Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යෙරෙමියා 27:12 - Sinhala New Revised Version 2018

12 ජුදාහි රජු වූ ශෙදෙකියාට ද ජෙරමියා එම දේ කීවේ ය. කෙසේ ද යත්, “බබිලෝනියේ රජුගේ පාලනය නමැති වියගහ ඔබේ කරට ගෙන ඔහුට සහ ඔහුගේ සෙනඟට සේවය කරන්න. එවිට ඔබ ජීවත් වන්නෙහි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 ජුදාහි රජු වූ ශෙදෙකියාට ද ජෙරමියා එම දේ කීවේ ය. කෙසේ ද යත්, “බබිලෝනියේ රජුගේ පාලනය නමැති වියගහ ඔබේ කරට ගෙන ඔහුට සහ ඔහුගේ සෙනඟට සේවය කරන්න. එවිට ඔබ ජීවත් වන්නෙහි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

12 මම යූදාහි රජවූ ශෙදෙකියාට මේ සියලු වචනවල හැටියට කථාකොට: බබිලෝනියේ රජුගේ වියගහේ නුඹලාගේ බෙල්ල තබා, ඔහුට සහ ඔහුගේ සෙනඟටත් සේවයකර ජීවත්වෙන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 27:12
11 හුවමාරු යොමු  

එහෙත් මට සවන් දෙන තැනැත්තේ සුරැකි ව, විපතට නොබා, යෙහෙන් වසනු ඇත.


මා නුඹලාට දුන් දේශය අත්හරින්නට නුඹලාට සිදුවන්නේ ය; නුඹලා නොදන්න දේශයක දී නුඹලාගේ සතුරන්ට සේවය කරන්නට නුඹලාට සලස්වන්නෙමි. මන්ද, මාගේ කෝපය කරණකොටගෙන සදහට ම ඇවිලෙන ගින්නක් දැල්වී තිබේ.”


මේ නගරයේ සිටින අය කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද මැරෙන්නෝ ය. එහෙත්, ඔබ වටලාගෙන සිටින බබිලෝනිවරුන් වෙත ගොස් ඔවුන්ට යටත් වන්නෝ ජීවත් වන්නෝ ය. ඔව්හු පණ ගළවාගෙන බේරී යන්නෝ ය.


“යම් ජාතියක් හෝ රාජ්‍යයක් හෝ බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර්ට සේවය නොකරන්නේ නම්, ඔහුගේ පාලනය නමැති වියගහට කර තබන්නේ නැත්නම්, මා ඒ ජාතිය හෝ රාජ්‍යය හෝ නෙබුකද්නෙශර් ලවා වනසාදම්මන තුරු, මම එයට කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද දඬුවම් කරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.


එම අවුරුද්දේ ම එනම්, ජුදාහි රජු වූ ශෙදෙකියාගේ රාජ්‍ය කාලයේ සතර වන අවුරුද්දේ පස් වන මාසයේ දී, අස්සුර්ගේ පුත් ගිබියොන්හි පදිංචි දිවැසිවර හනනියා දේව මාලිගාවේ දී පූජකයන් සහ මුළු සෙනඟ ඉදිරියේ ජෙරමියාට කතා කෙළේ ය.


“ඉශ්රායෙල්හි සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ”යි ඔහු කී ය: “බබිලෝනියේ රජුගේ බලය මම බිඳදැමීමි.


එකල ජෙරමියා ශෙදෙකියා අමතමින්, “සියලු බලැති දෙවියන් වහන්සේ වන ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ”යි කීවේ ය. “නුඹ ඇත්තට ම බබිලෝනියේ රජුගේ අධිපතීන්ගේ අතට භාර වූවොත්, නුඹේ පණ බේරා ගන්නෙහි ය. මේ නගරය ද ගින්නෙන් දවනු නොලබන්නේ ය. නුඹත්, නුඹේ වංශයත් ජීවත්වන්නෝ ය.


නුඹලා බියෙන් සිටින බබිලෝනියේ රජුට බිය නොවන්න. නුඹලා ගළවා, ඔහුගේ අතින් මුදන්නට මා නුඹලා සමඟ සිටින බැවින් ඔහුට බිය නොවන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්