Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යෙරෙමියා 32:43 - Sinhala Revised Old Version

43 මනුෂ්‍යයෙක්වත් මෘගයෙක්වත් නැතුව ඒක පාළුවක් වී කල්දිවරුන් අතට දී තිබේයයි නුඹලා කියන මේ දේශයෙහි කෙත් මිලේට ගනු ලබන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

43 මනුෂ්‍යයෙකු වත්, මෘගයෙකු වත් නැති ව එය පාළුවක් වී බබිලෝනිවරුන්ගේ අතට පාවා දී තිබේ යයි නුඹලා කියන මේ දේශයෙහි යළිත් කෙත් මිලේට ගනු ලබන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

43 මනුෂ්‍යයෙකු වත්, මෘගයෙකු වත් නැති ව එය පාළුවක් වී බබිලෝනිවරුන්ගේ අතට පාවා දී තිබේ යයි නුඹලා කියන මේ දේශයෙහි යළිත් කෙත් මිලේට ගනු ලබන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 32:43
7 හුවමාරු යොමු  

මක්නිසාද ගෙවල්ද කෙත්ද මිදිවතුද නැවත මේ දේශයෙහි මිලේටගන්නවා ඇත කියා ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවෙමි.


එහෙත්, අහෝ ස්වාමිවූ දෙවියන්වහන්ස, නුවර කල්දිවරුන් අතට භාරදී තිබෙන නුමුත්: කෙත මිලේටගෙන සාක්ෂිකාරයන් කැඳවාගන්න කියා ඔබ මට කීසේකැයි කීවෙමි.


එහෙත් දැන්: කඩුවෙන්ද සාගතයෙන්ද වසංගතයෙන්ද බබිලෝනියේ රජු අතට දී තිබේයයි නුඹලා කියන මේ නුවර ගැන ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක:


ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මනුෂ්‍යයෙක්වත් මෘගයෙක්වත් නැතුව ඒක පාළුව තිබේයයි නුඹලා කියන මේ ස්ථානය වන මනු‍ෂ්‍යයෙක්වත් වැසියෙක්වත් මෘගයෙක්වත් නැතුව නාස්තිවී තිබෙන යූදාහි නුවරවලත් යෙරුසලමේ වීථිවලත්,


සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මනුෂ්‍යයෙක්වත් මෘගයෙක්වත් නැතුව පාළුව තිබෙන මේ ස්ථානයෙහිද එහි සියලු නුවරවලද තමුන්ගේ රැළ ලග්ගවන එඬේරුන්ගේ වාසයක් නැවත වන්නේය.


ඔව්හු එහි සුවසේ වාසයකොට, ගෙවල් ගොඩනගන්නෝය, මිදිවතු වවන්නෝය; ඔවුන් අවට සිටින්නාවූ, ඔවුන්ව සුළුකළාවූ සියල්ලන් කෙරෙහි මා විසින් විනිශ්චයන් ඉෂ්ටකළ කල්හි ඔවුන් එසේ සුවසේ වාසයකරනවා ඇත; මෙසේ මා ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ බව ඔව්හු දැනගන්නෝයයි කීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්