවේද? එවිට මාගේ ප්‍රාණය ජීවත්වන්නේයයි ඔවුන්ට කීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 බලන්න, අර නගරය, එය කුඩා වූවත් පලායාමට මට එය කිට්ටු ය. ගැළවී එහි යන්නට මට අවසරයි! ඒ කුඩා නගරයක් නොවේ ද? එහෙත්, මට එහි සුරක්ෂිත ව ඉන්නට පුළුවනැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 බලන්න, අර නගරය, එය කුඩා වූවත් පලායාමට මට එය කිට්ටු ය. ගැළවී එහි යන්නට මට අවසරයි! ඒ කුඩා නගරයක් නොවේ ද? එහෙත්, මට එහි සුරක්ෂිත ව ඉන්නට පුළුවනැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 19:20
9 හුවමාරු යොමු  

මාගේ ආත්මය ජීවත්වේවා, එවිට එය ඔබට ප්‍රශංසාකරන්නේය; ඔබගේ විනිශ්චයෝ මට උපකාර කෙරෙත්වා.


යම් නුවරක හොරණෑව පිම්බාම සෙනඟ භය නොවන්නෝද? ස්වාමීන්වහන්සේ නොපැමිණෙවු විපත්තියක් නුවරක ඇත්තේද?


නුඹලාගේ කන් යොමා මා ළඟට ඇවිත් අසන්න; එවිට නුඹලාගේ ප්‍රාණය ජීවත්වන්නේය. මමද දාවිත්ගේ සහතික කරුණාවල් වන සදාකාල ගිවිසුමක් නුඹලා සමඟ කරන්නෙමි.


ලොත් ඔහුගේ දූවරුන් දෙදෙනාත් සමඟ ශොවර් කෙරෙන් ගොස් කන්දේ වාසයකෙළේය; මක්නිසාද ඔහු ශොවර්හි වාසයකරන්ට භයවිය. ඔහුත් ඔහුගේ දූවරු දෙදෙනාත් ගුහාවක වාසයකළෝය.


ඉතින් නුඹ නිසා මට යහපත සිද්ධවෙන පිණිසද නුඹ කරණකොටගෙන මාගේ ප්‍රාණය ගැළවෙන පිණිසද නුඹ මාගේ සහෝදරීයයි කියන ලෙස ඉල්ලමියි කීය.


මෙන්න බැලුව මැනවි, ඔබගේ මෙහෙකරුවාට ඔබ ඉදිරියෙහි කරුණාව ලැබී තිබේ; මාගේ ප්‍රාණය රක්ෂාකිරීමෙන් ඔබ මට මහත් ලෙස කරුණාකළසේක; මට කන්දට පලායන්ට නුපුළුවන, සමහරවිට මට නපුර පැමිණීමෙන් මරණය සිදුවිය හැකිය.


උන්වහන්සේද: බලව, නුඹ සඳහන්කළ නුවර මා විසින් විනාශ නොකරන හැටියට මේ කාරණය ගැනත් නුඹ පිළිගතිමි.


එවිට යෙරෙමියා: ඔවුන් නුඹ පාවාදෙන්නේ නැත. මා විසින් ඔබට කියන හැටියට ස්වාමීන්වහන්සේගේ හඬට කීකරුවුණ මැනවි; එයින් නුඹට ශුභසිද්ධවී නුඹේ ප්‍රාණය ජීවත්වන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්