මෙතැනින් පිටත්ව පූර්ව දිශාවට ගොස් යොර්දාන් ඉදිරිපිට තිබෙන කෙරිත් නම් ඔය ළඟ සැඟවී සිටින්න.
යෙරෙමියා 36:19 - Sinhala Revised Old Version එවිට අධිපතීහු: නුඹලා කොතන සිටිනවාද කියා කිසිවෙකු දැන නොගන්න ලෙස නුඹත් යෙරෙමියාත් ගොස් සැඟවී ඉන්නැයි බාරුක්ට කීවෝය. Sinhala New Revised Version එවිට අධිපතීහු කතා කරමින්, “ඔබ දෙදෙනා කොතැන සිටිත් ද කියා කිසිවෙකු දැන නොගන්න ලෙස ඔබත්, ජෙරමියාත් ගොස් සැඟවී සිටින්නැ”යි බාරුක්ට කීවෝ ය. Sinhala New Revised Version 2018 එවිට අධිපතීහු කතා කරමින්, “ඔබ දෙදෙනා කොතැන සිටිත් ද කියා කිසිවෙකු දැන නොගන්න ලෙස ඔබත්, ජෙරමියාත් ගොස් සැඟවී සිටින්නැ”යි බාරුක්ට කීවෝ ය. |
මෙතැනින් පිටත්ව පූර්ව දිශාවට ගොස් යොර්දාන් ඉදිරිපිට තිබෙන කෙරිත් නම් ඔය ළඟ සැඟවී සිටින්න.
ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම ඔබ සොයන පිණිස මාගේ ස්වාමියා විසින් මිනිසුන් නොහැරිය ජාතියක්වත් රාජ්‍යයක්වත් නැත. ඔහු මෙහි නැත කියා ඔවුන් කී කල ඔබ ඔවුන්ට සම්බනූණු බවට ඔහු ඒ රාජ්‍ය වලිනුත් ජාතීන්ගෙනුත් දිවුරුම් ගත්තේය.
මක්නිසාද යෙසෙබෙල් ස්වාමීන්වහන්සේගේ ප්‍රොපේතවරුන් සිඳදැමූ කල්හි ඔබදියා ප්‍රොපේතවරුන් සිය දෙනෙක් රැගෙන ගොස් පනස පනස බැගින් ඔවුන් ගුහාවල සඟවා ආහාර සහ වතුර දී ඔවුන් පෝෂ්‍යයකෙළේය.)
එවිට ස්වාමීන්වහන්සේගේ උදහස අමශියා කෙරෙහි ඇවුළුණේය, උන්වහන්සේ ප්‍රොපේත කෙනෙකු ඔහු වෙතට යැවූසේක. ඔහු කථාකොට: තමුන්ගේ සෙනඟ නුඹේ අතින් ගළවා නොගත් සෙනඟගේ දෙවියන් වෙතට මක්නිසා හැරුණෙහිදැයි ඔහුගෙන් ඇසුවේය.
එවිට අධිපතීහුද මුළු සෙනඟද පූජකයන්ටත් ප්‍රොපේතවරුන්ටත් කථාකොට: මේ මනුෂ්‍යයා මැරුම්කන්ට යුතු නැත; මක්නිසාද මොහු අපට කථාකළේ අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයෙන්යයි කීවෝය.
රජ වනාහි බාරුක් ලේකම සහ යෙරෙමියා අනාගතවක්තෘ ගෙනෙන්ට රාජ පුත්‍රවූ යෙරාමෙයෙල්ටත් අස්රීයෙල්ගේ පුත්‍රවූ සෙරායාටත් අබ්දෙයෙල්ගේ පුත්‍රවූ ෂෙලෙමියාටත් අණකෙළේය. නුමුත් ස්වාමීන්වහන්සේ ඔවුන් සැඟවූසේක.
තවද අමශියා ආමොස්ට කථාකොට: එම්බා දර්ශනකාරය, නුඹ යූදා දේශයට පලාගොස්, එහි කෑම කා, එහි අනාගතවාක්‍ය කියන්න.
ඒ පැයේදීම ඵරිසිවරුන්ගෙන් සමහරෙක් ඇවිත්: මෙයින් අහක්ව ගිය මැනව. මක්නිසාද හෙරොද් ඔබ මරන්ට කැමතිව සිටින්නේයයි උන්වහන්සේට කීවෝය.
ඔව්හු ඔහුගේ වචනයට එකඟවී, ප්‍රේරිතයන් තමුන් වෙතට ගෙන්වා, ඔවුන්ට තළා, යේසුස්වහන්සේගේ නාමයෙන් කථා නොකරන්ට අණකොට යන්ට හැරියෝය.