තවද මම උදුරන්ටත් කඩාදමන්ටත් හෙළාදමන්ටත් නැතිකරන්ටත් විපත්ති පමුණුවන්ටත් ඔවුන් ගැන පිබිද සිටියාක්මෙන්ම ගොඩනගන්ටත් හිටවන්ටත් ඔවුන් ගැන පිබිද සිටින්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
යෙරෙමියා 32:42 - Sinhala Revised Old Version මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මා විසින් මේ සෙනඟ පිටට මහත්වූ මේ මුළු විපත්තිය පමුණුවා තිබෙන්නාක්මෙන් මම ඔවුන්ට පොරොන්දුවූ මුළු යහපතත් ඔවුන් පිටට පමුණුවන්නෙමි. Sinhala New Revised Version “ ‘මක්නිසා ද සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: මා විසින් මේ සෙනඟ පිට මේ මුළු මහත් විපත පමුණුවනු ලැබ තිබෙන ලෙස මම ඔවුන්ට පොරොන්දු වූ සියලු යහපතත් ඔවුන් පිට පමුණුවන්නෙමි. Sinhala New Revised Version 2018 “ ‘මක්නිසා ද සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: මා විසින් මේ සෙනඟ පිට මේ මුළු මහත් විපත පමුණුවනු ලැබ තිබෙන ලෙස මම ඔවුන්ට පොරොන්දු වූ සියලු යහපතත් ඔවුන් පිට පමුණුවන්නෙමි. |
තවද මම උදුරන්ටත් කඩාදමන්ටත් හෙළාදමන්ටත් නැතිකරන්ටත් විපත්ති පමුණුවන්ටත් ඔවුන් ගැන පිබිද සිටියාක්මෙන්ම ගොඩනගන්ටත් හිටවන්ටත් ඔවුන් ගැන පිබිද සිටින්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
බලව, ඉශ්‍රායෙල් වංශය ගැනත් යූදා වංශය ගැනත් මා කියා තිබෙන ඒ යහපත් වචනය මා විසින් ඉෂ්ටකරන දවස් පැමිණෙන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
මා විසින් ඔවුන්ට කරන මුළු යහපත ගැන අසන්නාවූ පොළොවේ සියලු ජාතීන් අතරේ මේ නුවර මට ප්‍රීතිමත් නමක්ද ප්‍රශංසාවක්ද ගෞරවයක්ද වන්නේය, මා විසින් ඊට කරදෙන මුළු යහපත නිසාත් සමාදානය නිසාත් ඔව්හු භයව වෙවුලන්නෝය.