Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 21:4 - Sinhala New Revised Version 2018

4 ‘ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: පවුරට පිටතින් ඔබ හැම වටලාගෙන සිටින බබිලෝනියේ රජුටත්, කල්දිවරුන්ටත් විරුද්ධ ව යුද්ධ කිරීමට ගෙන ඇති, ඔබේ අත්වල තිබෙන, යුද්ධායුධ මම ඔබට ම විරුද්ධ ව හරවන්නෙමි. මේ නගරය මැදට මම ඔවුන් රැස් කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 ‘ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: පවුරට පිටතින් ඔබ හැම වටලාගෙන සිටින බබිලෝනියේ රජුටත්, කල්දිවරුන්ටත් විරුද්ධ ව යුද්ධ කිරීමට ගෙන ඇති, ඔබේ අත්වල තිබෙන, යුද්ධායුධ මම ඔබට ම විරුද්ධ ව හරවන්නෙමි. මේ නගරය මැදට මම ඔවුන් රැස් කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: පවුරට පිටතින් නුඹලා වටලාගන සිටින බබිලෝනියේ රජුටත් කල්දිවරුන්ටත් විරුද්ධව යුද්ධකිරීමට ගන්නාවූ නුඹලාගේ අත්වල තිබෙන යුද්ධායුධ මම පස්සට හරවා, මේ නුවර මැදට ඔවුන් රැස්කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 21:4
23 හුවමාරු යොමු  

ශෙදෙකියා බබිලෝනියට ගෙනයනු ලබන්නේ ය. ඔහු ගැන මා කරුණු විමසන තුරු ඔහු එහි සිටිනු ඇත. බබිලෝනිවරුන්ට විරුද්ධ ව ඔහු යුද්ධ කළත් ඔහු ජය නොලබන්නේ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”


“සවන් දෙන්න; කඳු මුදුනෙහි මහා ඝෝෂාවක් ඇසේ. එය වනාහි ජාතීන්ගෙනුත්, රට රාජ්‍යවලිනුත් එක් රැස් වන මහා ජනකායකගේ ඝෝෂාව ය. මම යුද්ධ සඳහා මාගේ හමුදා සූදානම් කරන්නෙමි.


මෙන්න, මාගේ මිදි වත්තට කරන්න යන දේ මම නුඹලාට කියමි. මම එහි වටේට ඇති වැට ඉවත්කර, ආරක්ෂා පිණිස ඇති තාප්පය බිඳදමා, වන මෘගයන්ට මිදි වත්ත පාගා කා දමන්න ඉඩ හරින්නෙමි.


ජෙරුසලමට විරුද්ධ ව යුද්ධ කරන පිණිස සමිඳාණන් වහන්සේ සියලු ජාතීන් එක්රැස් කරන සේක. නගරය අල්ලාගනු ලැබේ; ගෙවල් කොල්ලකනු ලැබේ; ස්ත්‍රීහු දූෂණය කරනු ලබති; සෙනඟගෙන් දෙකෙන් කොටසක් වහල්කමට ගෙනයනු ලබන අතර, ඉතිරි කොටස නුවරින් පිටත ගෙනයනු නොලබති.


සමිඳාණෝ තමන් පූජාසනය ප්‍රතික්ෂේප කළ සේක. තමන් ශුද්ධස්ථානය අත්හැරදැමූ සේක. ඇගේ මාලිගාවල පවුරු සතුරා අතට පවරා දුන් සේක. මංගල්‍ය දවසක දී මෙන් සමිඳාණන්ගේ මාලිගාවෙහි ඔව්හු ඝෝෂා කළෝ ය.


සමිඳාණෝ සතුරෙකු මෙන් වූ සේක. ඉශ්රායෙල් නටබුන් ගොඩක් කළ සේක. එතුමාණෝ ඇගේ සියලු මාලිගා නටබුන් ගොඩක් කොට, ඇගේ බලකොටු විනාශ කළ සේක. ජුදා පුරඟන කෙරෙහි ශෝකය දෙගුණ තෙගුණ කළ සේක.


ජෙරුසලම අල්ලාගනු ලැබූ පසු, බබිලෝනියේ රජුගේ සියලු අධිපතීහු එනම්, නේර්ගල්-ෂරෙශෙර් ද සම්ගර්-නෙබෝ ද සර්සෙකිම් ද රබ්-සාරිස් ද තවත් නේර්ගල්-ෂරෙශෙර් නමැත්තෙක් ද රබ්-මග් ද බබිලෝනියේ රජුගේ අනික් සියලු අධිපතීහු ද අවුත් මැද දොරටුවේ හිඳගත්තෝ ය.


රජතුමා උදහස් වී, තමාගේ යුද්ධ සේනා යවා ඒ මිනීමරුවන් විනාශ කොට ඔවුන්ගේ නුවර ගිනි ලැවී ය.


ඔවුන් දරුවන් ඇතිදැඩි කරතත්, ඉන් එකෙකු වත් ඉතිරි නොවන පරිදි මම ඔවුන් තුරන් කරන්නෙමි. මා මේ සෙනඟ අත් හැරදමා ගිය විට ඔවුන්ට වන විපතක මහත!”


ඇරත්, ඇතිළි ද හැඳි ද පහන් කතුරු ද තලි ද දුම් භාජන ද පූජාව සඳහා පාවිච්චි කළ ලෝකඩ බඩු සියල්ල ද ඔව්හු ගෙන ගියෝ ය.


නුඹලා යුද්ධයේ දී මැරුම් කන්නහු ය. නැත්නම්, සිරකරුවන් මෙන් ගෙනයනු ලබන්නහු ය. මේ සියල්ල ම සිදු වුවත් සමිඳුන්ගේ උදහස සංසිඳී නැත. දඬුවම් කරන පිණිස එතුමන්ගේ හස්තය තවමත් දිගු කර ඇත.


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරා ඇත: මම නුඹත්, නුඹේ මිත්‍රයනුත් අධික භීතියකට පත්වන්නට සලස්වන්නෙමි. ඔව්හු තමන්ගේ සතුරන්ගේ කඩුවෙන් මැරුම් කන්නෝ ය. නුඹ එය නුඹේ ම ඇස්වලින් දකින්නෙහි ය. මම මුළු ජුදා දේශය බබිලෝනි රජුගේ අතට පාවා දෙන්නෙමි. ඔහු ඔවුන් බබිලෝනියට ගෙන ගොස් කඩුවෙන් මරන්නේ ය.


එවිට ජෙරමියා ඔවුන් අමතා, “ඔබ ශෙදෙකියාට මෙසේ කියන්න:


ශෙදෙකියා රජු ඔහු හිරඅඬස්සි කෙළේ, ඔහු ‘සමිඳාණන් වහන්සේ වදාළ සේකැ’යි මෙසේ කී බැවිනි. “බලන්න, මම මේ නුවර බබිලෝනියේ රජුගේ අතට පාවා දෙන්නෙමි. ඔහු එය අල්ලාගන්නේ ය.


“මෙන්න, නගරය අල්ලාගන්න පිණිස ඒ වටා පස් කඳු සාදා ඇත. බබිලෝනිවරු නගරයට පහර දෙන්නෝ ය. යුද්ධයත්, සාගතයත්, වසංගතයත් කරණකොටගෙන නගරය ඔවුන්ට අත්පත් වන්නේ ය. ස්වාමීනි, ඔබ වදාළ දේ සිද්ධ වී තිබෙන බව ඔබට පෙනෙන්නේ ය.


එබැවින්, ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වන මම ජුදාවරුන්ටත්, ජෙරුසලමේ සියලු වැසියන්ටත් විරුද්ධ ව මා කී සියලු විපත් ඔවුන් පිට පමුණුවන්නෙමි. මන්ද, මා ඔවුන්ට කතා කළ නමුත්, ඔව්හු සවන් නුදුන්නෝ ය. මා ඔවුන්ට අඬගැසූ නමුත්, ඔව්හු උත්තර නුදුන්නෝ ය.’ ”


එතුමාණෝ නොනිවෙන උදහසින් ඉශ්රායෙල්ගේ බලය සහමුලින් ම සිඳදැමූ සේක. සතුරන් පැමිණි විට අපට උදව් නුදුන් සේක. වටකරින් නාස්ති කරන ඇවිලෙන ගින්නක් මෙන් එතුමාණෝ ජාකොබ් දවා ලූ සේක.


නුඹේ දුන්න නුඹේ වමතින් ගසාදමා, නුඹේ ඊගස් නුඹේ දකුණතින් වැටෙන්නට සලස්වන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්