Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විලාප ගී 2:5 - Sinhala Revised Old Version

5 ස්වාමීන්වහන්සේ සතුරෙකු මෙන් වූසේක, ඉශ්‍රායෙල් නටබුන් කළසේක; උන්වහන්සේ ඇගේ සියලු මාළිගා නටබුන්කොට, ඔහුගේ බලකොටු විනාශකළසේක. යූදා දුව කෙරෙහි වැලපීමත් ශෝකයත් වැඩිකළසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 සමිඳාණෝ සතුරෙකු මෙන් වූ සේක. ඉශ්රායෙල් නටබුන් ගොඩක් කළ සේක. එතුමාණෝ ඇගේ සියලු මාලිගා නටබුන් ගොඩක් කොට, ඇගේ බලකොටු විනාශ කළ සේක. ජුදා පුරඟන කෙරෙහි ශෝකය දෙගුණ තෙගුණ කළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 සමිඳාණෝ සතුරෙකු මෙන් වූ සේක. ඉශ්රායෙල් නටබුන් ගොඩක් කළ සේක. එතුමාණෝ ඇගේ සියලු මාලිගා නටබුන් ගොඩක් කොට, ඇගේ බලකොටු විනාශ කළ සේක. ජුදා පුරඟන කෙරෙහි ශෝකය දෙගුණ තෙගුණ කළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විලාප ගී 2:5
17 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේ අනුකම්පා නොකොට, යාකොබ්ගේ සියලු වාසස්ථාන නටබුන්කළසේක; උන්වහන්සේ තමන් කෝපයෙන් යූදා දුවගේ බලකොටු බිඳහෙළූසේක; ඒවා බිමටම ගෙනාසේක. උන්වහන්සේ රාජ්‍යයද එහි අධිපතීන්ද කෙලහූසේක.


නුඹේ සියලුම ප්‍රේමවන්තයෝ නුඹ මතකනැතිකළෝය; ඔවුන් නුඹ ගැන විභාගකරන්නේ නැත. නුඹේ අයුතුකමේ මහත්කම නිසාද නුඹේ පව් වැඩිවූ නිසාද සතුරෙකුගේ පහරවලින්, කෲර කෙනෙකුගේ දඬුවමකින් නුඹට පහරදුනිමි.


උන්වහන්සේ සතුරෙකු මෙන් තමන් දුන්න තැත්කැවූසේක, එදිරිකාරයෙකු මෙන් සිය දකුණත ඔසවා, ඇසට ප්‍රියවූ සියල්ලන් නැසූසේක. සියොන් දුවගේ කූඩාරමෙහි ගින්නක් මෙන් තමන් කෝපය වැගිරෙවුසේක.


ස්වාමීන්වහන්සේගේ ගෘහයද රජගෙයද ගිනිලැවුවේය; යෙරුසලමේ සියලු ගෙවල්ද එනම් හැම ලොකු ගෙවල්ද ගිනි ලැවුවේය.


ස්වාමීන්වහන්සේගේ ගෘහයද රජ ගෙයද යෙරුසලමේ සියලු ගෙවල්ද ගිනිලෑවේය, ලොකු ගෙවල් සියල්ලම ඔහු ගින්නෙන් දවාදැමුවේය.


උන්වහන්සේ ඒක මා ඉදිරියේ දිග හැරියසේක; එහි ඇතුළත් පිටත් ලියා තිබුණේය.


එකල ස්වාමීන්වහන්සේ මට මෙසේ කීසේක: මෝසෙස් සහ සාමුවෙල් මා ඉදිරියෙහි සිටියත් මාගේ සිත මේ සෙනඟ දෙසට හැරෙන්නේ නැත. ඔවුන් පිටතට යන පිණිස මා ඉදිරියෙන් හරින්න.


ඔබගේ මුහුණ ඔබ සඟවා, මා ඔබගේ සතුරෙකුකොට ගණන්ගන්නේ මක්නිසාද?


ඔහුගේ සියලු වැටවල් ඔබ බිඳ හෙළූසේක; ඔහුගේ බලකොටු ඔබ විනාශ කළසේක.


එකල මම අරියෙල්ට විපත පමුණුවන්නෙමි, එකල්හි ශෝකය සහ වැලපීම වන්නේය. ඒකද මට අරියෙල් මෙන් වන්නේය.


ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: පවුරට පිටතින් නුඹලා වටලාගන සිටින බබිලෝනියේ රජුටත් කල්දිවරුන්ටත් විරුද්ධව යුද්ධකිරීමට ගන්නාවූ නුඹලාගේ අත්වල තිබෙන යුද්ධායුධ මම පස්සට හරවා, මේ නුවර මැදට ඔවුන් රැස්කරන්නෙමි.


එවිට සාමුවෙල්: ස්වාමීන්වහන්සේ නුඹ කෙරෙන් අහක්වී නුඹට විරුද්ධව සිටිද්දී නුඹ මාගෙන් අසන්නේ මක්නිසාද?


උන්වහන්සේ තමන් උදහස මට විරුද්ධව අවුළුවා, තමන්ගේ එදිරිකාරයෙකු ලෙස මා ගණන්ගන්නාසේක.


මග යන සියල්ලෝ ඔහුගෙන් කොල්ලකති. තම අසල්වාසීන්ට ඔහු නින්දා භූමියක්වී සිටී.


නුමුත් ඔව්හු කැරළිගසා, උන්වහන්සේගේ ශුද්ධාත්මයට දුක් ඉපදෙවූවෝය. ඒ නිසා උන්වහන්සේ ඔවුන්ට සතුරෙක් වී, උන්වහන්සේම ඔවුන්ට විරුද්ධව යුද්ධකළසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්