Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 32:42 - Sinhala New Revised Version

42 “ ‘මක්නිසා ද සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: මා විසින් මේ සෙනඟ පිට මේ මුළු මහත් විපත පමුණුවනු ලැබ තිබෙන ලෙස මම ඔවුන්ට පොරොන්දු වූ සියලු යහපතත් ඔවුන් පිට පමුණුවන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

42 “ ‘මක්නිසා ද සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: මා විසින් මේ සෙනඟ පිට මේ මුළු මහත් විපත පමුණුවනු ලැබ තිබෙන ලෙස මම ඔවුන්ට පොරොන්දු වූ සියලු යහපතත් ඔවුන් පිට පමුණුවන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

42 මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මා විසින් මේ සෙනඟ පිටට මහත්වූ මේ මුළු විපත්තිය පමුණුවා තිබෙන්නාක්මෙන් මම ඔවුන්ට පොරොන්දුවූ මුළු යහපතත් ඔවුන් පිටට පමුණුවන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 32:42
8 හුවමාරු යොමු  

උදුරන්නටත්, කඩා දමන්නටත්, හෙළාදමන්නටත්, නැති කරන්නටත්, විපත්ති පමුණුවන්නටත් මා සැලැසූ පරිදි, ගොඩනඟන්නටත් හිටවන්නටත් මම සලස්වන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.


අහසත්, පොළොවත් පහ වී යන්නේ ය. එහෙත්, මාගේ වචන කිසි දා පහ වී නොයන්නේ ම ය.”


මා විසින් ඔවුන්ට කරනු ලබන සියලු යහපත ගැන අසන පොළොවේ සියලු ජාතීන් අතරේ, මේ නගරය මට ප්‍රීතියක් ද ප්‍රශංසාවක් ද ගෞරවයක් ද වන්නේ ය; මා ඊට කර දෙන සියලු යහපත හා සමගිය නිසා ඔව්හු බිය වී වෙවුළන්නෝ ය.”


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඉශ්රායෙල් සෙනඟටත් ජුදා සෙනඟටත් මා කළ පොරොන්දුව ඉෂ්ට කරන කාලය පැමිණෙන්නේ ය.


සැපතත් විපතත් ඇති වන්නේ, මහෝත්තමයාණන්ගේ නියමයෙන් නොවේ ද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්