තවද දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට කථාකොට: නුඹේ භාර්යාවවූ සාරයිට වනාහි සාරයි යන නාමය නොකියව, ඇගේ නාමය සාරා වන්නේය.
යෙරෙමියා 20:3 - Sinhala Revised Old Version පසුවදා පෂ්හූර් යෙරෙමියා දඬුකඳේන් නිදහස්කළ විට යෙරෙමියා ඔහුට කථාකොට: නුඹට පෂ්හූර් නොව මාගොර්-මිස්සාබිබ්යයි ස්වාමීන්වහන්සේ නම් තබා තිබේ. Sinhala New Revised Version පසු දින පෂ්හුර් ජෙරමියා දඬු කඳෙන් නිදහස් කළ විට ජෙරමියා ඔහුට මෙසේ කී ය: “සමිඳාණන් වහන්සේ ඔබට, ‘අවට සැපත’ යන අරුත ඇති පෂ්හුර් නොව, ‘අවට භීතිය’ යන අරුත ඇති මාගොර්-මිස්සාබිබ් කියා නම් තබා ඇත. Sinhala New Revised Version 2018 පසු දින පෂ්හුර් ජෙරමියා දඬු කඳෙන් නිදහස් කළ විට ජෙරමියා ඔහුට මෙසේ කී ය: “සමිඳාණන් වහන්සේ ඔබට, ‘අවට සැපත’ යන අරුත ඇති පෂ්හුර් නොව, ‘අවට භීතිය’ යන අරුත ඇති මාගොර්-මිස්සාබිබ් කියා නම් තබා ඇත. |
තවද දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට කථාකොට: නුඹේ භාර්යාවවූ සාරයිට වනාහි සාරයි යන නාමය නොකියව, ඇගේ නාමය සාරා වන්නේය.
නුඹේ නාමය තවත් ආබ්‍රම්යයි කියනු නොලබන්නේය, නුඹේ නාමය ආබ්‍රහම් වන්නේය; මක්නිසාද මම නුඹ බොහෝ ජාතීන්ගේ පියා කෙළෙමි.
යාකොබ්යයි ඔහු කීය. නුඹ දෙවියන්වහන්සේ සමඟත් මනුෂ්‍යයන් සමඟත් පොරබදා ජයගත් නිසා නුඹේ නම මින්මතු යාකොබ් නොව ඉශ්‍රායෙල් වන්නේයයි උන්වහන්සේ කීසේක.
මක්නිසාද බොහෝ දෙනෙකුගේ කෙලසුම් බස් ඇසීමි, හාත්පස භීතිය ඇත්තේය. මට විරුද්ධව එක්ව මන්ත්‍රණයකරද්දී, ඔව්හු මාගේ ජීවිතය පැහැරගන්ට උපා යෙදුවෝය.
මම අනාගතවක්ත්‍රිය කරා ගියෙමි; ඈ ගර්භිණීව පුත්‍රයෙකු වැදුවාය. එවිට ස්වාමීන්වහන්සේ මට කථාකොට: ඔහුට මහෙර්-ෂාලාල්-හාෂ්-බස් යන නම තබන්න.
හාර්සිත් නම් දොරටුව ළඟ තිබෙන හින්නොම් පුත්‍රයාගේ මිටියාවතට පැමිණ මා විසින් නුඹට කියන වචන එහිදී ප්‍රකාශකරමින් මෙසේ කියන්න:
එබැවින් මේ ස්ථානයට තෝපෙත්ය කියාවත් හින්නොම්ගේ පුත්‍රයාගේ මිටියාවතය කියාවත් තවත් නොකියා, මැරීමේ මිටියාවතය කියන දවස් පැමිණෙන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
මක්නිසාද මා බොහෝ දෙනෙකුගේ කේලාම් අසා තිබේ, වටකරින්ම භීතිය තිබේ. දන්වන්න, අපිත් එය දන්වන්නෙමුයයි කියා මාගේ හිතේසි මිත්‍රයන් සියල්ලෝ මාගේ පැකිලීම ගැන බලාසිට: සමහරවිට ඔහු පෙළඹෙනවා ඇත, එවිට අපි ඔහු පරාජයකොට ඔහුගෙන් පළිගන්නෙමුයයි කියති.
ඔවුන් කැලඹී පස්සට හැරෙනවා මට පෙනුණේ මක්නිසාද? ඔවුන්ගේ බලවන්තයෝ පොඩිකරනු ලැබ, පස්ස නොබලා පලායන්ටම යෙදුණෝය. වටකරින්ම භීතිය ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
එබැවින් ඊට තෝපෙත්ය කියාවත් හින්නොම්ගේ පුත්‍රයාගේ මිටියාවතය කියාවත් තවත් නොකියා, මැරීමේ මිටියාවතය කියන දවස් පැමිණෙන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. මක්නිසාද වළලන්ට ඉඩ නැතිවන තරම් තෝපෙත්හි මිනී වළලනවා ඇත.
මංගල්‍ය රැස්වීමකදී මෙන් භීති මා වටකරින්ම එන ලෙස ඔබ අඬගැසූසේක, කිසිවෙක් ස්වාමීන්වහන්සේගේ උදහස් දවසේදී ගැළවී ඉතුරු නොවීය. මා විසින් වඩා ඇතිකළවුන් මාගේ සතුරා නාස්තිකෙළේය.
මාගේ අතද නිෂ්ඵල දේ දකින්නාවූ බොරු දිවස් කියන්නාවූ අනාගතවක්තෘවරුන්ට විරුද්ධවන්නේය. ඔව්හු මාගේ සෙනඟගේ සභාවේ නොසිටින්නෝය. ඉශ්‍රායෙල් වංශයේ ලේකම් පොතේ ලියනු නොලබන්නෝය, ඉශ්‍රායෙල් රටට ඇතුල් නොවන්නෝය; මෙසේ මා ස්වාමිවූ දෙවියන්වහන්සේ බව නුඹලා දැනගන්නහුය.
ඔවුන් පිටතට කැඳවා කථාකොට: ස්වාමිවරුනි, ගැළවෙන පිණිස මා විසින් කුමක් කටයුතුදැයි ඇසුවේය. ඔව්හු කථාකොට: