ඔවුන් හිරකාරයන් යටතෙහි පහත්වී මැරුම්කෑවුන් අතරේ වැටෙනවා ඇත. මේ සියල්ල වූ නුමුත් උන්වහන්සේගේ උදහස පහ නොවී උන්වහන්සේගේ හස්තය තවම දිගුකර තිබේ.
යෙරෙමියා 21:4 - Sinhala Revised Old Version ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: පවුරට පිටතින් නුඹලා වටලාගන සිටින බබිලෝනියේ රජුටත් කල්දිවරුන්ටත් විරුද්ධව යුද්ධකිරීමට ගන්නාවූ නුඹලාගේ අත්වල තිබෙන යුද්ධායුධ මම පස්සට හරවා, මේ නුවර මැදට ඔවුන් රැස්කරන්නෙමි. Sinhala New Revised Version ‘ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: පවුරට පිටතින් ඔබ හැම වටලාගෙන සිටින බබිලෝනියේ රජුටත්, කල්දිවරුන්ටත් විරුද්ධ ව යුද්ධ කිරීමට ගෙන ඇති, ඔබේ අත්වල තිබෙන, යුද්ධායුධ මම ඔබට ම විරුද්ධ ව හරවන්නෙමි. මේ නගරය මැදට මම ඔවුන් රැස් කරන්නෙමි. Sinhala New Revised Version 2018 ‘ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: පවුරට පිටතින් ඔබ හැම වටලාගෙන සිටින බබිලෝනියේ රජුටත්, කල්දිවරුන්ටත් විරුද්ධ ව යුද්ධ කිරීමට ගෙන ඇති, ඔබේ අත්වල තිබෙන, යුද්ධායුධ මම ඔබට ම විරුද්ධ ව හරවන්නෙමි. මේ නගරය මැදට මම ඔවුන් රැස් කරන්නෙමි. |
ඔවුන් හිරකාරයන් යටතෙහි පහත්වී මැරුම්කෑවුන් අතරේ වැටෙනවා ඇත. මේ සියල්ල වූ නුමුත් උන්වහන්සේගේ උදහස පහ නොවී උන්වහන්සේගේ හස්තය තවම දිගුකර තිබේ.
මහත් සෙනඟක ඝෝෂාව මෙන් සමූහයක ඝෝෂාවක් කඳුවල ඇත්තේය. ඒ රැස්වූ ජාතීන්ගේ රාජ්‍යවල කෝලාහල ඝෝෂාවය! සේනාවල ස්වාමීන්වහන්සේ සටනට සේනාව එක්කරනසේක.
ඉතින් මාගේ මිදිවත්තට කරන්ට යන දෙය නුඹලාට කියමි. මම එහි වැට පහකරන්නෙමි, එවිට ඒක පාගාදමනු ලබන්නේය. එහි තාප්පය බිඳ දමන්නෙමි, එවිට එය මඩිනු ලබන්නේය.
මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, නුඹ සහ නුඹේ සියලු මිත්‍රයන්ද භීතියට භාරදෙමි. ඔව්හු තමුන්ගේ සතුරන්ගේ කඩුවෙන් වැටෙන්නෝය, නුඹද නුඹේම ඇස්වලින් එය දකින්නෙහිය. මම මුළු යූදා දේශයත් බබිලොන් රජුගේ අතට භාරදෙන්නෙමි, ඔහුද ඔවුන් බබිලෝනියට ගෙන ගොස් කඩුවෙන් මරන්නේය.
මෙන්න, නුවර අල්ලාගැනීමට ගොඩැලි ඊට ළංවී තිබේ; නුවරද කඩුවත් සාගතයත් වසංගතයත් කරණකොටගෙන ඊට විරුද්ධව යුද්ධකරන කල්දිවරුන් අතට දී තිබේ. ඔබ කී දේ සිද්ධවී තිබේ; මෙන්න, ඔබ ඒක දක්නාසේක.
මක්නිසාද යූදාහි රජවූ ශෙදෙකියා ඔහුට කථාකොට: නුඹ අනාගතවාක්‍ය කියමින්– ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම මේ නුවර බබිලෝනියේ රජුගේ අතට භාරදෙන්නෙමි, ඔහුද ඒක අල්වා ගන්නේය;
ඔහු ශෙදෙකියා බබිලෝනියට ගෙන යන්නේය, මා මොහු දෙස බලා විමසන තුරු මොහු එහි සිටිනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක. නුඹලා කල්දිවරුන්ට විරුද්ධව යුද්ධකළත් නුඹලාට ජය නොලැබෙන්නේය කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි නුඹ කියන්නේ මක්නිසාදැයි කියා ඔහු හිර අඩස්සිකෙළේය.
කල්දිවරුන්ට විරුද්ධව යුද්ධකරන්ට ඔව්හු එති, නුමුත් ඒ වනාහි මාගේ උදහසින්ද කෝපයෙන්ද මා විසින් මැරුවාවූ, තමුන්ගේ සියලු නපුරුකම් නිසා මේ නුවරින් මාගේ මුහුණ සඟවාගන්ට මට සැලැස්සුවාවූ මනුෂ්‍යයන්ගේ මළකඳන්වලින් ඒවා පිරවීමටය.
එබැවින් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, යූදාවරුන්ටත් යෙරුසලමේ සියලු වැසියන්ටත් විරුද්ධව මා විසින් කියා තිබෙන මුළු විපත්තිය ඔවුන් පිටට පමුණුවන්නෙමි. මක්නිසාද මා ඔවුන්ට කථාකළ නුමුත් ඔව්හු නෑසුවෝය; මා ඔවුන්ට අඬගැසූ නුමුත් ඔව්හු උත්තර නුදුන්නෝයයි කියන්නැයි කීසේක.
එවිට බබිලෝනියේ රජුගේ සියලු අධිපතීහු එනම් නේර්ගල්-ෂරෙශෙර්ද සම්ගර්-නෙබෝද සර්සෙකිම්ද රබ්-සාරිස්ද නේර්ගල්-ෂරෙශෙර්ද රබ්-මග්ද බබිලෝනියේ රජුගේ අනික් සියලු අධිපතීහුද ඇවිත් මැද දොරටුවේ හිඳගත්තෝය.
ඇතිළිද හැඳිද පහන් කතුරුද තාළිද පාත්‍රාද සේවයට පාවිච්චිකළ පිත්තල බඩු සියල්ලද ඔව්හු ගෙනගියෝය.
උන්වහන්සේ බලවත් උදහසෙන් ඉශ්‍රායෙල්ගේ අඟ සහමුලින් සිඳ දැමූසේක; තමන්ගේ දකුණත සතුරා ඉදිරියෙන් පස්සට ඇදගත්සේක. වටකරින් නාස්තිකරන ඇවිළෙන ගින්නක් මෙන් උන්වහන්සේ යාකොබ් දැවූසේක.
ස්වාමීන්වහන්සේ සතුරෙකු මෙන් වූසේක, ඉශ්‍රායෙල් නටබුන් කළසේක; උන්වහන්සේ ඇගේ සියලු මාළිගා නටබුන්කොට, ඔහුගේ බලකොටු විනාශකළසේක. යූදා දුව කෙරෙහි වැලපීමත් ශෝකයත් වැඩිකළසේක.
ස්වාමීන්වහන්සේ තමන් පූජාසනය අහකදැමූසේක, තමන් ශුද්ධස්ථානය පිළිකුල්කළසේක, ඇගේ මාළිගාවල පවුරු සතුරා අතට පාවාදුන්සේක. මංගල්‍ය දවසකදී මෙන් ඔව්හු ස්වාමීන්වහන්සේ ගෘහයෙහි ශබ්ද පැවැත්තුවෝය.
ඉශ්‍රායෙල් කඳු පිටට නුඹ පමුණුවා, නුඹේ දුන්න නුඹේ වමතෙන් ගසාදමා නුඹේ ඊගස් නුඹේ දකුණතින් වැටෙන්ට සලස්වන්නෙමි.
ඔවුන් දරුවන් ඇතිකරතත් මනුෂ්‍යයෙක් නොසිටින හැටියට ඔවුන් තුරන්කරන්නෙමි. එසේය, මා විසින් ඔවුන් අත්හැර යන කල ඔවුන්ට දුක්වේ!
එසේය, මම යෙරුසලමට විරුද්ධව සියලු ජාතීන් යුද්ධයට රැස්කරන්නෙමි; නුවරද අසුවී, ගෙවල් කොල්ලකනු ලබන්නේය, ස්ත්‍රීහු බලාත්කාරකරනු ලබන්නෝය. නුවරුන්ගෙන් දෙකෙන් කොටසක් වහල්කමට යනවා ඇත, සෙනඟගෙන් ඉතිරි කොටස නුවරින් සිඳදමනු නොලැබේ.
රජ්ජුරුවෝ උදහස්වී, තමාගේ යුද්ධසේනාවන් යවා ඒ මිනීමරුවන් විනාශකොට, ඔවුන්ගේ නුවර ගිනිලැවුවේය.