ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මනුෂ්‍යයා කෙරෙහි විශ්වාසකරන්නාවූ, මාංසය තමාගේ හස්තයකොට තබාගන්නාවූ, සිතින් ස්වාමීන්වහන්සේ කෙරෙන් පහවයන්නාවූ මනුෂ්‍යයා ශාපලද්දෙක්ය.
යෙරෙමියා 11:3 - Sinhala Revised Old Version ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-මේ ගිවිසුමේ වචනවලට කීකරු නොවන මනුෂ්‍යයාට ශාපවේවා. Sinhala New Revised Version ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ සාප කර ඇතැ යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ’යි කියන්න. Sinhala New Revised Version 2018 ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ සාප කර ඇතැ යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ’යි කියන්න. |
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මනුෂ්‍යයා කෙරෙහි විශ්වාසකරන්නාවූ, මාංසය තමාගේ හස්තයකොට තබාගන්නාවූ, සිතින් ස්වාමීන්වහන්සේ කෙරෙන් පහවයන්නාවූ මනුෂ්‍යයා ශාපලද්දෙක්ය.
එවිට ඔව්හු උත්තරදෙමින්: ඔවුන් තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගිවිසුම අත්හැර අන් දෙවිවරුන්ට නමස්කාරකොට ඔවුන්ට සේවයකළ නිසායයි කියනවා ඇත.
ඒ වනාහි මිසර දේශයෙන් ඔවුන්ගේ පියවරුන් ගෙනෙන පිණිස මා ඔවුන්ගේ අත ඇල්ලූ දවසේදී ඔවුන් සමඟ කළ ගිවිසුම වාගේ නොවේය; මම ඔවුන්ට ස්වාමිපුරුෂයෙක්ව සිටියෙම් නුමුත් ඔව්හු ඒ මාගේ ගිවිසුම කඩකළෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
ස්වාමීන්වහන්සේගේ වැඩ අලසකමින් කරන්නාට ශාපවේවා, ලෙයින් තමාගේ කඩුව වලක්වාගන්නාටත් ශාපවේවා.
මේ ව්‍යවස්ථාවේ වචන ඉෂ්ටකරන පිණිස ඒවා ස්ථිර නොකරන්නාට ශාප වේවා. එවිට මුළු සෙනඟ: ආමෙන් කියත්වා.