යෙරෙමියා 27:12 - Sinhala Revised Old Version මම යූදාහි රජවූ ශෙදෙකියාට මේ සියලු වචනවල හැටියට කථාකොට: බබිලෝනියේ රජුගේ වියගහේ නුඹලාගේ බෙල්ල තබා, ඔහුට සහ ඔහුගේ සෙනඟටත් සේවයකර ජීවත්වෙන්න. Sinhala New Revised Version ජුදාහි රජු වූ ශෙදෙකියාට ද ජෙරමියා එම දේ කීවේ ය. කෙසේ ද යත්, “බබිලෝනියේ රජුගේ පාලනය නමැති වියගහ ඔබේ කරට ගෙන ඔහුට සහ ඔහුගේ සෙනඟට සේවය කරන්න. එවිට ඔබ ජීවත් වන්නෙහි ය. Sinhala New Revised Version 2018 ජුදාහි රජු වූ ශෙදෙකියාට ද ජෙරමියා එම දේ කීවේ ය. කෙසේ ද යත්, “බබිලෝනියේ රජුගේ පාලනය නමැති වියගහ ඔබේ කරට ගෙන ඔහුට සහ ඔහුගේ සෙනඟට සේවය කරන්න. එවිට ඔබ ජීවත් වන්නෙහි ය. |
මා විසින් නුඹට දුන් නුඹේ උරුමයෙන් නුඹ අහක්වන්නෙහිය; නුඹ නොදන්නා දේශයකදී නුඹේ සතුරන්ට සේවයකරන්ට නුඹට සලස්වන්නෙමි; මක්නිසාද නුඹලා මාගේ උදහසින් ගින්නක් දල්වා තිබේ, එය සදාකාලේටම ඇවිළී යනවා ඇත.
මේ නුවර නවතින්නා කඩුවෙන්ද සාගතයෙන්ද වසංගතයෙන්ද මැරෙන්නේය. පිටතට ගොස් නුඹලා වටලාගෙන සිටින කල්දිවරුන්ට එකතුවෙන්නා ජීවත්වන්නේය. ඔහුගේ ප්‍රාණයද කොල්ලයක් මෙන් ඔහුට ලැබෙනවා ඇත.
යම් ජාතියක්වත් යම් රාජ්‍යයක්වත් බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර්ට සේවය නොකරන්නේ නම්, බබිලෝනියේ රජුගේ වියගහේ තමුන්ගේ බෙල්ල නොතබන්නේ නම්, මම ඒ ජාතිය ඔහු ලවා නැතිකරවනතුරු කඩුවෙන්ද සාගතයෙන්ද වසංගතයෙන්ද ඔවුන්ට දඬුවම්කරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
තවද යූදාහි රජවූ ශෙදෙකියාගේ රජකම්කිරීමේ පටන්ගැන්මෙහි එම අවුරුද්ද වන සතරවෙනි අවුරුද්දේ පස්වෙනි මාසයේදී අස්සූර්ගේ පුත්‍රවූ, ගිබියොන්හි පදිංචි ප්‍රොපේතවූ හනනියා ස්වාමීන්වහන්සේගේ ගෘහයේදී පූජකයන් සහ මුළු සෙනඟ ඉදිරියෙහි මට කථාකොට:
ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–මම බබිලෝනියේ රජුගේ වියගහ බින්දෙමි.
එකල යෙරෙමියා ශෙදෙකියාට කථාකොට: සේනාවල දෙවියන්වහන්සේ වන ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹ ඇත්තටම බබිලෝනියේ රජුගේ අධිපතීන් ළඟට පිටතට ගියොත් නුඹේ ප්‍රාණය ජීවත්වන්නේය, මේ නුවරද ගිනිලනු නොලබන්නේය; නුඹත් නුඹේ වංශයත් ජීවත්වන්නෝය.
නුඹලා භයින් සිටින බබිලෝනියේ රජුට භය නොවෙන්න; නුඹලා ගළවා ඔහුගේ අතින් මුදන්ට මා නුඹලා සමඟ සිටින බැවින් ඔහුට භය නොවෙන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක.