Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 27:13 - Sinhala Revised Old Version

13 බබිලෝනියේ රජුට සේවය නොකරන ජාතියට විරුද්ධව ස්වාමීන්වහන්සේ කියා තිබෙන ලෙස නුඹ සහ නුඹේ සෙනඟත් කඩුවෙන්ද සාගතයෙන්ද වසංගතයෙන්ද මැරෙන්නේ මක්නිසාද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 බබිලෝනියේ රජුට සේවය නොකරන ඕනෑ ම ජාතියක් සම්බන්ධයෙන් සමිඳාණන් වහන්සේ කියා ඇති පරිදි ඔබ සහ ඔබේ සෙනඟ කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද මැරෙන්නේ කුමට ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 බබිලෝනියේ රජුට සේවය නොකරන ඕනෑ ම ජාතියක් සම්බන්ධයෙන් සමිඳාණන් වහන්සේ කියා ඇති පරිදි ඔබ සහ ඔබේ සෙනඟ කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද මැරෙන්නේ කුමට ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 27:13
11 හුවමාරු යොමු  

නුඹලා කළ නුඹලාගේ සියලු වරද නුඹලා වෙතින් අහක දමා, අලුත් සිතක්ද අලුත් ආත්මයක්ද නුඹලාටම සාදාගන්න. ඉශ්‍රායෙල් වංශය නුඹලා නසින්නේ මක්නිසාද?


යම් ජාතියක්වත් යම් රාජ්‍යයක්වත් බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර්ට සේවය නොකරන්නේ නම්, බබිලෝනියේ රජුගේ වියගහේ තමුන්ගේ බෙල්ල නොතබන්නේ නම්, මම ඒ ජාතිය ඔහු ලවා නැතිකරවනතුරු කඩුවෙන්ද සාගතයෙන්ද වසංගතයෙන්ද ඔවුන්ට දඬුවම්කරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


නුමුත් මාගෙන් මුළාවයන්නා තමාගේම ප්‍රාණයට අනතුරුකරගන්නේය; මට වෛරවෙන සියල්ලෝම මරණයට ප්‍රේමවන්නෝය.


මා ජීවමාන බව සැබෑවා සේම, දුෂ්ටයා තමාගේ මාර්ගයෙන් හැරී ජීවත්වෙනවාට මිස, දුෂ්ටයා නසිනවාට මම ප්‍රසන්න නොවෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. ඉශ්‍රායෙල් වංශය හැරෙන්න, නුඹලාගේ නපුරු මාර්ගවලින් හැරෙන්න; නුඹලා නසින්නේ මක්නිසාදැයි ඔවුන්ට කියන්න.


නුමුත් ධර්මිෂ්ඨයෙක් තමාගේ ධර්මිෂ්ඨකමෙන් හැරී, අධර්මිෂ්ඨකම්කොට, දුෂ්ටයා කරන සියලුම පිළිකුල් ක්‍රියාවල හැටියට කළොත් ඔහු ජීවත්වේද? ඔහු කළ ඔහුගේ ධර්මිෂ්ඨ ක්‍රියාවලින් කිසිවක් සිහිකරනු නොලැබේ. ඔහු කළ ඔහුගේ ද්‍රෝහිකම නිසාත් ඔහු කළ ඔහුගේ පාපය නිසාත් ඔහු නසින්නේය.


තවද ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: යෙරුසලමෙන් මනුෂ්‍යයන් සහ මෘගයන් සිඳදමන්ට මා විසින් ඊට මාගේ තද දඬුවම් සතරවූ කඩුවද සාගතයද චණ්ඩ මෘගයන්ද වසංගතයද යැවූ කල්හි කොපමණ වැඩියෙන් එසේ නොවන්නේද?


එවිට යෙරෙමියා: ඔවුන් නුඹ පාවාදෙන්නේ නැත. මා විසින් ඔබට කියන හැටියට ස්වාමීන්වහන්සේගේ හඬට කීකරුවුණ මැනවි; එයින් නුඹට ශුභසිද්ධවී නුඹේ ප්‍රාණය ජීවත්වන්නේය.


එනම්, ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මේ නුවර නවතින අය කඩුවෙන්ද සාගතයෙන්ද වසංගතයෙන්ද මැරෙන්නෝය. පිටතට කල්දිවරුන් වෙතට යන අය ජීවත්වන්නෝය, මෙසේ ඔහු ජීවත්වන ලෙස ඔහුගේ ප්‍රාණය ඔහුට කොල්ලයක් මෙන් ලැබෙන්නේය.


එසේය, මා විසින් ඔවුන් පන්නාදමන සියලු ස්ථානවලදී නින්දාවක්ද උපමාවක්ද අපහාස කීමක් සහ ශාපයක්ද වීමටත් ඔවුන් පීඩා විදීමට පොළොවේ සියලු රාජ්‍යවල ඔබ මොබ විසුරුවනු ලැබීමටත් පාවාදෙන්නෙමි.


මා විසින් නුඹට දුන් නුඹේ උරුමයෙන් නුඹ අහක්වන්නෙහිය; නුඹ නොදන්නා දේශයකදී නුඹේ සතුරන්ට සේවයකරන්ට නුඹට සලස්වන්නෙමි; මක්නිසාද නුඹලා මාගේ උදහසින් ගින්නක් දල්වා තිබේ, එය සදාකාලේටම ඇවිළී යනවා ඇත.


නුඹේ සියලු භාර්යාවන්ද දරුවන්ද කල්දිවරුන් ළඟට ගෙනයන්ට යෙදෙනවා ඇත. නුඹත් ඔවුන්ගේ අතින් නොගැළවී බබිලෝනියේ රජු අතට අසුවන්නෙහිය. නුඹ මේ නුවරත් ගිනිලන්ට සලස්වන්නෙහියයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්